~

“කුණු කන්ද සමූහ මිනීවලක් වන තුරු විසඳුවේ නෑ“ චෞරරජා බොක්කෙන් ඉකිගසයි: වනචර දශකයේ කිඹුල් කඳුලු වලට පිළිතුරු

ගානි වාසුහේවාගේ සටහනක්

(ලංකා ඊ නිව්ස් -2017.අප්‍රේල්.19, ප.ව‍‍‍.8.35) කිඹුලා කන එක උපරිම වීරියෙන් ඉවසා දරා සිටින ජනයාට ඉවසාගත නොහැක්කේ කොහිල කටු ඇනෙන එකය. එක එකාට බලය දීම නොව ඔවුන්ගෙන් වන විඳවීම සහගහන සේ ය. ජනතාව යනු කුණු යයි සිතමින් ඔවුන් ඉච්ඡා බසින් සනසවමින් කප්පරක් සිහින පොරොන්දු දෙමින් තම බඩගෝස්තරය වෙනුවෙන් දිවා රෑ වෙහෙසෙන අමන තකතීරු දේශපාලු අම්බරුවන්ට එරෙහිව සාතිශය ජනතාව නැගී සිටීමේ කාලය වේගයෙන් පැමිණ ඇත.

ජනතාවට අනන්ත අප්‍රමාණ දුක් කන්දක් වූ ද, ලෙඩ රෝග කන්දක් වූ ද නමින් මීතොටමුල්ල කුණු කන්ද අමන දේශපාලුවන්ට සුරබි දෙනක් විය. පවිත්‍ර බව පෙන්වීමට සුදෝ සුදෙන් සැරසී නමුත් අපවිත්‍ර සිතින් ලංවී කුණුවලින් බැටකන ජනයාට සමීප වී ඔවුන් ස්වයංවින්දනයට ලක්කර මනාප ගොඩ රැගෙන නගර සභාවට පළාත් සභාවට පාර්ලිමේන්තුවට යන මේ පිරිසට ඉන්පසු දුක් විඳින මිනිසුන් ගැන වගේ වගක් නැත. ජීවිත කාලයෙන් හරි අඩක් යැයි සැලකිය හැකි වසර 30 ක් මේ පාපතර අමන ක්‍රියාව කරමින් මේ දේශපාලූවන් සිදුකර ඇති ව්‍යසනය පුපුරා ගිය මොහොතේ ජනයාට වූ හදිය ගැන සොයා බැලීමට තරම්වත් තෙතමනයක් සමහරුනට නොතිබුනි. නගර සභාවේ සිට නරකාධිපතිවරු හරහා දියවන්නාව මැදින් ජනපති දක්වා මෙහි වගඋත්තර කරුවෝ වන්නාහ. ඒ සමගම, කුණු අසංවිධිතව බැහැර කළ මුල් අවස්ථාවේම එයට එරෙහි නොවී කුණු වලින් ආදායම් සෙවූ මෙහි පදිංචි ජනතාවද මේ ව්‍යසනයේ හරි හරියට පංගු කාරයන් බව අකමැත්තෙන් වුව සඳහන් කළ යුතුය. 

පක‍ෂ දේශපාලනයෙන් වශී වී සිටින අඳ බාල ජනයා තමන්ගේ පාට දේශපාලනය සිදුකරන ඕනෑම අමන ජඩ ක්‍රියාවක් සතුටින් වැළඳ ගැනීමේ ප්‍රතිඵලයක් ලෙස ද මෙය පෙන්විය හැකිය. තමන්ගේ මනාප පාලකයන් නිසා කුණු දැමීමට එරෙහි නොවන ජනයා තමුන්ගේ වල උන්ගේ උදව්වෙන් තමන්ම කපාගන්නා බව හෝ තේරුම් ගෙන තිබුනේ නැත. 

පැය විසිහතරෙන් සිංහල රාජ්‍ය භාෂාව කරපු රටක, හඳෙන් හාල් ගෙනැත් දුන් රටක, එක රැයින් ධර්මිෂ්ඨ සමාජයක් බිහිකරපු රටක, නැති බැරි එකා ඇති හැකි එකෙක් කරපු රටක, දූෂිතයන් ගෝල්ෆේස් පිට්ටනියේ ප්‍රසිද්ධියේ එල්ලා මරපු රටක, දැණුමේ අරකේ මේකේ කේන්ද්‍රස්ථානය කළ රටක, ආශ්චර්ය හිස් මුදුනට ගොඩ නැගූ රටක, විධායක ජනපති ක්‍රමය හතර වතාවක් අවසන් කර පස්වන වරටත් අවසන් කිරීමට තටමන රටක,  දැහැමි සමාජය වස විසෙන් තොර කළ රටක, යහපාලනය දෙකොනෙන් බේරෙන්න පිරිනැමූ රටක, උන්ගේ සකල සබ්බ කුණු කන්දල් ගොඩ ගැසුවේ ජනතාවගේ හිස මතය. එම රටේ හැමතැනකටම වඩා මීතොටමුල්ල ජනයා අද විශේෂ වී ඇත. මන්ද අනුන්ගේ කුණු කන්දල් වල සෘජු ගොදුරක් බවට ඔවුන් පත්ව ඇති නිසාය. 

අතීතයේ සිට දළු මල් ලා පැතිර ආ බොරුවෙන් ආලේපිත වූ සුමුදු මට සිලුටු පොරොන්දු මෙවරත් දෝර ගලමින් මරික්කාර්ලා, හිරුණිකාලා දියවන්නා දිව්‍ය ලෝකයට සැපැත් වූහ. ඔවුන් පමණක් සලකා අනෙක් අය ඉවත ලෑමට තරම් අපි කුහක විය යුතු නැත. සුසිල් ප්‍රේමජයන්ත්ලා, චම්පිකලා, දිනේෂ්ලා, විමල්ලා, ලොකුගේලා, ගම්මන්පිලලා, හර්ෂලා, සුජීවලා, පලාත් සභා වසුරුලා ද ආදි කොළඹින් ගොඩ ගිය මෙකී නොකී පිරිස මේ ව්‍යසනයේ සම පංගුකාරයෝය. ඉවත දමන දැහැටි සේ සලකා ක්‍රියා කළ මීතොටමුල්ල ජනයාගේ අවසන් හුස්ම පොද අද දින වාතලයට මුසුවන්නේ විෂ වායුවක් ලෙසිනි.

අරයාද මෙයාද නොව හැම පාලකයෙක්ම මෙම දුෂ්ඨ තිරශ්චීන ව්‍යසනයේ වගකීම භාරගත යුතුය. කුණු කන්ද ඉවත් කරන ලෙස ඉල්ලා සටන් මගට වන් ජනයාට පහර එල්ල කළ පොලිසියටත්, ඔවුන් මෙහෙයවන ලද දේශපාලුවන්ටත් මීතොටමුල්ල ජනයාගේ සාපය වැදීම නොඅනුමානය. 

මා මුලින් පැවසූ දෙයක් ඇත. කිඹුලා කද්දී දැනෙන වේදනාවට වැඩි වේදනාවක් කොහිල කටු ඇනෙද්දී ජනයාට දැනෙමින් පවතින බවය. මී කුණෙන්ද පොහොසතෙක් විය හැකි බව දන්නා මේ පිරිස මෙම කුණු කන්දෙන් තවමත් ඉසුරු සොයති. වසර 20 ක් පමණ කොළඹ දේශපාලනය කර වාසි පැත්තට පනිමින් පරම්පරා හතකට සම්පත් ඉපැයූ ගාමිණි ලොකුගේ තම අධෝමුඛය විවර කරමින් “මේ කුණු කන්ද පුත්තලමේ හාරා ඇති වළවල්වලට දැමීමට එම කුණු පාර්සල් කර දුම්රියෙන් ගෙනයාමට වැඩ පිළිවෙලක් රාජපක‍්ෂ අපේ ආණ්ඩුවෙන් සූදානම් කර තිබුනද රජය බිඳ වැටීම නිසා එය ඉටු කිරීමට නොහැකි වූ“  බව පවසයි. මේකාගේ වලවල් පිරවීමට මේ රට නැවත මුන්ට භාරදිය යුතුද? මෙයින් සිදුවනුයේ මෙවන් අමන කතා පවසන අපත ජීවියෙක් බව නොදැන මොහු මෙළොවට බිහිකළ ඔහුගේ මෑණියන් වහන්සේ ජනයාගේ සාපයට ලක්වීමය. 

මහින්ද යුගයේදී ප්‍රසන්නලාට කොඩිකාරලාට යට වී වැලේ වැල් නැතිව සිට, එජාපයේ බලයෙන් මහින්ද පළවා හැර මෛත්‍රී පත්කළ විට පිං පතා නිදහස් කළ ගවයෙක් ලෙස මහ ඇමති කමට පත් ඉසුරු දේවප්‍රිය නම් වසුරුවා මේ මහා ඛේදවාචකය දේශපාලන විහිළුවකට ගෙන හැසිරීම නොහොබිනා මෙන්ම ඉතා ශෝචනීය ය. ඔහු පවසනුයේ මෙම කුණු කන්ද ඉවත් කිරීම නතර කළේ අගමැති ඇතුළු යූඇන්පී නඩය බවය. මේ ගවයාට නොහැකි නම් ගවයාගේ හිමිකරුවා හෝ මෙහි සත්‍ය ජනයා ඉදිරියට දිය යුතුය. 

මුඛය වසා ගෙන සිටින තාක් ඕනෑම මෝඩයෙක් පණ්ඩිතයෙක් වනවා සේම අධෝමුඛය විවර කරන ඕනෑම අමනයෙක් මුළු සමාජයක්ම හිනස්සනවාට එහා ගොස් මුළු රටම ගඳ ගස්සනවාය. ආත්මය නිරුද්ධ වී ඉමිටේෂන් රූපය පමණක් විද්‍යාමාන වන මැදමූලන චෞර රජා තමන් වසර 10 ක් හදා වඩා ගත් මීතොටමුල්ල කුණු කන්ද යට දේශනාවක් කර ඇත. “කුණු කන්දක ප්‍රශ්නයක් සමූහ මිනීවලකට පත්වන තුරු විසඳාගන්නට නොහැකිවීම ඉතාම ඛෙදනීය තත්ත්වයක්. මහා බෝම්බයක් දාපු වෙලාවෙ ඇෆ්ගනිස්ථානයෙ මැරුනෙ 36 දෙනයි. කුණු කන්දකින් ජනතාව 30 කට වැඩි ප්‍රමාණයක් මිය ගිහිං. ආණ්ඩුව දැන්වත් මේ ගැන ක්‍රියාත්මක විය යුතුයි.“ මහින්ද රාජපක්ෂ පවසා තිබේ.

සයිටම් මෙන්ම කුණු කන්දත් වසර 10 ක් පමණ රකිමින් තමන් මහරජා යයි පූචානම් දොඩමින් සිටියා මිසක කුණු කන්ද ඉවත් කිරීම වෙනුවෙන් කළේ මොන කෙංගෙඩියක් ද? යන්න විමසිය යුතුව ඇත. කුණු ප්‍රශ්නය විසඳීමට පැමිණි මැලේසියානු සමාගමෙන් කෝටි ගණන් මුදල් ගරාගෙන මැලේසියානුවන්ට වැඩේ අතහැර යන්නට වැඩ සැලැස්වූ රාජපක්ෂ දැන් සුදනා වීමට හදයි. සමූහ මිනී වලවල් ගැන නන් දොඩවන මහරජාලා පවුල් පිටින් එක්ව මුළු රටක්ම සමූහ මිනී වලක් කිරීමට ගිය ගමන ගැන ජනතාව නොදන්නේද? ඔහු පවසන ඇෆ්ගනිස්ථානයේ මියගියා යයි කියන 36 දෙනාගේ වාර්තාව රාජපක‍්ෂ පවුල සුදු වෑන්වලින් පමණක් බිඳ හෙලා ඇති බවද ජනයා හොඳින් දනී. 

“අපි ඉස්කෝලෙ යන කාලෙ තිබුණ කුණු මෝල. හැමදාම එතනට අරගෙන ගිහිල්ල පුච්චනව“ යනුවෙන්ද මහින්ද රාජපක්ෂ පවසයි. ඇයි කුණු මෝල වගේම ඒ කාලෙ තිබුණ ‘හුණු මෝල්‘ වලත් ගැබ්බර තරුණ රූමත් තරුණියන් පිළිස්සුනා නේද? යි විමසිය යුතුය

මහඇමතිව සිටියදී ප්‍රදේශයේ ඉඩමක් විකිණිමේදී කෝටි ගණනක කොමිස් මුදලක්  බිරිඳ සමග එක්ව යටිමඩි ගැසූ සිද්ධියක හඬ පට පවා ප්‍රසිද්ධවී තිබියදී සුද්දවන්තයෙකු ලෙස පෙනී සිටින ප්‍රසන්න රණතුංග නම් තක්කඩියා මීතොටමුල්ල කුණු කන්දෙන්ද කොමිස් ගිල දැමූ නරුමයෙකි. එවන් (අ)ප්‍රසන්නයා පවසනුයේ “මහින්ද සකස්කර තිබූ සැලසුම් මේ රජය ක්‍රියාත්මක නොකළ නිසා මේ ව්‍යසනය සිදුවූ බවය.“ මුන්ගේ වැරදි නිසා ජීවිත පූජා කළ වැසියන්ගේ මල මිනී වලිනුත් දේශපාලන වාසි ගැනීම අම්ම අප්ප පවා විකුණං කන රණතුංගලාට කජ්ජක් නොවන බව කිව යුතුය. 

