(ලංකා ඊ නිව්ස් -2017.ජන.24, පෙ.ව.10.45) එක්තරා වෙබ් අඩවියක ඉහත සිරස්තලය යටතේ පළ කර තිබූ මඩ ප්‍රවෘත්තිය දුටු විට මෙය ලංකා ඊ නිව්ස් වෙත ලියන්නට සිතිණ. ශ්‍රී ලංකිකයෙකු ලෙස විදේශයක රැකියාවක් කර යහමින් මුදල් හදල් සරිකරගෙන හොඳ වාහනයක ගමන් බිමන් යමින් සුඛෝපබෝගී දිවියක් ගෙවන්නට ඇත්නම් එය අප කවුරුත් සැබෑ කර ගන්නට වෙර දරන සිහිනයකි. එයිනුත් ජපානයේ දුෂ්කර රැකියාවක් ලබා ගැනීමටත් දශලක්ෂ ගණනින් රැකියා ඒජන්ත කරුවන්ට ගෙවන පිරිස් ඕනෑ තරම් සිටිති. ඉරිදා පත්තර වල පිටු ගණන් පිරෙන්නට "ජපානයේ රැකියා අවස්ථා" යනුවෙන් දැන්වීම් පල වන්නේ එබැවිනි. එහෙව් ජපානයේ ජපන් ජාතිකයෙකු පවා ලබා ගන්න වෙර දරන තත්වයෙන් උසස්ම රැකියාව ලෙස සලකන්නේ විශ්ව විද්‍යාලයක මහාචාර්ය වරයෙකු වීමයි. පන්දම්, පඬුරු පාක්කුඩම් වලට තැනක් නැති ජපානයේ එවන් තනතුරක් ලබාගැනීමට උගත් බුද්ධිමත් විද්වතෙකුට මිස අනෙකෙකුට නම් නොහැක්කේමය.
එවන් තනතුරක් අතහැර සිරිලක පාර්ලිමේන්තුවේ පුටුවක් ලබාගත් මහාචාර්ය ආශු මාරසිංහ ගැන ඉතා ද්වේශ සහගතව ප්‍රචාරය කරන මඩ ප්‍රහාරයක් පිළිබඳ සත්‍ය වටහා දීම යුතු යැයි මම අදහස් කළෙමි. මේ මහාචාර්ය වරයාගේ අධ්‍යාපනික පසුබිම සහ පසුගිය කාලයේ කෙරුවාව සලකා බැලිය යුතුය. කොළඹ ආනන්ද විදුහලේ ආදී ශිෂ්‍යයෙකු වන මොහු පසුව කොළඹ විශ්වවිද්‍යාලෙන් විද්‍යාවේදී (BSc ) හදාරා පසුව ජපානයේ අයිසු විශ්වවිද්‍යාලය තම Master අධ්‍යාපන කටයුතු සඳහා තෝරා ගනී. එහිදී 2001වසරේදී Master of Science in Computer Science and Engineering හමාර කරන්නේ සියලු විෂයන් A සමර්ථ සහිතව සමත් වෙමින් GPA අගය 4.0ක් හිමි කර ගනිමිනි. අනතුරුව තවත් අවුරුදු තුනකින් එම විශ්ව විද්‍යාලයෙන්ම තම Computer Science and Engineering ආචාර්ය උපාධිය ලබා ගන්නේ 2004 වසරේදීය.
අදටත් ඉතාමත් තරඟකාරී ජපන් ශිෂ්‍යත්වයක් වන JSPS (Japan Society for the Promotion of Science) හිමිකර ගන්නා මොහු අනතුරුව එහිම ආදර්ශ පර්යේෂකයෙකු ලෙස පත්වීම් ලබන්නේ ප්‍රකට කල දස්කම් නිසාවෙනි. අනතුරුව 2006 වසරේ සිට ජපානයේ ප්‍රමුඛතම රජයේ විශ්ව විද්‍යාලයක් වන (Nagaoka University of Technology) හි මහාචාර්ය වරයෙකු ලෙස 2015 වසරේ විශ්‍රාම ගන්නා තෙක්ම කටයුතු කරන ලදී. මෙම කාලය තුළ විද්‍යාත්මක පර්යේෂණ ලිපි 200කට අධික ප්‍රමාණයක් ජාත්‍යන්තර සඟරා වල ප්‍රසිද්ධ කිරීමට ඔහුට හැකියාව ලැබුණි.
මිට අමතරව එම විශ්ව විද්‍යාලයේම පරිපාලන කමිටු සාමාජිකයෙක්, ජාත්‍යන්තර සම්බන්ධතා කමිටු සාමාජිකයෙක්, විශ්ව විද්‍යාලය හා කර්මාන්ත අතර සහයෝගිකරන කමිටු සාමාජිකයෙකු ලෙස ද විශ්‍රාම ගන්න තුරුම කටයුතු කර ඇත. එතනින් නොනැවතී තම උපන් බිම් දුවා දරුවන් සිය ගණනකට ජපානයේ ප්‍රමුඛතම ශිෂ්‍යත්ව ලබා ගැනීමට ඍජුවම උපකාර කරමින් තම මවුබිම වෙනුවෙන් ද හැකි සෑම විටම උපකාර කළේය. අද පත්තර වල දැන්වීම් දමන ජපන් පාඨමාලා වල හැටියට නම් ඔහුට මෙමගින් රුපියල් මිලියන සිය ගණනක් උපයා ගැනීමට හැකියාව තිබිණි. එහෙත් මේ කටයුතු කළේ කිසිදු ලාභ ප්‍රයෝජනයක් ලබාගෙන නම් නොවේ. මෙම ලිපිය ලියන මගේ ද හිතවතෙකුගේ දරුවෙකුට කරන ලද උපකාර නිසා මම මේ ගැන හොඳින්ම දන්නා අතර මේ ලිපිය ලියන්නට අදහස් කලේද එබැවිනි. උක්ත මඩ අඩවියේ සඳහන් පරිදි මොහු එම විශ්ව විද්‍යාලයේ කළ අක්‍රමිකතා නිසා ඉන් නෙරපා දමා ඇත. එහෙත් අදාළ විශ්වවිද්‍යාලයෙන් කළ විමසීමකදී ඔවුන් සඳහන් කළේ ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවට පත් වීම නිසා ඔහු විශ්ව විද්‍යාල සේවයෙන් විශ්‍රාම ගිය බවයි. මේ සඳහා මා විමසීම් කෙළේ එම විශ්ව විද්‍යාලයේ www.nagaokaut.ac.jp/e/ වෙබ් අඩවිය හරහායි.
"නාමික උගතෙක්" ලෙස මඩ පතේ සඳහන් කලේ කෙතරම් ද්වේශයකින්දැයි ඔබට වැටහෙනු නොඅනුමානයි. එහි සඳහන් පරිදි පෙර පාසලකට ලබා දුන් බස් රථයකින් ද මොහු රුපියල් මිලියනයක් ගසා කා ඇත. මහාචාර්ය වරයෙකු ජපානයේ මසකදී උපයන වැටුප දෙස බැලු විට රුපියල් මිලියනයක් වැනි සොච්චම් මුදලක් ගසා කෑමට ඔහුට කිසිම අවශ්‍යතාවක් නැති බව තහවුරු වේ.
තවද චිත්‍රපටයක් වෙනුවෙන් මුදල් වංචා කල බවක් ද සඳහන් කරයි. මහාචාර්ය අාශු විසින් චිත්‍රපටයක් නිෂ්පාදනය කිරීමට අත ගැසුවා යයි කීම නම් සත්‍යයකි. ජපානයේ වීසා ලබා ගැනීමට වයසක ජපන් ජාතිකයින් සමඟ විවාහ වී දුක් විඳින ශ්‍රී ලාංකිකයින් ගැන කියැවෙන සම්මාන ලාභී මෙම නව කතාව සිනමාවට නගා ජපානයට යාමට සිහින දකින අනාගත පරපුරට සත්‍ය වටහා දීමට කටයුතු කිරීම සහ ඊට මැදිහත් වීම ඉතා කාලෝචිත ක්‍රියාවකි. මා දන්නා පරිදි ජපානයේත් ලංකාවේත් යන රටවල් දෙකේම තිරගත කිරීමට අපේක්ෂා කර ඇත. ඉතා උසස් ජීවන තත්වයක් සහ ඉහල අදායම් තත්වයක් ලබමින් සිටි මේ මහාචාර්ය වරයා විශේෂයෙන්ම ජපන් ජාතිකයෙකුට පොලු තැබුවා යයි පැවසීම තවත් අතේ පත්තු වන බොරුවකි. මන්ද යත් මෙම මඩ ලිපියෙහි දෙවන ඡේදයේ මුලින් සඳහන් පරිදි ව්‍යාපාරිකයාගෙන් ලබාගෙන ඇති මුදල මිලියන 12 කි. එම ඡේදයේම අවසානයේ පවසා ඇත්තේ ඒ මිලියන 10ක් බවයි. මුල මැද අගවත් හරියට නොගලපා මෙවන් අසත්‍ය මඩ ප්‍රචාර සිදු කිරීමෙන් බලාපොරොත්තු වන්නේ කුමක්දැයි හොඳින් වටහා ගත හැකිය.
ලංකාවට සිදු වී ඇති කොඩිවිනය එයයි. රටක දියුණුවට නම් උගත් බුද්ධිමතුන් රට තුල සිටිය යුතුයි. තමන්ගේ සුඛ විහරණය පසෙක දමා තම මවු බිමට සේවයට පැමිණෙන මෙවන් උගත් බුද්ධිමතුන්ගේ සේවය ලබා ගන්නවා වෙනුවට ඔවුන්ට රට එපා කරවීමට දේශප්‍රේමින් යයි කියා ගන්නා ලෙමන් පෆ් නූගතුන් සහ සැබැවින්ම නාමික උගතුන්ට අවශ්‍ය වී ඇති බව හොඳින් පෙනී යයි. මන්ද යත්, ජනතාවත් පාලකයිනුත් රවටමින් තමන්ගේ මඩිය තරකරගැනීමට ඔවුන්ට හැකියාව ලැබන්නේ එවිටය.
තොරතුරු සොයාගත් මුලාශ්‍ර:
1. http://imse.nagaokaut.ac.jp/e/staff/chandrajith-ashuboda-marasinghe
2. http://japansrilanka.lk/sports.php?id=1137&cat=SportsEvent&title=Japan qualified Professor Ashu Marasinghe as MP a positive step
3. https://www.facebook.com/AshubodaMarasinghe
4. https://jp.linkedin.com/in/ashu-marasinghe-b064084
5. https://www.jsps.go.jp/english/e-quart/14/14.html
---------------------------
by (2017-01-24 11:58:29)
Leave a Reply
Agamatiya andanna??? Rata kala wathura beepu Agamatiaya andanna????? Ane PAW.....
-- by Wel Widane on 2017-01-24
People of this caliber should be brought into our Parliament and kick out all uneducated barbarians out. This has to be done before enacting any new constitution.
-- by Godfrey Peter on 2017-01-24
Prof. Ashu Marasinghe, ලාන්කීය දුවා දරුවන් ගනනාවකට උසස් අධයාපනය සදහා මන්පෙත් විවර කරදුන්, තමන්ගේ සුඛ විහරණය පසෙක දමා තම මවු බිමට සේවයට පැමිණෙන ඔබ වැනි උගත් බුද්ධිමතුන්ගේ සේවය ලබා ගන්නවා වෙනුවට ඔවුන්ට රට එපා කරවීමට වෙරදරන නුගත් දේශප්‍රේමින් යයි කියා ගන්නා පිරිසක් ජිවත් වෙන රටක අපි ජිවත් වෙන බව මනාවට පසක් වි හමාරයි. අපි ඔබ හොරෙකු ලෙස නොහදුනන්නෙමු. අපි සැමදා හැදිනු ඔබ අප සැමගෙ ආදරනීය ගුරුවරයා වන්නෙමු.
-- by Nirmal on 2017-01-25
මට හැගෙන පරිදී ඔහු මූළු ලංකාවටම මාරයි ......
උසස් අධ්‍යාපනය හැදැරීම සදහා ශිෂ්‍යත්වයක් ලබාගෙන විදේශ රටකට යෑම ශ්‍රීලාංකික සිසුවකුගේ සැබෑ සිහිනයකි. එය එතරම් පහසු නොවන බව මම දනිමි. තවද ජපාන රජයෙන් ලබාදෙන Monbukagakusho Scholarships අවස්ථාව ලබාගැනීම අසීරුය. එවැනි තත්වයක් තුල ශ්‍රීලාංකික සිසුන් බොහෝ පිරිසකට Monbukagakusho Scholarships ලබාගැ නීමට ඍජුවම උදවුකර ඇති අතර තවත් සිසුන්හට තමන්ගේ විශ්ව විද්‍යාලය තුළම (Nagaoka University of Technology) Master සහ PhD උපාධි ලබා ගැනීමට මහඟු සේවාවක් කර ඇත. ඉදිරියටත් එමසේවය දිගටම පවත්වාගෙනයාමට දැඩිඋනන්දුක් සහ කැපවීමක් ඔහුතුල ඇත.
මේ කටයුතු වලින් කිසිදු පුද්ගලික ලාභ ප්‍රයෝජනයක් ලබා නොගත් බව මා හොදීන්දන්නා කරුණකි. කිසිදු මුදලක් අපගෙන් ලබානොගත් අතරම ඔහුගේ පුද්ගලික කර්තව්‍යයන් කරගැනීමට අපට කිසිදු බලපෑම්ක් කරනොමැත.
මහාචාර්ය වරයෙකු ලෙස ඔහු යටතේ විවිධ රටවල (Mexico, Africa , Thailand, Myanmar,..) සිසුන් ඉතා උසස් අන්දමින් අධ්‍යාපනය ලබා ඇත. ඔහු සාමන්‍යය මහාචාර්ය වරයෙකු නොවන බවනම් සැබෑය. ඔහුගේ අරමුණ නම් තමන්ගේ රටේ දැවෙන ප්‍රශ්නවලට පිළිතුරු සෙවීමට උපකාරීවන පර්යේෂණ කිරීමයි.ඔහු තම සිසුන් ඉදිරිපත්කරන පර්යේෂණ යෝජනා තමන්ගේ රටවල්වල සංවර්ධනයට ගැලපෙන පරිදි තෝරාගැනීමට පොළඹුවනු ලැබීය.
අප විශ්ව විද්‍යාලය ජපානයේ ඉතා කීර්තියක් ලබාගෙන ඇති අතර මෙහි කිසිදු වංචනික කටයුත්තක් සිදුවන්නේ නැත. එබැවින් ඔහුට නගා ඇත්තේ බොරු චෝදනාවකි. මොහුව මෙම විශ්ව විද්‍යාලයෙන් නෙරපා දැමීමට කිසිදු අවශ්‍යතාවක් තිබුනේ නැත. ඔහු විසින් කරන ලද පර්යේෂණ සහ හදුන්වා දුන් පාඨමාලාවන් අප විශ්ව විද්‍යාලයේ (Nagaoka University of Technology ) දියුණුවට හේතු විය.
එක්වරක අප විශ්ව විද්‍යාලය (Nagaoka University of Technology) ලොවපුරා ප්‍රචලිත කිරීමේ ව්‍යාපෘතියට නව අර්ථවත් යෝජනා ඉදිරිපත් කරමින් තම සිසුන් සමග ප්‍රයෝගික ව්‍යාපෘතිවල නියලුනි. උදහරණකට විශ්ව විද්‍යාලයේ නමට ගැලැපෙන සංකේතයක් (character) නිර්මණයකිරීමට දැඩි දායකත්වයක් දැක්වීය. මෙම කර්තව්‍ය විශ්ව විද්‍යාලයේ අනිකුත් ආචර්වරුන්ගේ ඇගයීමට සහ පැසසුමට ලක්විය. මොහුව මෙම විශ්ව විද්‍යාලයෙන් නෙරපා දැමීමට කිසිදු අවශ්‍යතාවක් තිබුනේ නැත.
ඔහුගේ හැකියාවන්, දක්ෂතාවයන්, සහ කැපවීම් විශ්මිතයි. සැබවින්ම ඔහු මාරයි....
ඉඩක්ලැබුණු සෑමවිටකම අප සමග කතාකරන්නේ ලංකාවේ ප්‍රශ්න සහ ඒවාට විසදුම් සෙවීමේ ක්‍රියාදාමයන් ගැනය. ඔහුගේ හැකියාවන් සහ කැපවීම් වල සීමාවන්නොමැත. මා දන්නා කාලසීමාව තුලම ලංකාවේ අභිවෘදිය සදහා ඉදිරිපත් කල ව්‍යාපෘති ගණන බොහෝය. මෙවැනි කර්තව්‍යන් සදහා අප විශ්ව විද්‍යාලයේ සහ අනිකුත් ජපන් විශ්ව විද්‍යාලවල ආචර්වරුන්ගේ සහය ද ජපන් ආයෝජකයන්ගේ සහය ලබා ගැනීම ඔහුට ඉතා පහසු කාර්යක් විය. මක්නිසාද ඔහුගේ ඇති අවංක බව සහ ඔහු පිළිබද ඇති දැඩි විස්වාසයයි. බොහෝ වතාවක් මෙවන් කණ්ඩායම් සමග ලංකාවට ගමන්කල අතර මටද එක් අවස්ථාවකට සහභාගීවීමට හැකිවිය. එම කර්තව්‍යන් සදහා කල ඔහුගේ කැපවීම් පුදුමසහගතය. අනාගතයෙත් මෙම සහය ඔහුට ජපානයෙන් ලබා ගත හැකිබව මම හොදින් දනිමි. ඒ ඔහු එතරම්ම මාරයි නිසා !!!!
