~

‘මානසික රෝගීන්ගේ අසරණභාවයෙන් දේශපාලන වාසි ගන්නා නින්දිතයන් නීතියේ රැහැනට හසුකරනවා‘ -නීතීඥ නාමල් රාජපක්ෂ චම්පික රණවකට එරෙහි අවලාද ගැන සීඅයිඩියට පැමිණිලි කරයි (Video)

(ලංකා ඊ නිව්ස් -2017.පෙබ.08, ප.ව.4.20) මානසික රෝගියෙක් යනු උසාවියේ සාක්ෂි දීමට නොහැකි පුද්ගලයෙක් වන බැවින් එවැනි පුද්ගලයින් යොදාගෙන කවරෙක් හෝ තමන්ගේ පටු අරමුණු ඉටුකර ගැනීමට ක්‍රියාකරන්නේ නම් එය දඬුවම් ලැබිය හැකි වරදක් බවත් එවැනි පටු අරමුණු ඉටුකර ගැනීමට කටයුතු කරන්නන් නීතියේ රැහැනට හසුකරදීමට කටයුතු කරන බවත් නීතීඥ නාමල් රාජපක්ෂ (හොර පෙරකදෝරුවා නොවේ) මහතා පවසයි.

නීතීඥ නාමල් රාජපක්ෂ මහතා මේ බව සඳහන් කර සිටියේ, හර්ෂ බණ්ඩාර තිලකසිරි නැමති මානසික රෝගියෙක් යොදාගනිමින් දේශපාලඥයන්ට සහ නිළධාරීන් කිහිප දෙනෙකුට මඩ ගැසීම වෙනුවෙන් සිදුකර ඇති ව්‍යාජ ප්‍රචාරයන් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සිදුකර ඇති පැමිණිල්ලේ ප්‍රගතිය විමසා බැලීම සඳහා ඊයේ (07) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

හර්ෂ බණ්ඩාර තිලකසිරි නැමති මානසික රෝගී පුද්ගලයෙක් යොදාගෙන බංකොළොත් වූ දේශපාලකයන් තමන්ගේ දේශපාලන වාසි ලබාගැනීම සඳහා එක් එක් අමාත්‍යවරුන්ට සහ නිලධාරීන්ට චෝදනා කිරීමට සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ ක්‍රියාකර ඇති බවත්, මෙවැනි මානසික රෝගියෙක් උපයෝගී කරගෙන දේශපාලන වාසි ලබාගැනීමට උත්සාහ කරන ඉතාමත් නින්දිත ගණයේ දේශපාලකයන් සිටින බවත් රාජපක්ෂ මහතා පෙන්වා දෙයි.

මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කර තිබෙන බවත්, එම පැමිණිල්ල පිළිබඳව මෙතෙක් සිදුකළ පරීක්ෂණයේ ප්‍රගතිය විමසා බැලීම සඳහා පැමිණි බවද නීතීඥවරයා සඳහන් කර සිටියේය.

මෙම හර්ෂ තිලකසිරි නැමැත්තා රෝහල් ගණනාවකට ඇතුළත්වී මානසික රෝග කිහිපයකටම ප්‍රතිකාර ලබාගෙන තිබෙන බවත්, ඇතැම් අවස්ථාවල රෝගය උත්සන්න වීමෙන් සියදිවි හානිකර ගැනීමට උත්සහ දරා තිබෙන බව පොලිස් පරීක්ෂණවලදී හෙළිදරව් වී ඇති බව ද රාජපක්ෂ මහතා සඳහන් කර සිටියේය.

මෙම පුද්ගලයාගේ රෝගී තත්ත්වය වෙනුවෙන් මානසික රෝග වෛද්‍යවරු මොහුට දිගටම සායනික ප්‍රතිකාර ලබාදී තිබෙන බව සඳහන් කරන රාජපක්ෂ මහතා, මෙම පුද්ගලයා දැඩි මානසික අවපීඩනයකින් පෙළෙමින් සිට ඇති බවත් යම් යම් දේවල් හිතින් මවාගෙන හිතළු ප්‍රකාශ කරන පුද්ගලයෙක් බවද සඳහන් කරයි.

මෙම තැනැත්තා පාඨලී චම්පික රණවක අමාත්‍යවරයාගේ නිවසේ කාලයක් සේවයේ යෙදී සිට ඇති බවත්, එය උපයෝගී කරගනිමින් අමාත්‍යවරයාට සහ නිලධාරීන්ට විරුද්ධ දේශපාලකයින් මඩ ප්‍රහාර එල්ල කිරීමට කටයුතු කර තිබෙන බවද රාජපක්ෂ මහතා පවසයි. එමෙන්ම මෙම පුද්ගලයා එවැනි බංකොළොත් දේශපාලකයන් දෙන ලද පිටපතක් අනුව ක්‍රියාකරන බවද සඳහන් කර සිටියේය.

වෙබ් අඩවි ඔස්සේ සිදු කරන ලද මෙම ව්‍යාජ ප්‍රචාරයන්ට ඉලක්කකොට ගෙන සිටින කාන්තාව කරන ලද ප්‍රකාශයෙනුත් මෙය හුදෙක්ම පුද්ගල චරිත ඝාතනය කිරීම වෙනුවෙන් ගොතන ලද අසත්‍ය සිදුවීමක් බව තහවුරු වී තිබෙන බවද නීතීඥ නාමල් රජපක්ෂ මහතා පවසයි.

මේ ආකාරයේ සිදුවීම් ඉතා කණගාටුදායක බවත්, මෙවැනි රෝගීන්ගේ අසරණභාවය උපයෝගී කරගනිමින් නින්දිත ආකාරයේ කටයුතු කරන අයට එරෙහිව අනිවාර්යෙන්ම නීතිය ක්‍රියාත්මක විය යුතු බවත් සඳහන් කළ නීතීඥ රාජපක්ෂ මහතා, පැමිණිල්ලේ ඉදිරි විමර්ශණ කටයුතු සම්බන්ධයෙන්ද අවධානයෙන් සිට මෙවැනි වංචනිකයින් නීතියේ රැහැනට හසුකරදීමට කටයුතු කරන බව වැඩිදුරටත් අවධාරණය කර සිටියේය. 

පසු සටහන:

ඉහත කී පිළිගැනීමට අසීරු මඩ වාර්තාව පළමුවෙන්ම එවා තිබුනේ ‘ලංකා ඊ නිව්ස්‘ වෙතය. එය ලියා තිබුනේ ‘තමන් අසත්‍ය ලියූ බවට අධිකරණය ඉදිරියේ වරද පිළිගත් ලංකාවේ සිටින එකම‘ ලියන්නා ය. ‘ලියන්නා‘ කීවද සත්‍ය වශයෙන්ම ඔහුට පැහැදිලි ලෙස අකුරක් හෝ නිවැරදි ලෙස වාක්‍යයක් හෝ ලියා ගත නොහැකිය. පුද්ගලයාගේ යථා තත්ත්වය දැනගත් වහාම පිළිගත් මාධ්‍ය ආයතන විසින් ඉවත් කරන බැවින් පසුව ඔහු වෙබ් අඩවි වෙත සමීප විය. ලිපිය සමග ඔහු එවා තිබූ ඉහත කී මානසික රෝගී පුද්ගලයාගේ පියාගේ යයි කියන ලද දුරකථන අංකයට කථා කළ විට අපට හැඟී ගියේ ඒ පියා කියා ගන්නා ලද අයටද ප්‍රතිකාර කළ යුතු බවයි. ‘ලියන්නාගේ‘ තරම දන්නා බැවින්ද, පියා යයි කියා ගත් අයගේ තත්ත්වයද තේරුම්  ගත් අප එම වාර්තා පළ කෙළේ නැත. පසුව වෙනත් ජඩමාධ්‍ය රස කෑමක් සේ පළ කර තිබිණ. බොරු ප්‍රතිරූප හදාගත් මෙවැනි  නූගත් වාචාලයන් ලියන දෑ පළ කිරීම ගැන මාධ්‍ය ආයතනද සැලකිලිමත් විය යුතුය. 

නාමල් රාජක්ෂ මහතාගේ ප්‍රකාශය සහිත වීඩියෝව පහතින් 

---------------------------
by     (2017-02-08 10:57:35)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links