(ලංකා ඊ නිව්ස් -2017.මැයි.03, පෙ.ව.10.40) රාජපක්ෂගේ ඒකාබද්ධ කල්ලියේ ගාල්ල දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක වූ ගීතා කුමාරසිංහගේ මන්ත්‍රීධූරය අහෝසි කරමින් ඇයට පාර්ලිමේන්තු මන්ත්‍රීධූරයක් දැරීමට අයිතියක් නැතැයි අභියාචනාධිකරණය විසින් මීට ස්වල්ප මොහොතකට පෙර තීන්දු කෙළේය.
ද්විත්ව පුරවැසියන්ට ලංකාවේ පාර්ලිමේන්තුවේ මහජන නියෝජිතයෙකු විය නොහැකි බවට 19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් ගෙන ආ නීතිය උල්ලංඝනය කරමින් ඇය ස්විට්සර්ලන්තයේ සහ ලංකාවේ පුරවැසි භාවයන් සහිත ද්විත්ව පුරවැසි භාවයක් තිබියදී පසුගිය 2015 අගෝස්තු පාර්ලිමේන්තු මැතිවරණයට තරඟ කර තිබිණ. මේ බව හෙළි වීමෙන් පසු අභියාචනාධිකරණයට ඒ ගැන පෙත්සමක් ඉදිරිපත් කරන ලද අතර එය විභාගයට ගත් අභියාචනාධිකරණය අද තීන්දුව ප්‍රකාශයට පත් කෙළේය.
පෙත්සම ඉදිරිපත් කිරීමෙන් පසුව ඇය ස්විට්සර්ලන්ත පුරවැසි භාවය ඉවත් කර ගත් නමුත් ඇය ඡන්දය ඉල්ලන අවස්ථාවේදී ද්විත්ව පුරවැසියෙක් වීම නිසා ඇයගේ මන්ත්‍රීධූරය අහෝසි විය.
ගීතා පාර්ලිමේන්තුවට පත් වූයේ ප්‍රථම වරට ය. ඇය මනාප 63,955 ක් ලබා ගෙන තිබිණ. නීතිය අනුව දැන් ඇයගේ පුරප්පාඩුවට පත් වන්නේ ඊලඟට මනාප ලබා ගෙන සිටින පියසේන ගමගේ මහතා ය. ඔහු ලබා ගත් මනාප සංඛ්‍යාව 47,247කි. පියසේන ගමගේ මහතා මෛත්‍රී පාක්ෂිකයෙකි. ඒ අනුව ඒකාබද්ධයට තවත් මන්ත්‍රීධූරයක් අඩු විය.
---------------------------
by (2017-05-03 05:33:38)
Leave a Reply
The Government should recover the money this woman has siphoned from the public by cheating and she should be punished for her fraud!
-- by api on 2017-05-03
දැන් මෙයාට 2015 අගෝස්තු ඉඳන් ගෙවපු මන්ත්‍රී වැටුපයි, ගෙවල් කුලීයි, ජංගම හා ස්ථාවර දුරකථන දීමනායි, කාර්ය මණ්ඩල දීමනායි අනිකුත් දීමනායි, නැවත අය කර ගන්නවාද? ඒ වගේම මෙයාට දීපු තීරු බදු රහිත වාහන බලපත්රෙන් රජයට අහිමි වූ රුපියල් කෝටියකට ආසන්න බදු මුදල අය කර ගන්න පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශය කටයුතු කරනවාද? තොරතුරු දැන ගැනීමේ පනතින් මහජනයාට ලබා දී ඇති අයිතිය අනුව මට මෙයට පිළිතුරක් කවුරුහරි ලබා දෙනවාද?
-- by gama-amunu on 2017-05-03
me,waage patta panduru wal balliyonta mahajana mudal gasaakanda ida dunnu para balu heththatath nadu daanda o ne. MaRa paalane hati yasata penawa. horakama NO. 1. hena gahapalla me.hethikare okkotoma. henama gahapalla. wena vikalpayak naa.
-- by Heneyaa on 2017-05-04
රටට හොඳ විදේශ ඇමති කෙනෙක් ඉඳිත්දී ඒ තනතුරට කෙල හලමින්, තමාගේ විෂය පථයෙන් බාහිර දෙයක් වන විදේශ ප්‍රතිපත්තියට අදාල කරුණු ගැන පුවත්පත් සාකච්චා පවත්වන, මහජන චන්දෙන් පැරදුනත් පිනට ලැයිස්තුවෙන් ඇමති කමක් ගත්, වෙනත් රටක පුරවැසියකු වන තවත් කෙනෙක් පාර්ලිමේන්තුවේ ඉන්නවා. බස්නාහිර පළාතේ දිස්ත්‍රික්කයක චන්දදායකයන් කීප දෙනෙකුටත් නඩු යනවා නම් ඔන්න නඩු නිමිත්තක් තියෙනවා.
-- by nihal on 2017-05-05
තම රැලේ එකියක් කවුන්සලේට යවමින් ගාල්ල දිස්ත්‍රික්කයේ ඇතැම් වෘෂභ චන්දදායකයන් සිදු කර තිබු වරද නිවැරදි කිරීමට අධිකරණ ක්‍රියාමාර්ග ගත් ගාල්ල දිස්ත්‍රික්කයේ බුද්ධිමත් චන්දදායකයන් දෙදෙනාට අපගේ උපහාරය!
-- by nihal on 2017-05-05
මෙම ද්විත්ව පුරවැසි භාවය පිළිබද නීතිය සාධාරණ නොවේ. ලංකාවේ දේශපාලකයන්ගේ නොමේරු තරම මෙයින් මොනවට පැහැදිලිවේ. පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට ශ්‍රී ලාංකික පුරවැසියෙකු වීම පමණක් ප්‍රමාණවත් නොවේද ?
ජාත්‍යන්තරය හා සමව ගැටීමට කතා කරන නුතන දේශපාලනඥයා , ලංකාවේ පුරවැසිභාවයට අමතරව තවත් රටක පුරවැසිභාවය ලබාගැනීම අරුමයක් ලෙස සැලකීම හාස්‍යට කරුණක් !!
-- by dri on 2017-05-12
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි