~

ගම්පහ බණ්ඩාරනායකේ දූෂිත විදුහල්පති අධිකරණයට

(ලංකා ඊ නිව්ස් -20­­­­16.දෙසැ.09, ප.ව‍‍‍‍‍‍‍.5.20) දූෂණ රැසක් පිලිබඳ ලංකා ඊ නිව්ස් විසින් දිගින් දිගටම හෙළිදරව් කළ ගම්පහ බණ්ඩාරනායක විදුහලේ විදුහල්පති ලාල් දිසානායක ඇතුළු පිරිසකට එරෙහිව නඩු පැවරන ලද අතර  විද්‍යාලයයේ ආදි ශිෂ්‍ය සංගමයේ සිදුවී ඇතැයි කියන අක්‍රමිකතා සම්බන්ධයෙන් අවුරුදු අටක ගිණුම් විගණනය නොකිරීම ගැන කරුණු දැක්වීමට ලබන ජනවාරි 13 වැනි දා අධිකරණයේ පෙනී සිටින ලෙස විදුහල්පති ලාල් දිසානායක ඇතුළු පිරිසකට ගම්පහ අතිරේක දිසා විනිසුරු නන්දන අමරසිංහ විසින් අද (09) නොතීසි නිකුත් කළේය.


ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයයේ විදුහල්පති ලාල් දිසානායක, ආදි ශිෂ්‍ය සංගමයේ විධායක ලේකම් ලංකා බණ්ඩාර, හිටපු විධායක ලේකම් අතුල රණවීර, හිටපු ජ්‍යෙෂ්ඨ භාණ්ඩාගාරික ලයනල් එදිරිසූරිය සහ ඩබ්ලිව් කේ සුමනසේකර ඇතුළු 15 දෙනෙක් එම පෙත්සමෙන් වගඋත්තරකරුවන් කරනු ලැබ සිටිති.

එම විද්‍යාලයයේ ආදි සිසුන් හතර දෙනකු වන දුමින්ද හපුආරච්චි, (පොලිස් ප්‍රහාරයකට ලක්ව තනියම නඩු කියා ජයගත් දුම්රිය මගියා) සුජිත් ප්‍රියන්ත රුබේරු, අසංක දර්ශන ජයසිංහ සහ දීපාල් නිශාජිත් වීරක්කොඩි හා එම පාසලේ ආදි ශිෂ්‍ය නීතීඥවරු පිරිසක් නඩුව ගොනු කළහ.

සමාගම් රෙජිස්ටාර් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර ඇති ආදි ශිෂ්‍ය සංගමයේ 2007 සිට ගිණුම් රජයේ පිළිගත් ලියාපදිංචි විගණකවරයකු මගින් විගණනය කර නැතැයි ද, එම කාල සීමාවේ රුපියල් කෝටි තුනක වියදමින් ඉදි කළ පාසලේ පිහිනුම් තටාක ව්‍යාපෘතියේ ගෙවීම්වලදී මූල්‍ය අක්‍රමිකතා සිදුවී ඇති බවට චෝදනා එල්ල වී ඇතැයි ද පැමිණිල්ලේ සදහන් වේ.

අධ්‍යාපන අමාත්‍යංශ චක්‍රලේඛ අනුව විදුහල්පති නිල බලයෙන් ආදි ශිෂ්‍ය සංගමයේ සභාපති වන බවත්, සංගමයේ සියලුම මූල්‍ය කටයුතුවල විදුහල්පති වගකිව යුතු බවත්, නඩුවේ දෙවැනි විත්තිකාර ලාල් දිසානායක විද්‍යාලයයේ ආදි ශිෂ්‍ය සංගමයේ කටයුතු සදහා සක්‍රීයව දායක වී ඇති බවත් පැමිණිල්ලේ දැක්වේ.

අධ්‍යාපන අමාත්‍යංශ චක්‍රලේඛ අනුව රජයේ විගණකාධිපති මගින් හෝ රජයේ ලියාපදිංචි වෙනත් විගණකවරයකු මගින් 2007 සිට 2012 දක්වා ගිණුම් විගණනය කරන ලෙස ද, එමගින් මූල්‍ය අලාභයක් සංගමයට සිදුවී ඇතැයි අනාවරණය වන්නේ නම් විදුහල්පතිවරයා ඇතුළු අදාළ වගඋත්තරකරුවන්ගෙන් අය කර දෙන ලෙස ද පැමිණිල්ල ඉල්ලා සිටියි.

නීතීඥවරුන් වන තරංග වීරසිංහ, සමන් කිරිඇල්ල, ලක්දිනු ධීරසේකර, චවිරු සිරිසේන, සහ තුසිත රණතුංග සමග ජ්‍යෙෂ්ඨ නීතීඥවරුන් වන නිමල් රණසිංහ සහ චන්දන විජේසූරිය යන අය පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටියහ.

-ස්තූතිය දිණමිනට-

---------------------------
by     (2016-12-09 12:08:59)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  1 discussion on this news

මේ පිනාට කඩේ ගිය කල්ප ගීතප්‍රිය / තුසිත වීරසිංහ කියන බත් බැලයො දෙන්නටයි චමින්ද විදානගේ කියන මුසලයටයි දැන් ඇදගෙන ඉන්න රෙද්දේම යනවලු. හොද වැඩේ ගෙරි ලාලටයි, මිනිහට පස්ස අල්ලපු ලංකා ඇතුළු හොර නඩේටයි.
-- by Asha Buddhi on 2016-12-09

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links