(ලංකා ඊ නිව්ස් -2017.ජන.17, පෙ.ව.7.30) උතුරු පළාත් සභාව බලය ඉල්ලා හැඬුවද සූප්පුව කටට දී, කිරි බෝතලය කටේ ගැහුවත් බොන්නේ නැති ළදරුවෙකු සේ දුන් බලය පවා භාවිතා කර ජනතාවට සහන සලසන්නේ නැතැයි ප්‍රවාහන සහ සිවිල් ගුවන් සේවා ඇමැති නිමල් සිරිපාලද සිල්වා මහතා චෝදනා කෙළේය.
ඊට උදාහරණ ලෙස ඇමැතිවරයා කීවේ මේ වන විට එක් නිවසක් සෑදීමට රුපියල් ලක්ෂ 20 බැගින් නිවාස 20,000 ක් සඳහා මුදල් වෙන්කර දැනට වසර එක හමාරක් වුවද ඒ එකදු නිවසක් හැදීමටවත් පළාත් සභාව කටයුතු කර නැති බවයි. වෙනත් උදාහරණද ඇමැතිවරයා පැවසීය.
අමාත්‍ය වරයා මේ බව කියා සිටියේ ජාතික ගමනාගමන කොමිෂණ් සභාව මගින් රුපියල් මිලියන 195ක වියදමින් උතුරු පලාතේ ඉදිකරන ලද අංග සම්පූර්ණ නවීන තාගේ පළමු බස් නැවතුම්පල වූ වව්නියාවේ බස් නැවතුම්පල විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වෙමිනි.
යුද සමයේ තිබූ සටන් මෙන් ලංගම හා පෞද්ගලික බස් අතර පවතින යුද්දය අවසන් කිරීමට කාලය එලඹී ඇති බවද ඔහු පැවසීය.
අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා වැඩි දුරටත් මෙසේ කීය.
‘‘ යුද්දේ කාලේ ආරක්ෂක අංශත් කොටි සංවිධානයත් අතර පැවති ගැටුම් වගේ ලංගම් බස් හා පෞද්ගලික බස් අතර විවිධ ගැටුම් තියෙනවා දැන් මේ ගැටුම් අවසන් කරන්න ඕන කාලය එලඹිල තියෙන්නේ ඒ නිසයි මේ විදහට එකම බස් නැවතුම්පලක එක් පැත්තක ලංගම බස් රථ සඳහත් අනෙක් පැත්තෙන් පෞද්ගලික බස් රථ සඳත් වෙන් කරල තියෙන්නේ මෙයයි මේ රජයේ සංහිදියාව මෙමගින් පවතින ගැටලු නවත්තන්න පුලුවන්.
විශේෂයෙන්ම මම විශේෂ අඩුපාඩුවක් දකිනවා උතුරු පලාත් සභාවේ ඔබ හැම විටම වැඩි වැඩියෙන් බලය ඕන කියල ඉල්ලනවා ඒක සාධාරණයි ඔබේ පැත්තෙන් නමුත් ඔබට දැන් ලබා දී තිබෙන බලය තුලවත් ඔබට අවශ්‍ය දේ නියමිත වෙලාවට ඉටුකරගෙන නැහැ කිරි ඉල්ලනවා කිරිබෝතලේ දෙනවා, ටිප් එක කටේ ගහනවා, නමුත් බොන්නෙ නැහැ. එ් නිසා අපි ඉතා ඕනෑකමින් ඉල්ලනවා මේ රජයෙන් උපරිම ප්‍රයෝජනය ගන්න කියලා..“
මෙම අවස්ථාවට අමාත්‍ය රිෂාඩ් බදියුධීන් නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.මස්තාන් ඇතුලු පලාත් සභා මැති ඇමතිවරුන් හා ප්‍රවාහන අමාත්‍යංශ ලේකම් ඇතුලු නිලධාරීන්ද වව්නියාව දිසාපති එම්.බී.පුෂ්පකුමාර යන අය සහභාගී වී සිටියහ.
මෙතැන ක්ලික් කර නිමල් සිරිපාල සිල්වා ඇමැතිවරයාගේ හඬ පටයට සවන් දෙන්න
දිනසේන රතුගමගේ
---------------------------
by (2017-01-17 02:29:18)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි