(ලංකා ඊ නිව්ස් -2017.අප්‍රේල්.18, පෙ.ව.3.40) වසර අටක් තිස්සේ මීතොටමුල්ල කුණු කන්දට එරෙහිව සටන් කළ මිනිසුන් මියගොස්ය . තවකෙකුගේ කිසිදු ඥාතියෙකු හෝ නොමැත ඔහුන් කුණුකන්දට යටවී ගොස්ය . දැනට මියගිය සංඛ්‍යාව 30 කට ආසන්නය. අතුරුදහන් වූවන් සමග මියගිය ප්‍රමාණය 57 කට ආසන්නය . සියල්ල අහිමි කල පසු මිනි ගණන් කිරීමෙන් පලක් නැත. මළ මිනියකට ලක්ෂයක් ලංසුව තබා ආණ්ඩුව මෙම මනුෂ්‍ය ඝාතනයෙන් ගැලවීමට උත්සාහ කරමින් ඇත. මෙය ස්වභාවික ව්‍යවසනයක් නොව. එහි වගකීම සමස්ථ කොළඔ ජනතාවත් මෙරට ආණ්ඩු හා මෙයින් කප්පම් ගත් දේශපාලකයනුත් බාරගත යුතුය .
මෙවන් කූණු කඳු පුපුරා යාමට හැකියාවක් ඇත්තේ වර්ෂා කාලයේ ජලය කුණු කඳු මතට අධික ලෙස එක් වීමෙන් ඇතිවන නාය යෑමේ ස්භාවයන් නිසා හෝ මීතේන වායුව (CH4)එක් වී කුණු කඳු ඇතුලත සිදුවන කුඩා පිපිරීමි නිසා ඇතිවන නාය යාමෙි තත්වයන් විය හැකිය . 2005 වර්ෂයේ ජාවා හී එකසිය හතලිස් තුනකට ජීවිත අහිමි කරමින් එහි වීශාල කුණු කන්ද නාය ගියේ මීතෙන් වායුව සමග ඇති වූ පුපුරා යාම් නිසාය. එමෙන්ම 2017.03.12 වන දින ඉතියෝපියාවෙි අඩීස් අබාබා හී කුණු කන්ද පුපුරා ගොස් 120 කට වැඩි පිරිසක් මිය ගියේ මීතොටමුල්ලේ කුණු කන්ද පුපුරා නාය ගිය විලසින්මය . නමුත් මේවා උදාහරණ ලෙසවත් ගෙන ජන ජීවිත ආරක්ෂා කිරීමට මෙරට කිසිදු පාලකයෙකුට වුවමනාවක් තිබුනේ නැත.
1989 කාලයේ සිට මීතොටමුල්ලට කුණු ගෙනැවිත් දැමීමට එවකට මුල්ලේරියාව , කොළොන්නාව, කොටිකාවත්ත පළාත් පාලන ආයතන පටන් ගත් අතර එසේ කුණු දැමීම ආරමිභ කෙළේ කැළණි ගංගා නිම්නයේ ජල ගැලීම පාලනය කිරීමට තිබූ තෙත් බිමක් හා වෙල්යායකට ය.
මෙලෙස ආරම්භ වූ කුණු දැමීම 2009 වසරේ මහා පරිමාණ ලෙස සිදුකරන්නට පටන්ගත්තේ බිලුමැන්ඩල් හි කුණු දැමීම තහනම් වීමෙන් පසුවය . ඒ එවකට අග විනිසුරු සරත් එන් සිල්වා විසින් දෙන ලද නියෝගයකට නතු වෙමිනි. මුලින් මීතොටමුල්ල ප්‍රදේශයේ අක්කර 2 කින් ආරම්භ වූ කුණු දැමීම වසරින් වසර ගෙවී ගොස් 2015 වන විට අක්කර 19 ක් පුරා පැතිර ගිය මීටර් 300 කට වඩා උස දැවැන්ත කුණු කන්දක් බවට පත් විය.
මෙම ප්‍රදේශයේ කුණු දැමීමට අවසර තිබුනේ කොළඔ නගර සභාවට පමණි . නමුත් සෑම දිනකම රණාල, බියගම, කඩුවෙල ප්‍රදේශවල පුද්ගලික ආයතනවල වීෂ සහිත wmද්‍රjH මෙම කුණු ගොඩට බැහැර කරණ ලදී . ඒ රවීන්ද්‍ර උදයශාන්ත ඇතු¿ කප්පම් කරුවන්ට එක් ලොරියකින් දිනකට රුපියල් 4000 ක පමණ මුදලක් කප්පම් වශයෙන් ලබාදීමෙනි.
කෙසේවෙතත් දිනකට මීතොටමුල්ල කුණු කන්දට කුණු ටොන් 1250 කට වඩා වැඩි ප්‍රමාණයක් කොළඔ අවටින් ගෙනැවිත් දමන ලදී. මෙහි දීර්ඝ කාලීන ප්‍රතිලයක් ලෙස ජනතාව වීශාල වශයෙන් රෝගාතුරව සිටි අතර භූගත ජලය දූෂණය වීමෙි සිට නොයෙක් පාරිසරික ප්‍රශ්ණ මෙම ප්‍රදේශයේ පැන නගින්නට විය.
එය හොඳින් දැණුන මීතොටමුල්ල ජනතාව විවිධ පාර්ශවයන් දැනුවත් කිරීමි වලින් අනතුරුව 2013 වසරේත් 2015 වසරේත් උද්ඝෝෂණ වලට යොමු වූ අතර ඒවාට සවන් දෙනවා වෙනුවට පැවති හා පවතින රජයන් කළේ තම ජීවිත බේරාගැනීම වෙනුවෙන් සටන් කළ ජනතාවට කුණු වලින් කොමිස් ගන්නා මැරයන් ලවා පහර දීමය.
මීතොටමුල්ල ,කුරුණියවත්ත, දහමිපුර, 101 වත්ත, වැල්ලම්පිටිය, පන්සල් හේන. නාගහවත්ත ආදියේ ජනතාවට පහර දී රෝහල් ගතකිරීමෙන් නොනැවතී ඔවුන්ව ඝාතනය කිරීමට අවශ්‍ය වට පිටාව පැවති එජනිස රජයන් විසින් නිර්මාණය කරන ලදී .
ජනතා විරෝධයන් මධ්‍යයේ කුණු කඳු ගොඩගසමින් ඔවුන්ට සවන් නොදී මීතොටමුල්ල ජනතාව මරණයට තල්ලු කළ බලධාරීන් මීතොටමුල්ලෙන් නතර නොවී ඒකල ප්‍රදේශයේ මෙම කුණු නැවත ගොඩ ගසන්නට උත්සහ දරමින් සිටී.
කිරිඳිවෙල, මුතුරාජවෙල, කරදියාන පමණක් නොව රටපුරාම ජනතාව කුණු කඳු වලට බිලි දෙන තුරු පරිසර අමාත්‍යංශය හෝ වගකිවයුතු උදවිය කුණු ප්‍රතිචක්‍රීකරණය සඳහා ක්‍රියා කරන්නට අදහසක් නැත. වෙනත් රටකනමි කුණු යනු මහඟු සම්පතකි. එය ආදායමි උත්පාදනය වෙනුවෙන් යොදාගන්නා, බලශක්තිය උත්පාදනයට යොදා ගන්නා මහඟු සම්පතකි.
නමුත් අවාසනාවකට මෙරට බලධාරීන් කුණු කඳු ගොඩ ගසමින් එය පාතාලයේ එක් ආදායමි මාර්ගයක් බවට පත්කර ඇත. මිනිසුන්ගේ ජීවිත බිලිදෙමින් කුණු වලින් කප්පමි ගන්නා කප්පමි කරුවන් ආරක්ෂා කිරීම වෙනුවට පිටරටවලින් ගෙනෙන විද්‍යුත් අපද්‍රව්‍ය මෙරටට ගෙන ඒමට දැන් තිත තැබිය යුතුය. මෙරට එක්වන අපද්‍රව්‍ය කළමණාකරනය කර ප්රතිනිෂ්පාදනයන් සඳහා යොදාගත හැකිය. එයට අවශ්‍යය තාක්ෂණික දැනුම පරිසර අමාත්‍යංශයේ ආරම්භ වී වළලා දැමූ පිළිසරු ව්‍යාපෘතියට පණදීමෙන් ලබාගත හැකිය.
එසේ නොකර ජනතාවගේ ජීවිතයට ලක්ෂයකින් වන්දී දී මෙම ව්‍යයසනය යට ගැසීමට බැරිය . නමුත් ඉදිරියට හෝ මෙවන් දේ සිදුවීමට ඇති ඉඩ කඩ අහුරා කුණු කළමණාකරනය වෙනුවෙන් අවශ්‍ය පියවරක් දැන්වත් ගතයුතුය.
පරිසර හා සොබා දහම් මධ්‍යස්ථානය
---------------------------
by (2017-04-18 10:17:32)
Leave a Reply
[===========ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා වර්මානයේ විධායක ජනාධිපතිවරයා ලෙස හිදිමින් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙකුට හිමි ඩියුටි ෆී වාහන බලපත්‍රයක් උපයෝගී කරගෙන ජපානයේ නිෂ්පාදිත ටොයොටා ලෑන්ඩ් කෲසර් ජීප් රථයයක් සිංගප්පූරුවේ ටොයොටා සමාගමන් ඇ.ඩොලර් 62500කට ලංකා බැංකුවේ ණයවර ලිපිගොනු අංක Branch 049- Ref No: NU/P/SIL/16/217 යටතේ ඇණවුම් කොට ගෙන්වා ගෙන ඇති බව කොලම්බු ටෙලිග්රාෆ් වෙබ් අඩවියේ දැක්වෙයි.මේ සඳහා ශ්‍රීලංකා රේගුව හරහා රුපියල් 33,457,500.00. පමණ බදු සහනයක් මෛත්‍රීපාල සිරිසේන මහතාට ලබදී තිබෙන බවත් රුපියල් එක්දාස් හත්සීය පණහක් 1750/= පමණක් අයකර එම සුඛෝපභෝගි මෝටර් රථය 14/10/2016 වෙනි දින හම්බන්තොට වරාය නිදහස් කොට ගෙන ගොස් ඇතැයිද එහි සදහන්ය.=================================වර්තමාන පරිසර ඇමති මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ඔහු යටතේ පරිසර අමාත්‍යාංශය තබා ගත්තේ විධායක ජනාධිපති බලතල පාවිච්චි කොට පරිසර ප්‍රශ්න විසදීමට පමණක් බව පැවසුවත් පසුගිය වසර දෙක තුල ජනාධිපතිවරයා දිනපතා හෙලිකොප්ටර 5 ක් පමණ පිරිවරා රටපුරා කිසිම වැදගත්කමක් නැති රැස්වීම් සඳහා ගොස් “තෙල බෙදීම” හැර එකදු පාරිසරික ප්‍රශ්නයක් හෝ විසඳා නැති බව එක්සත් ජාතික පක්ෂයට හිතවත් වෙබ් අඩවියක් වාර්තා කොට ඇත.=============================================ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පාවිච්චිය වෙනුවෙන් රුපියල් හැට කෝටියකට ආසන්න වටිනාකමක් ඇති (574,270,099) සුඛෝපභා්ගී මර්සිඩීස් බෙන්ස් S600 (Customized Limited Edition) වර්ගයේ මෝටර් රථ දෙකක් ගෙනවා ඇති බව ජවිපෙ හිතවාදී අන්තර්ජාල පුවත් අඩවියක් වාර්තා කරයි. වරායේ ඇති මෙම රථ දෙක සදහා බදු සහන ලබා දෙන්නැයි ජනාධිපති ලේකම්වරයා විසින් රේගුවට කරන ඇති ලිඛිත ඉල්ලීමක පිටපත්ක්ද අදාල වෙබ් අඩවි වාර්තවේ දැක්වෙයි. අදාල මෝටර් රථ දෙකෙහි සිදු කර ඇති විශේෂ වෙනස්කම් සදහා අධික මිලක්ද ගෙවා ඇති බවත් පුවතේ සදහන්ය.==========================================ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනුවෙන් රුපියල් මිලියන 600ක වටිනාකමින් යුතු බෙන්ස් රථ ගෙන්වා ඇතැයි පැවසීම සම්පූර්ණයෙන්ම අසත්‍ය යයි මුදල් ඇමති රවි කරුණානායක මහතා පවසයි.කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු කියා සිටියේ ගෙන්වා ඇති රථයක් උපරිම වශයෙන් මිලියන 58ක් වනු ඇති බව තමන් කල්පනා කරන බවද කී ඇමතිවරයා මෙම වාහන බදු අය නොකර ගෙන්වන බවද පැවසුවේය.====================================== ===========================දකුණේ ප්‍රබල ඇමතිවරයෙකුගේ ලේකම්වරයෙක් විසින් ගිය 2016 වසරේ ඔක්තොම්බර් මාසයේදී අමිබලන්තොටදී අවුරුදු 20ක පමන තරුණියක් වරායේ රැකියාවක් ලබා දෙන බව පවසා කතරගම ප්‍රදේශයට ගෙන ගොස් අතවර කිරිමෙ සිදුවිමක් ගැන මාධ්‍ය වාර්තා පල විය. පසුව ඇමතිවරයා විසින් අදාල ලේකම්වරයා එම තනතුරෙන් ඉවත් කොට කාර්යාලයට පවා පැමිනිම තහනඹ් කර තිබින.කෙසේවෙතත් මෑතකදී ඇමතිවරයා විසින් ඔහුට සාම විනිසුරු පත්විමක් ලබාදි නැවත දේශපාලන කටයුතු වලට සම්බන්ධ කරගෙන ඇත.============ආන්ඩුවේ ප්‍රබල ඇමතිවරයෙක් විසින් ඉදිරි කරනු ලබන නව නිවසකට යුරෝපා රටකින් ටයිල් කන්ටේනර් දෙකක් ගෙන්වා තිබේ.ජයවර්ධනපුර ප්‍රදේශයේ ඉදිකරනු ලබන මෙම නිවසේ දල ඇස්තමේන්තුව රුපියල් කෝටි 20 ඉක්මවා ඇති බවද වාර්තා වෙයි.=====================වත්මන් ආණ්ඩුවේ ප්‍රබල තරුණ ඇමැතිවරයෙක් දැනට මාස ගනනාවක සිට විනෝදාත්මක පැත්තට බර වී ඇතැයි වාර්තා වෙයි.මෙම තරුණ ඇමති කඩවසම් පෙනුමක් ඇත්තෙු වන අතර ඔහු රුවැති තරුණියන් හා නිතරම රාත්‍රී සමාජ ශාලාවල මධුවිත පානය කරමින් නටමින් ගයමින් සිටිනු බොහෝ දෙනෙකු දැක ඇත .ඇමති ධුරය බාර ගත් දිනවල මොහු බොහෝ උද්යෝගයකින් පසුවුවද මේ වන විට රාජකාරි කටයුතු පසෙක ලා විනෝදයට බර වී සිටී.තතු දත් අය පවසන්නේ ඇමතිවරයා එක් රූමතියක් සමග දෙවරක් සමාජ ශාලාවලට නොයන බවත් එක් එක් දවසට වෙන වෙනම රූමතියන් උවමනා බවත්ය.=============== ] =================මේ රටේ ජනතාවට මොන මගුලක් වෙලා හෙන ගහල ගියත්, කුණු එක ගොඩක් නෙවෙයි ගොඩවල් 100 කට යටවෙලා 100000 ක් මැරුණත් , හොර , බොරුකාර, කපටි දෙසපාලුවන් කොටි ගණන් හොරකම් කොර කොර , ජනතාවට සුරඟන කතා කියා කියා සුර සැප විඳ විඳ හොර බොරුවෙම්ම සදාකල් මහජනතාවගේ රීරි මාන්සේ උරාබීවත් , සමස්ත ජනතාවටම , බහුතර ගොන් හැත්තට තේරෙන්නේ නැති එකම දේ , පාහර දෙසපාලුවන්ට (පක්ෂය මොක උනත්) මොන ලොන්ත චන්දයක් ආවත් කතිරේ ගහන්ඩ නොගිහින් ඒ හැම එකාම ප්රතික්ෂේපකරන එක. =============කරුණාකරලා මේ රට පාලනය කොරන්ඩ , ජනතාව පාලනය කොරන්ඩ, රටේ නීති හදන්ඩ කියල දේසපාලනය කරන්නට මීට පස්සේ චන්දය ඉල්ලගන ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී ගේ සිට ජනාධිපති ධූරය දක්වාම නාම යෝජනා ලබාගැනීමට නම් , අනේ කරුනාකොරලා අවම අද්යාපන සුදුසුකොමක් අනිවාර්ර්යයෙන්ම තීන්දු කොරනවද. පින් සිද්දවෙයි. නගර සභාවේ වැසිකිලි හෝදන්න, කුණු අදින්න රස්සාවක් ගන්න මනුස්සයටත් අද අද්යාපන සුදුසුකොමක් බලනවා නම්, ඒ වැ සිකිලි හෝදන , කුණු අදින මිනිහට තරම් වත් අද්යාපන සුදුසුකොමක් නැති එකා නගරාධිපති වෙලා හරියන්නේ නෑ නේද? නමුත් අද තත්වය ඔන්න ඕකයි. මේ රටට හෙන ගහල තියෙන්නේ ඔන්න ඔ ක නිසා නෙවෙයිද ? මුදලේ බලේට ,මැ ර බලේට, තක්කඩියන්ට, කුඩ්ඩන්ට, හොරුන්ට, නිකමුන්ට , නඩු තියන උන්ට, පාතාලයන්ට, කවදාවත්ම චන්දය ඉල්ලන්ඩ එන්ඩ ඉඩ තියන්ඩ එපා...... එපා...... එපා. කිසිම දේශපාලන පක්ෂයකට තම තමන්ගේ නාම යෝජනා තම තමන්ට ඕනේ විදිහට , කැමති කෙනාට දෙන්නට පුළුවන් ක්‍රම වේදය වහාම වෙන්ස්කලයුතුමය. සිංගප්පූරුව දෙස බලන්න. නූගත් කසිම කෙනෙකුට චන්දය ඉල්ලන්නට බැරිය. තවත් රටවල් ගණනාවකම එහෙමය. 9 පන්තියටවත් නොගිය ඇමතිලා ඉන්නේ මෙසිරිලක පමණි. ඉතින් රටට හරියාවිද? අද නීති හදන තැ න ඉන්නා අයගෙන් 94 දෙනෙකුට 10 විභාගය පාස් වන්නට බැරි උණු ය බව අද මුළු ලෝකයම කතාබහ කරනා කරුණකි. විලිලැජ්ජයි නේද ජනාධිපති තුමනි. ඒ වගේම චන්ද අපේක්ෂකයන්ගේ අද්යාපන සුදුසුකම් චන්දය ඉල්ලීමට පෙර නාම යෝජනා බාර දීමට පෙර මහජනතාවට ප්‍රසිද්දියේ හෙළි කිරීමටද නීති ගෙන ආ යුතුමය. චන්දය දෙන්නේ මහජනතාව නම්, චන්දය දෙන්නේ මොකාටද කියා සත්‍ය තොරතුරු මත තීරණය කිරෙමේ අයිතිය ද මහජනතාවට තිබිය යුතුය. අද මේ රටේ මහජනතාවගේ චන්දය අවසානයේදී ලබාගන්නේ ජනතාව නොමග යවමින් බව බොහොම යස අගේටම සපතවී තිබෙන කරුණකි. සුරංගනා කතා, හිනා මූණු, නළුවන් වාගේ බොඩි හදාගත්තු පොරවල්, ටෙලිනිලියන්, ටෙලි නාට්‍යයේ දුක චරිතයට පන පෙවීම, බුරිය පෙන්වීම, තව තව දේවල් පෙන්නීම, බල්ලන් මරා හෝ ප්‍රදේශයේ සල්ලි බලය මත ප්‍රභූ බවක් ආරෝපණය කොරගත් නමුත් මොලේ කලඳක් වත් නැති , 8 පන්තියට පමණ ඉගනගත්, මොට්ට මෝල් තකතීරුවන් , අවසානයේ ඇමතිවරුන් වීමේ අභාග්‍ය සම්පන්න දේසපාලන ක්‍රමයට, මොකක් හෝ ක්‍රීඩාවකින් හිනිපෙත්තට ගිය පසුව චන්දය ඉල්ලන්නට සිතීම, වාගේ දේවලට චන්දය විකිනෙන ක්‍රම වේදය වහාම නැ වැ ත්විය යුතුය. ජනාධිපතු තුමාම පොඩ්ඩක් කල්පනා කොරල බලන්ඩකෝ, ඊයේ පෙරේදා අර නව සංවිධායක වරුන් පත්කෙරුව නේද? ජොනී වෙනුවට කව්ද දැ ම්මේ? උදාහරණයක් විතරයි. හරි ජොනී ට O/L ඩී 1 ( English) , එෆ් 7. එහෙම තියාගනත් ඇමතියෙක් උනා මේ රටේ. කමක් නෑ . ගිය දේ ගියාවේ. එයා වෙනුවට දැන් අලුතෙන් ඔබතුමා දාපු සංවිදායක ඉන්දික මහත්තයාගේ ඉගෙනීම කොහොමද? ඔන්න ඔයවගේ පොඩ්ඩක් බලල, චන්දය ඉල්ලන්න, නාම යෝජනා දෙන්න නම් හෙම පක්ෂයකම ඒ විනය, නීති මගින් හඳුන්නල දීල මේ රට ගොන්නුන් විසින් පාලනය කොරන හරක් පට්ටියක් නොකර, යමක් උගත් පිරිසක් විසින් පාලනය කරන මිනිසුන් ඉන්නා රටක් බව ත්රුම් ගෙන, රටේ ඉදිරි කලදසාව යහමගට ගන්නා ලෙස ඉතා කාරුණිකව ඉල්ලා සිටිමු. පක්ෂ භේද පසෙක ලා, උගතුන්ට පමණක් චන්දය දීමට ජනතාව අදිෂ්ටානය කරගන හමාර බව චන්ද අපේක්ෂකයන් මතක තබාගන්න. රට යහමගට ගැ නීම ඔතනින්වත් පටන්ගන්න.
-- by Sokka on 2017-04-18
Mulu aanduvama gasaakanavaa.Ahinsaka janathaava nomaraa maranavaa.
-- by nareens on 2017-04-19
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි