~

‘පුලුවන්නම් ඕනෑම ජගතෙකු මේ වැඩපිළිවෙල කඩාකප්පල් කරන්න එන්න . අපි 7 වැනිදා හම්බන්තොට එනවා ‘ -දිලිප් වෙදආරච්චි කියද්දී අර්ජුන මිලියන 300 ක පගාව නොලැබූ නිසා කොළඹ වරාය සේවකයන් උද්ඝෝෂනයට දක්කයි

(ලංකා ඊ නිව්ස් - 2017.ජන.07, පෙ.ව.7.30) ‘හම්බන්තොට සංවර්ධන වැඩපිළිවෙල 07 වැනිදා අපි පටන් ගන්නවා පුලුවන්නම් ඕනෑම ජගතෙකු මේ වැඩපිළිවෙල කඩාකප්පල් කරන්න එන්න . අපි 7 වැනිදා හම්බන්තොට එනවා . මේ සංවර්ධන වැඩපිළිවෙල ආරම්භ කරන්න‘  යි හම්බන්තොට නියෝජනය කරන රාජ්‍ය අමාත්‍ය වරයෙක් වූ දිලිප් වෙදආරච්චි පවසද්දී අද හම්බන්තොට වරාය සංවර්ධන කිරීමේ මූලික ගිවිසුම අත්සන් කරන බව කැබිනට් ප්‍රකාශක රාජිත සේනාරත්න මහතා පවසයි. සම්පූර්ණ ගිවිසුම සකස් කිරීමෙන් පසු අමාත්‍ය මණ්ඩයේ සහ පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගැනීමෙන් පසුව අත්සන් කරන බවද ඔහු පැවසීය.

මේ අතර මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරන සාකච්ඡාවක් අගමැති රනිල් සහ හිටපු කතානායක චමල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් හම්බන්තොට සංඝ නායක වරුන් ඉදිරියේදී ඊයේ පැවැත්විණ. ඒ අම්බලන්තොට වලව ජයවර්ධනාරාමයේදී ය. එහිදි සංඝයා වහන්සේලාද චමල් රාජපක්ෂද ඉදිරිපත් කරන ලද ප්‍රශ්න වලට අගමැතිවරයා පිළිතුරු දුන්නේය. ඔහු කියා සිටියේ හම්බන්තොටින් අක්කර 15000 ක් ගන්නවා යන කතාව අමූලික බොරුවක් බවයි. මෙම ආයෝජන ව්‍යාපෘතියට හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් ගන්නේ අක්කර 1200 ක් පමණක් බවත් ඒවාද රජයේ මුඩු ඉඩම් බවත් ඒවා හඳුනාගෙන ඉවර බවත් කිසිදු පුද්ගලයෙකුගේ සහ පුරාවිද්‍යා භූමි කිසිවක් ඒ අතර නොමැති බවද හේ කීය.

මේ අතර මෙම ක්‍රියාදාමයට විරුද්ධව වරාය සේවකයන් පොළඹවන්නේ අන් කිසිවෙක් නොව වරාය ඇමැති අර්ජුන රණතුංග සහ ඔහුගේ සොයුරා වරාය සභාපති ධම්මික රණතුංග ය. පසුගිය දිනවල ඔහු කොළඹ වරායේ කොට්ඨාශයෙන් කොට්ඨාශයේ රැස්වීම් සංවිධානය කරමින් තමාව එළැවීමට වරායේ වෘත්තීය සමිති සමගි වූවා සේ හම්බන්තොට වරාය චීනුන්ද නොදීමටද සියළු දෙනා සමගි වී විරෝධය දක්වන්නැයි කියා සිටියේ ය. ඒකාබද්ධ විපක්ෂයේ අය සමග වුව මෙහිදී එකතු විය යුතු යැයි අර්ජුන පවසා තිබිණ.  හම්බන්තොට වරායේ කළමණාකරණය චීන සමාගම සමග එක්ව කිරීමට ගිවිසුම් අත්සන් කළ යුත්තේ ශ්‍රී ලංකාවේ වරාය අධිකාරිය ය. එහිදී ඇමැතිවරයා ලෙස අර්ජුන සහ මලයා විසින් පගාව ලෙස රුපියල් මිලියන  300 ක් ඉල්ලා ඇතැයි දැන ගන්නට තිබේ. ඉන් මිලියන 200 ක් ඩොලර් වලින් ලැබිය යුතු යයිද රණතුංගලා ඉල්ලා ඇත. කෙසේ වෙතත් මෙම කටයුතු සිදු කෙරුණේ කැබිනට් මණ්ඩලය විසින් පත් කළ කමිටුවක් මගින් බැවින් අර්ජුනට පගාවක් ලබා ගැනීමට නොහැකි විය. එනිසා ඔහු දැන් මෙම ක්‍රියාවලියේ කකුලින් අදිමින් සිටී.
 
ණය භරිත හම්බන්තොට වරාය චීනයේම කරේ තැබීමට වරායේ වෘත්තීය සමිති වලින් ප්‍රධාන වෘත්තීය සමිති වන ශ්‍රීලනිප වෘත්තීය සමිතියද, එජාප වෘත්තීය සමිතියද, ස්වාධීන වෘත්තීය සමිතියද කැමැත්තක් දක්වති. ඔවුන්ගේ මතය වන්නේ පාඩු ලබන හම්බන්තොට වරාය වෙනුවෙන් කොළඹ වරායේ ලාභය වැයකිරීමට සිදුවීමෙන් කොළඹ වරායද කඩා වැටෙන බවයි. එබැවින් හම්බන්තොට චීනයේ කරේ තබා කොළඹ ඊසීටී ය විදේශ සමාගමකට දීම නතර කරන ලෙස එම වරාය වෘත්තීය සමිති වල ඉල්ලීම යි. අර්ජුනගේ ඉල්ලීම අනුව දැන් විරෝධය දක්වන්නෝ ජනතා විමුක්ති පෙරමුණේ වෘත්තීය සමිතිය සහ අර්ජුන ඇමැතිවීමෙන් පසුව ඔහු විසින් අටවන ලද සමිතිය පමණි.  

---------------------------
by     (2017-01-07 02:10:15)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links