මේ කුණු කන්දේ ව්‍යසනයට සම්පූර්ණයෙන් යූඇන්පී ශ්‍රී ලංකා රජයන් වග කිව යුතු යයි පවසන විජිත හේරත් ගෙන් ද විමසිය යුතු කරුණක් තිබේ. එදා ජවිපෙ ආසන 42 ක් ද සමග එජනිස රජයට එකතු වී ආච්චිට හාල් ගැරුවාදැයි විජිතගෙන් විමසිය යුතුය. 

දැන් පත අට එකට හිඳ ලොඳ පනින පොරටෝක් දෙන අවලම් කමෙන් මරාටද නොදෙවෙනි රටේ අවාසනාවට පත්වූ අගවිනිසුරු සරත් සිල්වා නම් තකතීරු නරුමයාගේ අමන තීරණද මේ ව්‍යසනයට බලපා ඇති බව කිව යුතුය. 

කසල ප්‍රතිචක්‍රීයකරණය කිරීමට කිලෝවට රුපියල් 7 ත් 10 ත් අතර වියදමක් යන බැවින් එය නොකෙරෙන බවක් චම්පික රණවක මෙගාපොලි ඇමතිවරයා පවසා ඇත. එම මිල අනුව මෙට්‍රික් ටොන් එකකට රුපි. 7000 ක් වැයවන අතර ටොන් 1000 කට වැය වනුයේ ලක‍්ෂ 70 කි. ඉතිං රණවක මහත්තායෝ ජනතා බදු මුදලින් ගෙන්වන කෝටි තුන හමාරක් පමණ වන එක වාහනයක් අවලංගු කර එය ඉටු කළ නොහැක්කේ ඇයි.? ව්‍යසනයකින් පසුව ගෙවන වන්දි මුදල් පවා ඒ අනුව ඉතිරි කර ගත හැකිය. අනෙක් අතට ප්‍රතිචක්‍රීයකරණයෙන් පසු නිෂ්පාදනය වන බලශක්තියද ඇතුළු නිෂ්පාදන වලට වටිනාකමක් නොමැතිද? රණවකගේ මහා ඉංජිනේරු මොළයේ තරම මෙයින් සිතා ගත හැකිය. චම්පික රණවක මේ ආණ්ඩුවේ වසර දෙකේ මෙගාපොලි ඇමැතිකමට පෙර පසුගිය වනචර දශකයේ පරිසර ඇමැතිද බලශක්ති ඇමැතිද ලෙස ක්‍රියා කරමින් මෙම ප්‍රශ්ණයට ඍජු සම්බන්ධයක් තිබූ ඇමැතියෙක් බැවින් ඔහුගේ තක්කඩි කම මෙහිදී කැපී පෙනේ.

නිදහසින් පසු (ඇත්තටම නිදහස ලැබුණේ ජනතාවට නොව දේශපාලුවන්ටය) තවමත් මෙරට කුණු කළමනාකරණය කරගැනීමට නොහැකි අමනයන් පිරිසක් අපේ පාලකයන් වී තිබීම අපේම අහේතුවය. මන්ද සුනාමියෙන් බැට කෑ, සාමසර කන්දෙන් පීඩාවට පත්, සාලාවේ විනාශයෙන් වේදනා විඳින ජනයාගේ ජීවිත තවමත් ගොඩ නගා නැත.  සුපුරුදු පල් හෑලි දිවා රෑ දෙසා බාමින් සියල්ල කාලයේ වැලිතලාවට යටවීමට ඉඩ හැර ඇත. ජනයා සිය වේදනාවන් තනි තනිව විඳ ගද්දී ඒවා නිර්මාණය කළ පාලකයෝ සුර සැප වළඳති. අපට දිගින් දිගටම මෙසේ ලිවීමට සිදුව ඇත්තේ ඒ ඛෙදවාචකයයි. එයින් මිදීමට ජනයා පස්මහ බැලුම් බලමින් සිටින තාක් කල් සිදුවනු ඇත්තේ කිඹුලුන්ගෙන් ගැලවුනද කොහිල කටු වලට බිලි වීමටය. 

