~

මාධ්‍ය ජාල තුල කුහක ජාලය සහ කුහක ජාලයට බිලි වූ ජනාධිපති මාධ්‍ය අංශය

(ලංකා ඊ නිව්ස් - 2017.ජන.06, පෙ.ව.5.20) දරුණු මූල්‍ය අර්බුදයකට මුහුණ පා සිටින ‘රාඩා හොරා‘ ලෙස ප්‍රචලිත ටිරාන් අලස් ගේ ‘සිලෝන් නිව්ස් පේපර්ස් ‘ නමැති පුවත් පත් ආයතනය බේරා ගැනීම සඳහා මහාරාජා මාධ්‍ය ජාලයේ අධිපති කිලී මහාරාජා ඉදිරිපත් වී සිටී.

බංකොලොත් වෙමින් පවතින ටිරාන් අලස්ගේ දිනපතා පුවත් පතේ සහ සති අන්ත පුවත් පතේ කර්තෘ වරුන් දෙදෙනා වූ තුෂාර ගුණරත්න සහ උපුල් ජෝෂප් ප්‍රනාන්දු දෙදෙනා එම පුවත් පතේ මාධ්‍යවේදීන් රාශියක් සමග ඇලෝෂියස් මහේන්ද්‍රන් විසින් ආරම්භ කිරීමට නියමිත මාධ්‍ය ජාලයේ පුවත් පත සමග එක්වීමත් සමග ටිරාන් අලස්ගේ පුවත් පත් දෙක මුද්‍රණය කර ගත නොහැකි තත්ත්වයට පත් විය.

ඒ අවස්ථාවේදී ටිරාන් අලස්ගේ පිහිට ට පැමිණි කිලී මහාරාජා සිය මාධ්‍ය ජාලයේ අධ්‍යක්ෂකවරයෙකු වශයෙන් කටයුතු කරන අශෝක ඩයස් වහාම ටිරාන් අලස්ගේ පුවත් පත්හි කර්තෘ වශයෙන් පත් කර ටිරාන් අලස්ගේ පුවත් පත් බේරා ගැනීමට යැවීය. එහෙත් අශෝක ඩයස් ට වැටුප් ගෙවනුයේ මහාරාජාගේ මාධ්‍ය ජාලය විසිනි.

ටිරාන් අලස් සහ කිලී මහාරාජා අතර පවතින සමීප සම්බන්ධතාවයට මූලික හේතුව වන්නේ දෙදෙනාම සිය මාධ්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහිව නීච අන්දමින් යොදා ගැනීම ය. ලංකාදීප පුවත් පතේ සේවය කරමින් සිටි තුෂාර ගුණරත්න සහ උපුල් ජෝෂප් ප්‍රනාන්දු දෙදෙනා ටිරාන් අලස් ගේ පුවත් පත් සමාගමට එකතු වූයේ රනිල් වික්‍රමසිංහ සමග ඇති කර ගත් ගැටුමකින් පසුව ය. ඔවුන් දෙදෙනා ඒ දිනවල කට මැත දෙඩවූයේ “රනිල්ගේ දේශපාලනය ලඟදීම අවසන් කරන බව“ කියමිනි. නමුත් ඊට පෙර දෙදෙනාම වසර ගණනාවක් පුරා රනිල් වික්‍රමසිංහ මහතාගේ සමීපතම ඇම්බැට්ටයින් දෙදෙනා වූහ.

ටිරාන් අලස් ගේ ඉංග්‍රීසි පුවත්පතේ ආරම්භක කර්තෘ වූ ලලිත් අලහකෝන් මහතා එම පුවත් පතින් ටිරාන් අලස් ඉවත් කළේ ඔහු රනිල් වික්‍රමසිංහ මහතාට පෞද්ගලිකව අපහාස කරන ප්‍රවෘත්ති පළ කිරීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙනි. රනිල් වික්‍රමසිංහ මහතා සම්බන්ධයෙන් දේශපාලන විවේචන පල කිරීමට තමා එකඟ නමුත් ටිරාන් අලස් සමග තුෂාර-ජෝෂප් දෙදෙනාගේ පෞද්ගලික එදිරිවාදිකම් සඳහා රනිල් වික්‍රමසිංහ මහතාට මඩ ගැසීමට තමා විරුද්ධ බව ලලිත් අලහකෝන් මහතා ටිරාන් අලස්ට එක හෙළා පවසා සිටියේ ය. 

ලලිත් අලහකෝන් මහතා අසාධාරණ ලෙස ඉවත් කිරීමට එරෙහිව එම පුවත් පතේ කර්තෘ මාණ්ඩලිකයන් ගණනාවක් විරෝධය පා ඉල්ලා අස්වූහ.

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂකට මහාරාජාගෙන් වැටුප්

මේ අතර කිලී මහාරාජාගේ මාධ්‍ය ජාලයේ සේවකයෙකු වන ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ධර්ම ශ්‍රී ට තවමත් කිලීගේ මාධ්‍ය ජාලය විසින් වැටුපක් ගෙවන බව ද වාර්තා වේ. ධර්ම ශ්‍රී ජනාධිපති මාධ්‍ය අංශය මෙහෙයැවීමේ ආකාරය ගැන එම මාධ්‍ය අංශය පමණක් නොව රටේ කිසිවෙකුද සෑහීමකට පත් වී නැත. ඊට ප්‍රධාන හේතුව වී ඇත්තේ ඔහු ලංකාවේ තිබෙන එකම මාධ්‍ය ආයතනය කිලීගේ මාධ්‍ය ආයතනය පමණක් යයි සිතා රාජකාරි කිරීම ය. 

මේ දිනවල කිලීගේ මාධ්‍ය ආයතනය රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා ඉලක්ක කරමින් ඉතාමත් දරුණු ආකාරයෙන් පුවත් විකෘති කරමින් සිටී. ඊට හොඳම සාක්කිය පසුගියදා කුරුණෑගල ආරම්භ කරන ලද වාහන එකලස් කිරීමේ කර්මාන්ත ශාලාව ගැන කරගෙන යන මඩ ගැසීමයි. එම කර්මාන්ත ආයතනය ලංකාවට පැමිණීමෙන් ජනතාවට අත්වන වාසි අවාසි පසෙක ලා වොක්ස් වැගන් සමාගමට එහි ඇති සුජාත භාවය පිළිබඳ කොනක් අල්ලාගෙන රනිල් වික්‍රමසිංහට එරෙහිව අතිවිශාල මඩ ප්‍රහාරයක් එල්ල කරමින් සිටී. මහාරාජාගේ සුරතලෙකු වී සිටින රතු පැටියාද, කාලයක් තිස්සේ එජාප නායකයාට මඩ ගැසීමේ පාරමිතාව පුරන කාලකන්නි පිස්සූන් වහන්සේ නමක් ද මේ සඳහා භාවිතා කරමින් සිටී.  ඊට ජනාධිපතිගේ මාධ්‍ය අධ්‍යක්ෂ ධර්ම ශ්‍රී ගේ නොමඳ සහායද ලැබී තිබෙන බවද සම්පූර්ණ සත්‍යයකි. මේ අනුව කිලී - ටිරාන් වැනි තම පුද්ගලික අරමුණු වෙනුවෙන් පවත්වාගෙන යන කුහක ජාලයට ජනාධිපති මාධ්‍ය අංශයද බිලි වී තිබෙන බව ජනතාව දැන ගත යුතුය. 

---------------------------
by     (2017-01-06 00:01:02)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links