~

මං අහන්නෙ, මගේ මල්ලෙ සියඹලා ඇත්තෙම නැද්ද? - මෛත්‍රීපාල : “රාජපක‍්ෂල රකිනකොට සියල්ල ඉඹල ඇති“

පොර ටෝක් සහ කොර ටෝක් අංක - 112

(ලංකා ඊ නිව්ස් -20­­­­16.නොවැ.23, පෙ.ව‍‍‍‍‍‍.8.00) 

• ජනවාරි 8 වමෙන් දකුණට ගිය මට ආපහු වමට එන එක සුළු දෙයක් හිටං - මෛත්‍රීපාල සිරිසේන 
-හිට්ලර් ල පන්නපු ජනතාවට චැප්ලින්ල පන්නන එකත් මහ දෙයක් නෙවෙයි

• මං ගෝටාබය ආරක‍්ෂා කරන්නෙයි කීවෙ නෑ  - මෙත්‍රීපාල
-එයාපෝට් එක වහන්නෙයි කියලත් නො කිව් එකේ.....

• මේ ආණ්ඩුව විකුණන කිසි දෙයක් ආයෝජකයො ගන්න එපා. අපි බලයට ආවම ඒව පවර ගන්නවා  - කුපාම. මහින්ද රාජපක‍්ෂ
-ආත්ම කීයකට පස්සෙද දන්නෙ නෑ

• දැන් ආණ්ඩුව මෙන්ම රට ත් බංකොළොත් - තිස්ස විතාරණ
-පිස්සු විකාරණට ඇමතිකමක් නොදුන් නිසා නොවැ

• මං බොහොම පැහැදිලිව කියන්න ඕන හිටපු ආණ්ඩුවෙන් එළියට ආවෙ පක‍්ෂය අත හරින්නෙ නැතිව - මෛත්‍රීපාල 
-අම්මප මඩු වලිගයක් තිබුනනම් අපිටම තලාගන්න තිබුණ

• මට ජනාධිපතිකම කරන්න පිළිවන්. මට ඒ සඳහා ඇති නුසුදුසුකම මොකක්ද? - ගෝටාබය රාජපක‍්ෂ
-හොයි...අයියා මල්ලී වාගේ මල්ලී අයියා....

• පරණ පක‍්ෂයක නම වෙනස්කර පිහිටුවා ගත් නව පක‍්ෂයේ නායකයා ජීඇල් පීරිස් - පුවතක්
-ජී.ඇල්.චිරිස්ලාට චී.චී.කෙසෙල්(ලෙලි)

• සෝභිත හාමුදුරුවන්ගෙ මරණය ගැන අපි කොමිසමක් ඉල්ලූවත් ආණ්ඩුව දුන්නෙ නෑ - වීරවංස
-ඔහෙගෙ ගෙදරදි මැරුම් කාපු කොලුව ගැනත් කොමිසමක් ඉල්ලුවැයි?

• මට හැමෝම බනිනවා, දිගටම බනිනවා, මං අහන්නෙ, මගේ මල්ලෙ සියඹලා ඇත්තෙම නැද්ද - මෛත්‍රීපාල
-රාජපක‍්ෂල රකිනකොට සියල්ල ඉඹල ඇති

• වීරවංසගෙ ගෙදරදි මැරුණු තරුණය ගැන යූඇන්පී කාරයොත් කට හොල්ලන්නෙ නෑ - පුවතක්
-එක්සත් ජාතික ව්‍යාග්‍රා පක්ෂයට ගිහිල්ල ඇති

• මෛත්‍රී ජනපති කරන්න මූලික වුන චන්ද්‍රිකාට අවමන් කරන, සෝභිත හිමි ට වස කුප්පි පූජා කරපු ඩිලාන් වැනි අමන අපතයෙකුට පිං තනතුරු දීම වස ලැජ්ජාවක් - මහාචාර්ය සරත් විජේසූරිය 
-ලැජ්ජාව දැනෙන්නෙ මනුස්සයන්ටනෙ.. ඒත් ආප්පයන්ට..?

• මංත්‍රීවරුන් ගේ වැටුප් සහ දීමනා වැඩි කළ යුතුයි - අගමැති රනිල් 
-කොහේද යකෝ එහෙම ඡන්ද පොරොන්දුවක් තිබුනෙ..?

• වීරවංස කියන අට වම්බටු නව සුංගම් කතාව ජනතාවට අපබ්‍රංසයක් -පුවතක්
-අට පාස් නූනත් කට පාස් 

• මං අහනව මං පොදු සතුරාද කියල - ජනපති මෛත්‍රීපාල
-එදා පොදු අපේක්ෂකයා ඒත් අද පොදු අපේක්ෂා භංගත්වය..!

• ජනතා නියෝජිතයන්ට අමාරුයි. මගේ පඩියත් බිරිඳගෙ පඩියට වඩා අඩුයි - අගමැති රනිල්
-එක්කො රස්සාව මාරුකරන්න. නැත්නම් බිරිඳ මාරු කරන්න. ජනතාවට පව් නො දී.

• සමහරු කියනව ජනවාරි 8 ප්‍රතිඵලය ලෙස වැටුනේ පොද වැස්සක් කියල. මං කියනව ඒක මල් වැස්සක් කියල - ජනපති මෛත්‍රීපාල
-රාජපක‍්ෂලාටත් මල් වැස්ස තමයි..

• ජනවාරි 8 වෙනසින් ජනතාව අපේක‍්ෂා කළේ මොර සූරන වැස්සක්. ඒත් වැටුනේ පොද වැස්සක්  - වික්ටර් අයිවන්
-දැන් නම් ජනතාව ඉල්ලන්නෙ බොරුකාරයො හැඳි ගෑවිල යන මුරුගසං වරුසාවක්

• අපිට හොරා හොරා කියමින් මුණුත් හොරකම් කරනවා - කුපාම මහින්ද 
-හැබැයි තමුසෙව පරද්දන්න නම් බැරිවෙයි.

• හොර පාස්පෝට් තියාගත්තු හොර උප්පැන්න හදාගත්තු වීරවංසලට නඩු නෑ - විජිත හේරත් 
-යහපාලනෙ එහෙම තමා, ගෙවල් ඇතුළෙ මිනී මැරුවත් නඩු නෑ 

• මං සුදු වෑන්වලින් මිනිස්සු ඉස්සුව කියල ඔප්පු කරන්න පුලූවන්ද.? ඔය බොරු කථානෙ - ගෝටාබය 
-හැබෑ නේන්නම් ජීවන්ගෙ මස්සිනා, වනාතෙ සුනිල් උස්සපු වෙලාවෙ උන්දැලගෙ නෑයො මහින්ද අයියට කියලනෙ නිදහස් කරව ගත්තෙ

• අඩුවෙන් බලයේ හිටියත් වැඩියෙන් බලයෙ හිටියත් දේශපාලකයන් අපාගත වෙනවා - ජනපති මෛත්‍රීපාල
-දේශපාලකයො නම් මැරුණහම. ඒත් ජනතාව නම් දේශපාලකයො නිසා පණපිටින් අපාගත වෙලා

පොර ටෝක් කොර කළේ ගානි වාසුහේවා

---------------------------
by     (2016-11-23 02:40:29)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links