ඔහු කිසිවිටක මුදල් වංචා කිරිමට හෝ අක්රමික ලෙස මුදල් උපයා ගැනීමකට සහභාහිවීනොමැති බව මා හොදින් දන්නා කරුණකි.
Nagaoka නගරයේ ජිවත් වූ ඔහු ගතකලේ ඉතාමත් සරළ ජීවිතයකි. ඉතා උසස් වැටුපක් ලබුවත් තමන්ගේ නිවහන කරගත්තේ රජයෙන් ලාබදෙන මහල් නිවාසයකි. විශ්ව විද්‍යාලයේ ඉගෙන ගන්නා සිසුන් ද නැවති සිටින්නේ එවැනි මහල් නිවාස වලය. ඔහුට තිබුනේ සාමාන්‍ය වාහනයකි, එම වාහනය අපෙගේ පොදු අවශ්‍යතාවන් ඉටුකර ගැනීමට ලබාදීමටද ඔහු කිසිවිටක මැලිනොවීය. ඔහු එතරම්ම නිර්ලොභිය... සුහදශීලීය. තවද අන් අය සමග සුහදව කටයුකිරිමට ද අන්‍යන්ගේ සිත්දිනා ගැනීමටද ඔහුට සහජ හැකියාවක් ඇත.
ඔහු සැබවින්ම මාරයි!!., ශ්‍රීලංකාව පිළිබදව ජපානය තුළ ඇති කීර්තිය වැඩිකිරීමට සැමවිටකම ක්‍රියාකළ අතර අපවද එයට යොමුකළේය. විශේෂයෙන් Nagaoka නගරය තුළ වාර්ෂිකව පවත්නා උත්සවවලදී ශ්‍රීලංකාව පිළිබද දැනුවත් කිරීමේ කුටි ( Information and foods stall ) පැවැත්වීමට වෙහෙසුනේය. එවැනි අවස්ථාවලට උපයෝගිකරගැනීමට සුදුසු සියලුදෙවල් ලංකාවෙන් ඔහු රැගෙනආවේය.
"චිත්‍රපටයක් වෙනුවෙන් මුදල් වංචාවක්........" මෙයද ඔහුගේ මාර වැඩකි, අවුරුදු ගණනක සිට කිසිමකෙනෙකුට යථාර්තයක් කරගතනොහැකිව සිටි දෙයක්වූ මෙම චිත්‍රපටියේ සියලුම තිරගතකිරීම් (ජපානයතුල) සාර්ථකව නිමකරගැනීමට අවශ්‍යය සියළුම දේ සොයාදුන්නේය( මුදල් ඇතුළු අනෙකුත් පහසුකම් ). මෙමගින් කිසිදුමුදල් වංචා නොකල බව මම හොදින් දන්නා සත්‍ය කරුණකි.
ඔහුගෙන් අප ලබාගත් දැනුම බොහෝය. ඉතා උසස් ස්ථිර රැකියාවක් දරමින් සිටි මගේ ගුරුවරයා වු මහාචාර්ය ආශු මාරසිංහ මහතා මෙහි ඇති සියලුම පහසුකම් අත්හැර ලංකාවට යෑම දැඩි කැපකිරීමක් ලෙස මමද දකිමි. එය මුලු ලංකාවටම වාසනාවක් ලෙස මම සිතමි.
අනාගතයේ ඔහුගෙන් ලංකාවට ලබා ගතහැකිදේ බොහෝය.........................................
-- by chamara Liyanage on 2017-01-28
ජෙප්පන් විකුණා කොළඹ සරසවියේ කෙළිකළ මූ නම් මාරම කමයි හලෝ....
-- by anibal on 2017-01-28
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි