~

රනිල් සහ සාගලගේ සාර්ථක පිළිතුරු බැඳීම ගැන යුරෝපීය පාර්ලිමේන්තු සාමාජිකයෝ විමතියට

(ලංකා ඊ නිව්ස් -20­­­­16.ඔක්.23, පෙ.ව‍‍‍‍‍‍‍‍.7.30) යුරෝපීය පාර්ලිමේන්තුවේ විදේශ කටයුතු කමිටු සාමාජික සාමාජිකාවන් සහ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ ඇමැති සාගල රත්නායක මහත්වරුන්  අතර අදහස් හුවමාරු කර ගැනීමේ විශේෂ සැසියක් 20 වන දා දහවල් යුරෝපීය පාර්ලිමේන්තුවේ දී පැවැත්විණි.

යුරෝපීය පාර්ලිමේන්තු විදේශ කටයුතු කමිටු සභාපති එල්මා බ්‍රොක් (Elmar Brok) මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සැසිය මෙහෙයවන ලද්දේ දකුණු ආසියා නියොජිත ප්‍රධානී ජීන් ලැම්බර්ට් (Jean Lambert) මහත්මිය විසිනි.

ශ්‍රී ලංකාවේ වර්තමාන ආර්ථික හා දේශපාලන ප්‍රතිසංස්කරණ හා ප්‍රජාතන්ත්‍රීකරණය පිළිබඳව සිය ප්‍රසාදය පළ කළ ජීන් ලැම්බර්ට් මහත්මිය, එවන් යහපාලන ගමන් මගකට පිවිස ඇති ශ්‍රී ලංකාව වෙත සහය ලබා දීමට යුරෝපීය පාර්ලිමේන්තුව කටයුතු කළ යුතු බව පැවසුවාය.

ශ්‍රී ලංකාවේ නව ගමන් මාර්ගය පිළිබඳව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ අදහස් දැක්වීමෙන් අනතුරුව විදේශ කටයුතු කමිටු සාමාජික සාමාජිකාවන් වෙනුවෙන් ප්‍රශ්නෝත්තර වාරයක් ද පැවැත්විණි.

සාර්ක් සංවිධානයේ අනාගතය, ශ්‍රී ලංකාවේ සංහිදියාව ඇති කරලීම, ආර්ථික සංවර්ධනය, දුගී භාවය තුරන් කරලීම, යහපාලනය ආදී විෂයයන් ගණනාවක් ආශ්‍රිතව ප්‍රශ්න ඉදිරිපත් කෙරුණු අතර, අග්‍රාමාත්‍යවරයාත්, සාගල රත්නායක අමාත්‍යවරයාත් ඒ ප්‍රශ්න සඳහා පිළිතුරු සපයන ලදී.

ප්‍රශස්ථ හා පරිපූර්ණ අන්දමින් කරුණු පැහැදිලි කිරීම පිළිබඳව සභාපති එල්මාර් බ්‍රොක් මහතා ශ්‍රී ලංකා දූත පිරිසට කෘතඥතාව පළ කළේය. 

ශ්‍රී ලංකාව වෙත සිය උපරිම සහය ලබා දීමට ක්‍රියා කරන බව ද ඔව්හු පැවසූහ.

අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානි, නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක, අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක, බෙල්ජියමේ ශ්‍රී ලංකා තානාපති රොඩ්නි පෙරේරා, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සමන් අතාවුදහෙට්ටි, විශේෂ සහායිකා සැන්ඩ්‍රා පෙරේරා යන මහත්ම මහත්මීහු ද මේ අවස්ථාවට එක් වූහ.

---------------------------
by     (2016-10-23 02:11:00)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  1 discussion on this news

Ranil ge prashastha bawa, raaja thaanthrika bawa gana katha dekak na. hemihita hari me rata karagena yanna ida denawanam Ranil thama hondama nayakaya
-- by yamuna on 2016-10-24

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links