~

එදා ‘අයියෝ සිරිසේන‘ කී උන්ට තානාපතිකම් පුදන විට අද ‘අයියෝ සිරිසේන‘ කියන්න වී තිබෙන්නේ අපට ය

(ලංකා ඊ නිව්ස් -2017.මැයි.10, පෙ.ව‍.4.00) එදා ජනාධිපතිවරණයේදී මෛත්‍රීපාල සිරිසේනට අඩි 6 ක් යට වැළලෙන්නට ඉඩ නොදී  අප ඔහු කරේ තබාගෙන තරඟය දුවද්දී සිරිසේනට ‘අයියෝ සිරිසේන‘ යි අපහාස කතා කියූ අය බොහෝ දෙනෙක් අද සිටින්නේ සිරිසේන සෙවනේය. එදා ඔහුට පන්න පන්නා පහර දුන් මාධ්‍ය මුදලාලිලාද අද සිටින්නේ සිරිසේන සමග ය. එදා මහින්දගේ හානාපතිලා අද සිරිසේනගේ තානාපතිලා වී සිටිති. ඒ අතර එදා තානාපතිව සිට මහින්ද රාජපක්ෂගේ ඡන්ද ව්‍යාපාරය වෙනුවෙන් රාජකාරී නිවාඩු ලැබ ලංකාවට පැමිණ ඡන්ද වැඩ කළ ජර්මනියේ තානාපති කරුණාතිලක අමුණුගම සහ වොෂින්ටනයේ තානාපති ප්‍රසාද් කාරියවසම් ගෙදර යන වයස අවසන්වී ද තවමත් තානාපතිකම් කරන්නේ මෛත්‍රීගේ පිහිටෙනි. 

එදා මහින්ද රාජපක්ෂට රෙදි නැතිව කඩේ ගිය හිටපු ඇමති අතාවුදගේ සහ ඔහුගේ වනචර පුත්‍රයා ජර්මනියේ සහ නෙදර්ලන්තයේ තානාපති වශයෙන් කටයුතු කෙළේය. රාජපක්ෂලාගේ රෙද්ද අස්සේ සිටි බුද්ධි අතාවුද නැමති මේ මන්ද බුද්ධිකයාව එදා උන්ගේ ‘අයියෝ සිරිසේන‘ විසින්ම ප්‍රංශයේ තානාපති ලෙස නම් කරන්නට සුදානම් වීම නම් හිරිකිත ය. මෙම පුද්ගලයා හැබෑවට සිටිය යුත්තේ හිර ගෙදරක බව ජනාධිපති සිරිසේන නොදන්නවා විය යුතුය. ඒ මේ මන්ද බුද්ධිකයා කාන්තාවන්ට ලිංගික හිංසනය කිරීම නිසා ය. වරක් ඔහු විසින් තානාපති කාර්යාලයේ සේවිකාවකට ලිංගික හිරිහැර කිරීම ගැන එම කාන්තාව විදේශ අමාත්‍යංශය වෙත සියලු කරුණු සහිතව ලිපියක් ඉදිරිපත් කළ ද ඔහුට සිදුවූ දෙයක් නැත. සිදුවූයේ වින්දිත කාන්තාව එම ස්ථානයෙන් මාරු කර හැරීම ය. එම කාන්තාව විසින් පටිගත කරන ලද බුද්ධි අතාවුද විසින් ඇය හමුවේ කරන ලද අමන ප්‍රකාශ ද විදේශ අමාත්‍යංශය වෙත ලැබිණ. ඒවා විදේශ අමාත්‍යංශයේ එක්තරා නිලධාරියෙක් සතුව ඇත. කාන්තාවන්ට හිරිහැර කිරීම පමණත් නොව මහජන දේපල අයථා භාවිතය ගැන ද ඔහුට විවිධ චෝදනා ඇත. එහෙත් ජනාධිපති වීමෙන් පසු දූෂිතයන් කප්පරක් තනතුරු වලින් පිදූ යහපාලන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිරගෙදර සිටිය යුතු මන්ද බුද්ධිකයාව ද ප්‍රංශ තානාපති කරන්නට තීරණය කර ඇතැයි දැන ගන්නට ඇත. 
 
සිරිසේන ජනාධිපතිගේ තවත් සගයෙක් වන රා බේරුවෙකු වන වත්මන් ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි ජර්මනියේ තානාපති වශයෙන් පත් කිරීමට යන බව ද ජනාධිපති ලේකම් කාර්යාල ආරංචි මාර්ග තහවුරු කරයි. මොහු වැනි බේබද්දෙක් එවන් වැදගත් රටකට පත් කිරීම තුළින් ලංකාවට සිදුවන යහපතක් නැත. ඇත්ත වශයෙන්ම යුරෝපයේ ප්‍රධාන සහ බලවත් රටක් වන ජර්මනියට අවශ්‍ය වන්නේ ඒ රටින් ලංකාවට අවශ්‍ය ආධාර උපකාර ගැනීමට හැකි අයෙක් මිස පොලොන්නරුවේ කොල්ලන් බල්ලන් සමග ගස් යට රා බී නිදාගත් පිස්සු වාහේ කෙනෙක් නොවේ. අද ජර්මනියේ තානාපති කාර්යාලයේ දෙවන නිලය දරන්නේ ද සිරිසේනලාගේ ගෙදර හරක් බැලූ අයෙකි.

ඒ.එස්.පී. ලියනගේ නැමති හොර තක්කඩියාද එවන් එකෙකි. ඔහු දැන් කටාර්හී තානාපති කම් කිරීම පසෙක තබා තමන්ගේ ව්‍යාපාරය දියුණු කරන්නට දුව පැන ඇවිදින බව දැන ගන්නට ඇත. අද ඔහු ගෘහ සේවිකාවන්ට පවා තමන්ගේ ඉඩම් විකිණීමට උත්සාහ දරයි. ඔහු වැඩිපුර සිටින්නේ ලංකාවේ තමන්ගේ ව්‍යාපාරවල නියුතු වෙමින් මිස කටාර්හි තානාපති කාර්යාලයේ නොවේ. වංචා කාරයෙක් ලෙස හිරේ විලංගුවේ පවා සිටි ඒ.එස්.පී වැනි රාජපක්ෂලාගේ හොර තක්කඩියෙකුටත් යහපාලන ආණ්ඩුව යටතේ තානාපති ධූර දෙයි නම් අද ‘අයියෝ සිරිසේන‘ කියන්න වී ඇත්තේ අපටය.  


-ඩිප්ලොමැට්ටා -

---------------------------
by     (2017-05-09 22:48:38)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  2 discussion on this news

Sirisena betrayed his supporters big time, we will never support him hereafter. since you don't punish the rogues from Mahinda regime, we will support Mahinda to take revenge from you for making false allegations,
-- by kkumar on 2017-05-10

Agree with the comments of KKumar. We are thoroughly disgusted. President should check the pedigrees and the capabilities of these gentlemen before appointing them for diplomatic missions.
-- by Gratiaen Hewa on 2017-05-10

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links