-ගානි වාසුහේවා විසිනි-      

---------------------------
by     (2017-04-19 15:13:07)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  8 discussion on this news

2020 මැතිවරනයෙන් මේ රටේ ජනතාවගේ දෛවයත්... දේශපාලකයාගේ ඉරනමත්... තීන්දු කරනා බව සපත කරමි. සෝභිතාවතාර - 2017/04/14
-- by sobithawathara on 2017-04-19

මහින්ද රාජපක්ෂ කට ඇරපු ගමන් මොලේ බිමට වැටෙනෝ.....
-- by සමරෙ on 2017-04-19

ඇෆ්ගනිස්ථානයේ මියගියා යයි කියන 36 දෙනාගේ වාර්තාව රාජපක‍්ෂ පවුල සුදු වෑන්වලින් පමණක් බිඳ හෙලා ඇති බව ජනයා හොඳින් දනී.
-- by සීතා on 2017-04-19

අනේ මහින්දයගෙ මොලේ හිරගෙදර සමූල ඝාතනයට කලින් වැඩ කරා නං....!
-- by Jayantha Dias on 2017-04-19

“අපි ඉස්කෝලෙ යන කාලෙ තිබුණ කුණු මෝල. හැමදාම එතනට අරගෙන ගිහිල්ල පුච්චනව“ යනුවෙන්ද මහින්ද රාජපක්ෂ පවසයි. ඇයි කුණු මෝල වගේම ඒ කාලෙ තිබුණ ‘හුණු මෝල්‘ වලත් ගැබ්බර තරුණ රූමත් තරුණියන් පිළිස්සුනා නේද? යි විමසිය යුතුය
-- by Prasad Silva on 2017-04-19

මහඇමතිව සිටියදී ප්‍රදේශයේ ඉඩමක් විකිණිමේදී කෝටි ගණනක කොමිස් මුදලක් බිරිඳ සමග එක්ව යටිමඩි ගැසූ සිද්ධියක හඬ පට පවා ප්‍රසිද්ධවී තිබියදී සුද්දවන්තයෙකු ලෙස පෙනී සිටින ප්‍රසන්න රණතුංග නම් තක්කඩියා මීතොටමුල්ල කුණු කන්දෙන්ද කොමිස් ගිල දැමූ නරුමයෙකි. එවන් (අ)ප්‍රසන්නයා පවසනුයේ “මහින්ද සකස්කර තිබූ සැලසුම් මේ රජය ක්‍රියාත්මක නොකළ නිසා මේ ව්‍යසනය සිදුවූ බවය.“ මුන්ගේ වැරදි නිසා ජීවිත පූජා කළ වැසියන්ගේ මල මිනී වලිනුත් දේශපාලන වාසි ගැනීම අම්ම අප්ප පවා විකුණං කන රණතුංගලාට කජ්ජක් නොවන බව කිව යුතුය.
-- by Napunsaka on 2017-04-19

සයිටම් මෙන්ම කුණු කන්දත් වසර 10 ක් පමණ රකිමින් තමන් මහරජා යයි පූචානම් දොඩමින් සිටියා මිසක කුණු කන්ද ඉවත් කිරීම වෙනුවෙන් කළේ මොන කෙංගෙඩියක් ද? යන්න විමසිය යුතුව ඇත. කුණු ප්‍රශ්නය විසඳීමට පැමිණි මැලේසියානු සමාගමෙන් කෝටි ගණන් මුදල් ගරාගෙන මැලේසියානුවන්ට වැඩේ අතහැර යන්නට වැඩ සැලැස්වූ රාජපක්ෂ දැන් සුදනා වීමට හදයි. සමූහ මිනී වලවල් ගැන නන් දොඩවන මහරජාලා පවුල් පිටින් එක්ව මුළු රටක්ම සමූහ මිනී වලක් කිරීමට ගිය ගමන ගැන ජනතාව නොදන්නේද?
-- by ලතානි on 2017-04-19

ape calakanni gon hathikarayatame mehema venna ona. Hethuwa, munge thibena gon kama. HONDEMA VEDE une . THAWA DHE VEI IDERIYATA. SANIPADE ???????????- IRC
-- by acrperera on 2017-04-20

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links