~

දේශීය කිරි නිෂ්පාදනයට දැවැන්ත ආයෝජනයක් කරමින් කාර්ගිල්ස් මීරිගම නව කිරි නිෂ්පාදනාගාරයක් විවෘත කරයි

(ලංකා ඊ නිව්ස් -2017.අප්‍රේල්.05, පෙ.ව‍‍‍.5.00) දේශීය කිරි නිෂ්පාදන කර්මාන්තයට දැවැන්ත ආයෝජනයක් එක් කරමින් කාර්ගීල්ස් සමාගම විසින් මීරිගම ප්‍රදේශයේ ස්ථාපිත කරන ලද කොත්මලේ නව කිරි නිෂ්පාදනාගාරය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් පසුගිය 3 වෙනිදා විවෘත කෙරිණ.

සමරු ඵලකය නිරාවරණය කර නව කර්මාන්තශාලාව විවෘත කළ ජනාධිපතිවරයා එහි නිරීක්ෂණ චාරිකාවක ද නිරත විය.

1844 තරම් ඈත අතීතයේ සිට ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික කටයුතු වල නිරත වන කාර්ගීල්ස් සමාගම මහාරාජලා මෙන් දේසපාලුවන් සමග අත යට දුෂ්ඨ ඩීල් දමමින් ජාතික ධනය මංකොල්ලා නොකෑ ව්‍යාපාරික සමාගමක් ලෙස ව්‍යාපාරික ගරුත්වය ආරක්ෂා කර ගත් සමාගමකි.  

කිරි නිෂ්පාදනය වැනි අසීරු ව්‍යාපාරයකට දැවැන්ත ආයෝජනයක් කිරීම ගැන සමාගමේ අධ්‍යක්ෂක මණ්ඩලයට ස්තූති විය යුතුය. ජාත්‍යන්තර කීර්තියට පත් ආචාර්ය ජයන්ත ධනපාල වැනි සුධීමතෙකු එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සිටින බවද ජනතාව දැන ගත යුතුය.

ආහාර නිෂ්පාදනය සහ අලෙවිය වැනි තමන්ට හුරු පුරුදු ක්ෂේත්‍රයන්ගෙන් වෙනස්, කෘෂිකර්මාන්තය, ධීවර කර්මාන්තය පමණක් නොව පොත් ප්‍රකාශනය වැනි වෙනත් ක්ෂේත්‍ර වලටද කාර්ගිල්ස් සමාගම මේ වන විට අත ගසා  තිබේ.   

නව කිරි නිෂ්පාදනාගාරය විවෘත කිරීමේ අවස්ථාවට පී. හැරිසන් ඇමැතිවරයාද කාර්ගීල්ස් ලංකා සමාගමේ සභාපති ලූවිස් පේජ්, නියෝජ්‍ය සභාපති රංජිත් පේජ් මහත්වරුන් ඇතුළු පිරිසක්ද සහභාගී වූහ. 

එම අවස්ථාවේ ගත් සේයාරූ කිහිපයක් පහත දැක්වේ

---------------------------
by     (2017-04-04 23:37:24)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  1 discussion on this news

My Dear Mr. Page accept our warmest Congratulations for this great task . Pl, take necessary step to produce Fresh Milk [ Pasteurized ] and do the sales through your Cargills out lets and other outlets . I have to mentioned that , the Quality of the Mozzarella - Cheese produce by your company is fantastic. Also upgrade the Quality of the other Cheese verities and enhance the availability. Finally , Pl . issue the " Ghee " also under your prestige brand. Once again , Many- Many Congratulations ! and wish you all the best and wish you success in every future endeavors. God Bless You ! Theruwan- Saranai.
-- by Bandula on 2017-04-05

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links