~

බලහත්කාරයෙන් පාසැල් දරුවෙකුගේ ලේ රැගෙන පළා ගියේ කව්ද ?

(ලංකා ඊ නිව්ස් -2017.මැයි.08, ප.ව‍.8.34) නාඳුනන පුද්ගලයෙකු එකලොස් හැවිරිදි පාසල් සිසුවෙකුගේ අතේ  ඇඟිල්ල විද බලහත්කාරයෙන් ලේ ලබා ගෙන පළා යාමේ සිද්ධියක් පිළිබඳව කින්නියා  පොලීසිය පරීක්ෂන පවත්වයි.

කින්නියාව මහරුෆ්නගර් අංක 03  ගමේ පදිංචි  නූර් ලෙබ්බේ සදාත් නමැත්තා පසු ගිය සිකුරාදා  (5 දා) කළ පැමිණිල්ලකට අනුව විමර්ශණ කටයුතු සිදු කරන බව පොලිසිය කියයි.

“පාසලේ සිට ගෙදර ආ මගේ පුතා මට කිව්වා විවේක වෙලාවේ එයා තනියම පිටිටනියේ ඉන්න කොට කාර් එකකින් ආ කවුදෝ නාඳුනන මාමා කෙනෙක් එයාගේ ඇඟිල්ලකට කටුවකින් ඇනලා ලේ අරගෙන ගියා කියලා“ නූර් ලෙබ්බේ ගේ  පැමිණිල්ලේ සඳහන් වේ.

සිද්ධිය ගැන පැමිණිලි කිරීමෙන් පසු එදිනම කින්නියා රෝහලට ඇතුලත් කර ඇති මෙම දරුවා පසුව ත්‍රිකුණාමල රෝහලට මාරු කර යවා ඇත. වාට්ටුවේදී දරුවාගෙන් ලබාගත් රුධිර සාම්පලයේ වාර්තාව  තමාට තවමත් ලැබී නැති බවත්, 07 වැනි දා දරුවා රෝහලෙන් පිටව ගිය බවත්, ත්‍රිකුණාමල රෝහලේ වෛද්‍ය  අධිකාරි අනූෂිකා රාජ් මොහාන්  08 දා සවස ලංකා ඊ නිව්ස් වෙත පැවසුවා ය.

වාර්තාව - ආර් ජී ධර්මදාස විසිනි 

---------------------------
by     (2017-05-08 15:27:40)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links