(ලංකා ඊ නිව්ස් -2017.මාර්තු.27, පෙ.ව.9.35) රජය විසින් රුපියල් මිලියන 149 ක වියදමින් ධීවරයින් 1490 කට E-LOG BOOK හෙවත් ටැබ් පරිගණක ලබා දීමට ධීවර අමාත්‍යාංශය පියවර ගෙන ඇත. මෙම ටැබ් පරිගණක අප සාමාන්‍යයෙන් භාවිතා කරන ටැබ් පරිගණක මෙන් නොව ඒවා රළු භාවිතයට සකස් කළ ඒවාය. විශේෂයෙන් ජලයේ යට පවා ටැබ් පරිගණකයට හානියක් නොවී සටහන් තබා ගත හැකි වන පරිදි සකස් කළ ඒවා වන අතර, ඒවා මසුන් ඇල්ලීමේ දී දත්ත ඇතුළත් කර තබා ගැනීමට හැකි වන පරිදි සකස් කළ ඒවාය.
මෙම ටැබ් පරිගණක තුළ ද VMS- Vessel Monitoring System- ධීවර යාත්‍රා නියාමණ පහසුකම් ඇතුළත් කිරිමට පියවර ගන්නා ලෙසද උපදෙස් දී තිබේ. විශේෂයෙන් ජාත්‍යන්තර මුහුදේ දී සිදුකරන නීති විරෝධී කටයුතු වැළැක්වීම එහි අරමුණයි.
මෙම ටැබ් සැපයීමට හේතු වී ඇත්තේ ශ්‍රී ලංකාවට එරෙහිව යුරෝපා සංගමය විසින් මත්ස්‍ය අපනයන තහනම පැනවීමට හේතු වූ කරුණකි. එනම් ලංකාවේ ධීවරයා විසින් ජාත්‍යන්තර මුහුදේදී අල්ලා ගන්නා මසුන් පිළිබඳව නිවැරදි දත්ත සටහන් නොකිරීමයි.
යුරෝපා සංගමය විසින් අවස්ථා ගණනක දී මේ සම්බන්ධව අවවාද කර තිබුනත්, එය නොසළකා හැරීම නිසා යුරෝපා සංගමය විසින් තවත් කරුණු ගණනාවක් මත, මත්ස්‍ය අපනයන තහනම පනවනු ලැබීය. කෙසේ වුවද වත්මන් රජය විසින් එම ක්රමෝපායයන් 52 කට එකඟත්වය පළ කළ අතර, එහි වැදගත් කාරණයක් වුයේ ධීවර ප්‍රජාවට ජාත්‍යන්තර මුහුදේ මසුන් ඇල්ලීමේ දී නිශ්චිත සටහන් තබා ගැනීම සඳහා පහසුකම් සැපයීමය
මේ වනවිට මෙම උපකරණ ඇණවුම් කර තිබෙන අතර, ඒවා ඉදිරි මාස තුන තුළ ධීවරයින් වෙත ලබා දීමට නියමිත බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යංශය පවසයි
---------------------------
by (2017-03-27 04:13:22)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි