~

දර ලිප්, මදුරු කොයිල්, හඳුන්කූරු ආදී ගෘහස්ථ වායු දූෂණයෙන් වසරකට මරණ 3500 ක් - සම්මානිත මහාචාර්ය ඕ.ඒ.ඉලේපෙරුම

(ලංකා ඊ නිව්ස් -20­­­­16.දෙසැ.07, ප.ව‍‍‍‍‍‍‍.2.30) ගෘහස්ථ වායු දූෂණය හේතුවෙන් ශ්‍රී ලංකාවේ වසරකට පුද්ගල මරණ 3500ක් පමණ සිදුවන බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ විද්‍යා පීඨයේ රසායන විද්‍යා දෙපාර්තමේන්තුවේ සම්මානිත  මහාචාර්ය ඕ.ඒ.ඉලේපෙරුම මහතා පවසයි.

වායු දූෂණය පිළිබඳ කරන ලද පර්යේෂණවලදී හෙළි වී ඇත්තේ කර්මාන්තශාලා, වාහන වලින් පිටවන දුම් මෙන්ම නිවාස ආශ්‍රිතව සිදුවන ක්‍රියාකාරකම් හේතුවෙන් ද විශාල වශයෙන් මිනිසාට හානි සිදුවන බව යැයි මහාචාර්යවරයා කීවේය.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්ත අනුව වායු දූෂණය හේතුවෙන් වසරකට ලෝකයේ පුද්ගල මරණ මිලියන 08ක් වාර්තාවන බවත් මිලියන 04ක් ගෘහස්ථ වායු දූෂණය හේතුවෙන් සිදුවන මරණ යැයි ඒ මහතා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ විද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ දී පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.

වාහනවලින් පිටවන දුම් හේතුවෙන් මිනිස් සිරුරුට අහිතකර තත්ත්වයන් රැසක් ඇති වන බව කී ඒ මහතා මෙසේ ප්‍රකාශ කළේය.

වායු දූෂණය පිළිබදව ශ්‍රී ලංකාවේ නිසි පර්යේෂණ සිදුවන්නේ නැහැ. ඒ සදහා යොමුවන අවධානය ප්‍රමාණවත් නැහැ. වාහනවලින් පිට වන ඩීසල් දුම හේතුවෙන් පිළිකා ඇතිවන බව අද පැහැදිලිව හදුනාගෙන තිබෙනවා. ඇතැම් දුම් නාසය මගින් සිරුරට ඇතුල්වීම වළකා දැමුවත් ඉතා කුඩා අංශු පෙණහලුතුලට තැම්පත්වීමේ අවධානම ඉතා ඉහළයි. මයික්‍රෝන 10ට වඩා සියුම් අංශු ඉතා පහසුවෙන් පෙණහලු තුලට පිවිසෙනවා. 

අද වන විට දර ලිප්, දුම් ඇල්ලීම, හඳුන්කූරු,  මදුරු නාශක දුම් ආදිය නිසා ගෘහස්ථව සිදුවන වායු දූෂණය ඉතා ඉහළයි. දර වලින් කුඩා අංශු වර්ග 370ක් පමණ වායු ගෝලයට මුදා හැරෙන බව හඳුනාගෙන තිබෙනවා. ගෘහස්ථව භාවිත කරන ගෑස් වලින් ද පිටවන ඇතැම් අංශු මිනිස් සිරුරට හිතකර නැහැ. මේ නිසා ආහාර පිසීමේදී වාතාශ්‍රය සහිත ස්ථානවල ලිප් සකස් කර ගත යුතුයි යැයි සම්මානිත මහාචාර්ය ඕ.ඒ.ඉලේපෙරුම මහතා පැවසීය.

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ විද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ අධ්‍යක්ෂ මහාචාර්ය එච්.එම්.ඩී.නාමල් ප්‍රියන්ත මහතා අදහස් දක්වමින්, කොළඹ හා මහනුවරට ඇද හැලෙන වැසි ජලයේ ආම්ලික තත්ත්වයේ පැහැදිලි වෙනසක් දැකිය හැකි යැයි කීවේය. කොළඹ නගරයේ පවතින අධික කර්මාන්ත ශාලා හේතුවෙන් මෙවැනි අහිතකර තත්ත්වයක් ඇති වන බවත් මේ හේතුවෙන් පානීය ජල සම්පාදනය, කෘෂි කර්ම කටයුතු ආදිය සදහා බලපෑමක් සිදුවන බව ද කීවේය.

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ රසානය විද්‍යා දෙපාර්තමේන්තුවේ අංශ ප්‍රධානී මහාචාර්ය අයන්ති නවරත්න මහත්මිය ද අදහස් දැක්වූවාය.

සේයාරූ සහ වාර්තාව නදීක දයා බණ්ඩාර - මහනුවර

---------------------------
by     (2016-12-07 09:08:23)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  1 discussion on this news

ප්ලේන් එකක් ඇඟට වැටෙයි කියා බියෙන් උඩ බල බල පයින් ගිහින් වාහනයක හැපී මිය යන අපේ පරිසර ඔස්තාර්ලා යන මැයෙන් පළ වු පහත සදහන් ලිපියද කියවන්න. http://www.lankaenews.com/news/4641/si අපේ පරිසර ඔස්තාර්ලා මෙව්වට මොනවත් කරලා නැනේ. චිමිනි තුනක් බදා ගෙන කෙස් පැලෙන තර්ක දාගෙන ඉන්නවා විතරයි. කිසිම වැඩකට නැති මෝඩයෝ සෙට් එකක්.
-- by නාමල් on 2016-12-08

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links