(ලංකා ඊ නිව්ස් -2016.ඔක්.20, ප.ව.7.10) ජොස්තර මාෆියාවේ උදව් සහිතව හොර ලෙඩ පෙන්වා රිමාන්ඩ් සිරගෙදරින් මිදී කොළඹ ජාතික රෝහලේ ගෙවන වාට්ටුවකට වී කල් ගෙවන තජුඩීන් ඝාතනයේ සැකකාර හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක ඉන් ඉවත් කර බන්ධනාගාර ගත කරන්නැයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා බන්ධනාගාර අධිකාරී වරයාට ඊයේ නියෝග කෙළේය.
ඔහුට නේවාසිකව ප්‍රතිකාර ලැබීමට තරම් දරුණු රෝගී තත්ත්වයක් නොමැති බව සඳහන් මහේස්ත්‍රාත් වරයාගේ නියෝගය පිටු 40කින් යුක්තය.
නීතිය ඉදිරියේ සියල්ලෝම එක හා සමාන බවට මූලික නීතියෙන් පිළිගෙන ඇති බව සඳහන් කළ මහේස්ත්‍රාත්වරයා රෝගය වත්පොහොසත්කම මත තීරණය නොකරන බවත් ජීවත්වීමේ අයිතිය මෙන්ම ප්‍රතිකාර ගැනීමේ අයිතිය සියලු සැකකරුවන්ට පොදු වන අතර ඊට වත්පොහොසත්කම බල නොපාන බැවින් බන්ධනාගාර ආඥා පනතේ 69(1) වගන්ති ප්‍රකාරව ක්‍රියාත්මක කරන ලෙසට බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කළේය.
ශ්‍රී ලංකාවද එක්සත් ජාතීන්ගේ රැඳවියන්ගේ ප්‍රතිපත්ති මාලාවට එකඟව ඇති බැවින් මුදල් අය කර වෛද්‍ය පහසුකම් ලබාදීම ඊට අදාළ නොවන බව සඳහන් කළ මහේස්ත්‍රාත්වරයා 2003 වසරේ සිට කිසිම අවස්ථාවක සැකකාර අනුර සේනානායක නේවාසිකව ප්‍රතිකාර ලැබූ බවට වෛද්‍ය වාර්තා මඟින් කරුණු තහවුරු නොවන බවද පැවැසීය.
මීට අමතරව හිටපු අධිකරණ වෛද්‍ය නිලධාරි ආනන්ද සමරසේකර මහතා සම්බන්ධව වෛද්‍ය සභාවේ පැවැත්වෙන විමර්ශන ලබන මස 30 වන දිනට පෙර අවසන් කර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටද මහේස්ත්‍රාත්වරයා වෛද්‍ය සභාවේ සභාපති මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා වෙත නියම කළේය.
අදාළ විමර්ශනය සඳහා දැනටමත් මාස 9 ක කාලයක් ගත වී ඇති බව සඳහන් කළ මහේස්ත්‍රාත්වරයා අනවශ්‍ය ප්‍රමාදයකින් තොරව ජනතාවට යුක්තිය ඉෂ්ට කළ යුතු බව දන්වමින් වෛද්‍ය සභාව වෙත මෙලෙස නියෝගයක් නිකුත් කෙරිණ.
ලංකා ඊ නිව්ස් වෙත වාර්තා වන අන්දමට මරණ දඬුවම් නියම වී ඇති දුමින්ද සිල්වා ද විමල් වීරවංශගේ සොයුරාද ඇතුළු බොහෝ සිරකරුවන් මේ වන විට සිටින්නේ සිර මැදිරි වල නොව බන්ධනාගාර රෝහලේ ඇඳන් මතය.
මෙම පාදඩ කුමන්ත්‍රණයට සහාය දක්වන්නේ ජොස්තර මාෆියාව ය. ජොස්තර මාෆියාව විසින් නිකුත් කරන ව්‍යාජ රෝග වාර්තා නිසා බන්ධනාගාර කොමසාරිස්වරයාටද කර කියා ගත හැක්කක් නැත.
ස්තූතිය සිරංජනී කුමාරිට
---------------------------
by (2016-10-20 14:31:07)
Leave a Reply
ලංකා ඊ නිව්ස් වෙත වාර්තා වන අන්දමට මරණ දඬුවම් නියම වී ඇති දුමින්ද සිල්වා ද විමල් වීරවංශගේ සොයුරාද ඇතුළු බොහෝ සිරකරුවන් මේ වන විට සිටින්නේ සිර මැදිරි වල නොව බන්ධනාගාර රෝහලේ ඇඳන් මතය.
Potta Naufer, ? ara keerthimath Vinisuru Sarath Ambepitiya Srimathanan amu amuwe ghatanaya korapu kudu raja.? anna Uooo MaRa ge kaale gedarath giyaa. gaanu gennagannawa bandanagareta. hebai putho Gota la ta aaye balaya hambunoth moolaa okkomala nidahas, kirigahata anna wage kiyannam, nidahas aaye dekak naa. Yahapalane kiyana ponna palane mehemanam. api chande dunne mekata neme yako. kiyapu vidihata wedakorapiya ponnayo... barinam daala pala. mahajanathaawagen redda galawaganne nathuwa.
-- by Maru-sira on 2016-10-22
me hora wesige pakayo, Gotalata kade giya keri ballo, remand eken eddi mokada me KALU COAT gahagana ? munta yako redi andagana neme usavi genda o,ne. amu heluwen. andagana enawa coat. munge ammage ARAKA. keri ballo. munge puka dige ezlone batayak arala, katukambiyak daala, bate ahakata aragana, kambiya hemin addanam, aththa kiyai, boruwata kaale kanawa, (usavigenawa, geniyanawa,/////........ hariyata teledrama ekak wage. apita mewwata hinaa yanne puken.
-- by Thoge-Kirillee on 2016-10-22
This is a very unfortunate situation created by Padadadenia Mafia. For these criminals prison is a better place than home.Thanks to the Mafia.
-- by suri on 2016-10-22
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි