~

මූට නමක් තියාපියෝ... අම්බරුවයි කියාපියෝ..! (Video)

(ලංකා ඊ නිව්ස් -2017.පෙබ.27, ප.ව‍‍.11.40) තම පුද්ගලික අවස්ථාවාදී ව්‍යාපාරික අරමුණු පෙරදැරි කරගනිමින් පාහර මාධ්‍ය භාවිතයක යෙදෙන කිලී මහාරාජාගේ ඇස්ලෝන් බට මාධ්‍ය ජාලයේ සට්ටැඹියෙකු අලුත් ව්‍යවස්ථාවක් සඳහා ජාතික ව්‍යාපාරයේ මංගල මාධ්‍ය හමුව ‘අල‘ කිරීමට පැමිණ අමතක නොවන පාඩමක් ඉගෙන ගත්තේ ය.

මේ සට්ටැඹියන් මේ දිනවල පැවැත්වෙන ඕනෑම මාධ්‍ය හමුවකට පැමිණ අසන්නේ එකම ප්‍රශ්නයකි. ඒ රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාට පහර ගැසීම සඳහා අසන ‘බැඳුම්කර ප්‍රශ්නය‘ යි. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට ජනවාරි 8 දා පැහැදිලි ජනමතයක් ලබා දී තිබියදී ඊයේ පැමිණි කිලීගේ අම්බරුවා ඇසුවේ විධායක ජනාධිපති ක්‍රමය නොමැති වුවහොත් ‘බැඳුම්කර දූෂනය සෙවීමට පත් කළ ජනාධිපති කොමිසම වැනි කොමිසම් පත් කළ නොහැකි බවයි. හිස නිකට පැහුණු එකෙකු වූ මොහු අඩුම ගණනේ 1971 කැරැල්ලේ වැරදි කරුවන්ට දඬුවම් දුන් අපරාධ යුක්ති විනිශ්චය කොමිසම පත් කෙළේ ජනාධිපතිවරයෙක් සිටියදී දැයි හෝ නොදැන සිටීමෙන් මේකා කෙතරම් මෝඩ ගොං තකතීරුවෙකුදැයි තේරුම් ගත හැකිය. 

පැමිණ සිටි සියළු දෙනාගේම කෝපයට ලක්වූ කිලීගේ අම්බරුවාට එක් අයෙකු කීවේ කිලී මහාරාජා මාධ්‍ය ගණිකා වෘත්තියේ යොදවන බවයි. කර්තෘවරයෙකු වූ රාවය කර්තෘ ජනරංජන මහතා ඔහුට කරුණු තේරුම් කර දෙමින් දිගින් දිගටම වැදගත් මාධ්‍ය හමුවලට පැමිණ බැඳුම්කර ගැනම අසා ඒවා ‘අල‘ කර ඒ ගාලගෝට්ටිය පමණක් ප්‍රචාරය කරන කිලීගේ පාහර මාධ්‍ය කෙරුවාවට දොස් කියමින් අම්බරුවා එහි කුමන්ත්‍රණ කරුවෙක් යැයි චෝදනා කෙළේය. සියළු දෙනාගේම දෝෂදර්ශනයට ලක් වූ ‘ආරිය ගමගේ‘ නමැති කිලීගේ අම්බරුවා පසුව අතුරුදහන් විය.

මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිවීමෙන් පසුව තම සට්ටැඹියන් ජනාධිපති අසලට රිංගවා ගත් කිලී මහාරාජා කොටුවේ වටිනා ඉඩම් කැබැල්ලක් අල්ලා ගත් අතර සංඛ්‍යාත 9 ක් ද තම මාධ්‍ය ජාලය වෙත ලබා ගත්තේය. ඉන්පසුව දැන් මෛත්‍රී පලිහට තබා ගෙන අගමැතිවරයා ඇතුළු ආණ්ඩුවේ තමන්ට අවනත නැති පිරිසට බැට දෙන්නේය. මේ පාහර රාජාගේ අලුත්ම සෙල්ලම වන්නේ මෛත්‍රීද අල්ලේ නටවමින් ගෝඨාභය රජ කරවීම සඳහා ද කටයුතු කිරීමයි. ඒ සඳහා ඔහුගේ කුලී ජඩමාධ්‍යකරුවන් කිසිදු ලජ්ජාවක් නොමැතිව භාවිතා කරයි. කිලී මහාරාජා ලං කර ගත් කිසිදු දේශපාලකයෙකු වැඩි කලක් යහතින් ගත නොකළ බව මෛත්‍රීපාල සිරිසේන මහතා අවබෝධ කර ගතහොත් ඔහුගේ දේශපාලන සෞඛ්‍යයට හිතකරය. 

අද සිද්ධියට අදාල වීඩියෝවක් පහතින් 

---------------------------
by     (2017-02-28 01:05:12)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  1 discussion on this news

Meka thanikarama maharajage uwamanawata madhya sakachcha walata awith uuta ona prsahna ahanawa misa ema madya sakachchawata adaala kisima deyak ahanne naha. mama dakala thiyanawa miniha e prashna ahana atharathurath sirasata call kara kara "monawada ahanne kiyala upades gannawa" wahaama mohu warjanaya kalayuthuyi. Madhaya sakachcha mohuta thahanam kalayuthuyi.
-- by Gamini on 2017-02-28

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links