~

හොර පෙරකදෝරු නාමල් රාජපක්ෂ ග්‍රහලෝකයම හිනස්සන නඩුවක් පවරයි..! ‘හොර සිත‘ රිදුනා කියා කෝටි 20 ක් ඉල්ලයි

(ලංකා ඊ නිව්ස් -2016.ඔක්.11, පෙ.ව.6.45) තමාගේම කෝටි 5 ක් විදේශිකයෙකුගේ ආයෝජන ලෙස පෙන්වා කළු සල්ලි සුදු කිරීමටත්, හමුදා මූලස්ථානය තිබූ අක්කර 4 හමාරක ඉඩම ලබා ගත් ක්‍රිස් සමාගමේ ගුප්තාගෙන් කප්පම් හෝ කොමිස් ලෙස කෝටි 7 ක් ලබා ගැනීමටත් එරෙහිව FCID ය විසින් අත් අඩංගුවට ගත් මැදමූලන නීලකාස හොර පෙරකදෝරුවා නාමල් රාජපක්ෂ ග්‍රහලෝකය හිනස්සන නඩුවක් ඊයේ පැවරුවේය. 

එනම් ඉහත කී වැරදි වලට 2016 ජුලි 11 වෙනිදා තමන් අත් අඩංගුවට ගැනීමත් දින 07 ක් රක්ෂිත බන්ධනාගාර ගතකිරීමත් නිසා අපකීර්තියක් සිදුවූ බවත්, ශාරිරික හානියක් හා සිත්වේදනාවක් ඇති වූ බවත් ඊට වන්දි ලෙස රුපියල් රුපියල් කෝටි 20ක වන්දියක් FCID යේ නිලධාරින් දෙදෙනකුගෙන් අයකර දෙන ලෙසත් ඉල්ලමින් කොළඹ දිසා අධිකරණයේ නඩු දෙකක් පැවරුවේය.

නාමල් රාජපක්ෂ මෙවැනි විහිළු සහගත නඩු පැවරීම ගැන පුදුම නොවිය යුත්තේ ඔහු පෙරකදෝරුවෙක් බවට පත් වූයේ නීති විභාගය හොරට ලිවීමෙන් බැවිනි. නාමල්ගේ නඩුවට පෙනී ඉන්නේ අතුල ද සිල්වා නමැති නීතිඥයෙකි. 

නාමල් කියා සිටින්නේ රග්බි ක්‍රීඩාවේ සංවර්ධනය සඳහා පුද්ගලික සමාගමකින් මුදල් ලබා ගැනීමේ සිද්ධියකට තමාව අත් අඩංගුවට ගැනීමට කිසිදු නීතිමය පදනමක් නොමැති බවයි. නාමල් නොකියන කතාව නම් රග්බි ක්‍රීඩාවට කියා ක්‍රිස් සමාගමේ ගුප්තාගෙන් ගත් කෝටි 7 න් සතයක් වත් රග්බි ක්‍රීඩාවට යොදවා නොතිබීමයි. 

ගුප්තාගේ ගුප්ත කෝටි 7

කොළඹ ගෝල්ෆේස් ඉදිරිපිට පැරණි හමුදා මූලස්ථානය තිබූ අක්කර 4 හමාරක ඉඩම වික්කේ ඉන්දියානු ක්‍රිස් නමැති සමාගමකට ය. ඒ වෙනුවෙන් නාමල් රාජපක්ෂ එම සමාගමෙන් රු. මිලියන 70 ක් හෙවත් කෝටි 7 ක්  කප්පම් හෝ කොමිස් මුදලක් ලබා ගත්තේ අපූරු ක්‍රමයකට ය.

ක්‍රිස් සමාගමේ ගුප්තා එම කප්පම් මුදල වූ රු.කෝටි 7 ගෙවා තිබුනේ නිමල් පෙරේරා නමැති බැංකු කරුගේ පුද්ගලික ගිණුමටය. එම මුදල තමා නාමල් රාජපක්ෂගේ අතට ලබා දුන් බව නිමල් පෙරේරාගෙන් ප්‍රශ්න කිරීමේදී ඔහු පාපෝච්ඡාරණය කෙළේය.

නාමල් රාජපක්ෂගෙන් FCID ප්‍රශ්න කරද්දී අද මෙන්ම ඔහු කියා සිටියේ එම මුදල කාල්ටන් රග්බි තරඟාවලිය සඳහා ලබා දුන් මුදලක් බවයි. මන්ද යත් නිමල් පෙරේරා ඒ වන විට කාල්ටන් ක්‍රීඩා සමාජයේ සභාපති වරයා ලෙස කටයුතු කරමින් සිටි බැවිනි.

නමුත් පරීක්ෂණ වලදී හෙලි වූයේ රග්බි තරඟාවලිය සඳහා සියලු වියදම් එම තරඟාවලියට සහභාගී වූ රග්බි ක්‍රීඩා සමාජ 8 ක් විසින් සහ වෙනත් අනුග්‍රාහකයන් විසින් දරා ඇති බවයි. නාමල් ක්‍රිස් සමාගෙමන් ලබා ගත් කෝටි 7 න් එක සත පහක් හෝ රග්බි තරඟාවලිය සඳහා වියදම් කර තිබුනේ නැත. නාමල්ට එලෙස වියදම් කළා යැයි ඔප්පු කිරීමට කිසිදු සාක්කියක් තිබුනේ ද නැත.

අන්තරස්ධාන අල්සමාන්

නාමල් එදා අත් අඩංගුවට ගත් අනෙක් කාරණය නම් තමාගේම මිලියන 50 ක් හෙවත් කෝටි 5 ක් විදේශ ආයෝජනයක් ලෙස පෙන්වා කළු සල්ලි සුදු කිරීමයි. ඒ මෙසේය. නාමල් රාජපක්ෂ විසින් බංගලාදේශයේ අල්සමාන් නමැත්තෙකුගේ ගිණුමට මැයි සහ ජුනි මාසවල දී රුපියල් මිලියන 52 ක් බැර කර ඉන් මාස කිහිපයකට පසුව අල්සමාන් විසින් නාමල්ගේ ගිණුමට යලිත් රුපියල් මිලියන 50 බැර කර තිබේ.  පසුව නාමල් එම මිලියන 50 විදේශ ආයෝජනයක් ලෙස පෙන්වා බැංකු අයිරාවකින් අමතර රුපියල් මිලියන 50 ක්ද ලබාගෙන මිලියන 120 කින් හෙලෝකෝප් නම් සමාගම  BOI පහසුකම් සහිත ව්‍යාපාරයක් ලෙස ආරම්භ කළේය. 

මෙහිදි නාමල් සුද්දවන්තයා වීමට නම් තමන්ට මිලියන 50 ක් දුන් අල්සමාන් නමැති බංගලිදේශ ජාතිකයා ඉදිරිපත් කළ යුතු වුවද අද දක්වා එවැනි අල්සමාන් කෙනෙක් ඔහු ඉදිරිපත් නොකළා පමණක් නොව බංගලා දේශයේ ආරක්ෂක අංශ වලටවත් එවැන්නෙක් සොයා ගත නොහැකි වී ඇත. 

මෙවන් නීල කාස හොරෙක් අත් අඩංගුවට ගැනීමෙන් ‘හොර හිත‘ රිදුනා යැයි කියා වන්දි ඉල්ලීම මේ ග්‍රහලෝකයම හිනස්සන තරම් විහිළුවක් නොවේද? 

---------------------------
by     (2016-10-11 02:03:07)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  7 discussion on this news

අතුල ද සිල්වා රටම හිනස්සයි
-- by Noma on 2016-10-11

ONNA DAN WATH ME HORA WAL WESA BALLAGE LAW EXAM EKA HORATA KORAPU HATI , ANITH HORA MAGADI OKKOMA HOYANNATH HONDAMA WELAAWA. ANE ME GON BIJJAA , HUJJA KOLLA, NATANA NETILLAKA THARAMA. YAHAPAALANETA THAAMATH HEBAI BARIUNAA ME EKEKUTA IKMANATA NADUWAK AHALA DANDUWAM DENDA. HEBAI WEDA KATAYUTHU IKMAN NOKALOTH KELAWENAWA YAHAPALANETATH. E LAGATA ME HUTHTHIGE PUTHTHU YAHAPALANEN PALIGANNE NIYAMA NADU DAALA NEMEI. DEKKANE GENARAL THUMAATA DAAPU NADU, SHIRANI BANDARANAYAKA METHINIYA PANNAPU HETI. NADU KAARAYO VIDIHATA HORU UDA USAAVI WALATA PATHKORAPU HATI. [ UN THAAMA NADU AHANAWA HEBAI YASA AGETA - PATTA HORU] , NADU KAARAWARUN ARALIYA GAHA MANDIRE OFFICE EKAKIN EKA REYAKIN MAARU KORALA SEE SEEKADA YEWWA HATI. PARA GASTARA SEPALA RATANAYAKATAI, PALITHA GALAPPATHTHITAI O,NE VIDIHATA. A SERAMA THAWA NOKEE KIYAK JAATHIDA. AAHH... SRI LANKAN AIR KAALADAAPU HATI APPALA, PUTHAALA, MEWWA SERATAMA YAHAPALANEN UTHTHARA DUNNE NETHTHAN RATEMA MINISSUNTA sRIRISENA MAHATHTHAYATATH EKKAMA KANDA WENNE WAHA THAMAA... BALAMU MOKADA WENNE KIYALA. MOKA NETHATH ME WAL HUJJA GON BIJJE HORA LAWYER GE LAWYER KAMA VIMARSHANAYAK KARALA [NIKAMMA NEWE] GELEWWE NETHTHAN.... MOKATADA ME RATA.
-- by Samal on 2016-10-11

ammapalla me hora wesige puthaa lawyer wechcha hati hoyala, hora paren vibage liwwata kawadda me mee gona naambata nadu daanne, maha ekaala okkoma budi.
-- by Siripala on 2016-10-11

ithin paaharayo umba nadukaarayada theendu denna. thopita kelawena dawasa wadi athaka nove.
-- by daham on 2016-10-11

මම නිතරම කියන දෙයක් තමයි "නයෙක් වුනත් අවශ්‍ය වෙලාවේදී පෙනේ පුප්පල පෙන්වන්න ඕනේ මම නයෙක් කියල,නැතිනම් හිටහන්නේ පන බයේ දුවන ගැරඩියෙක් කියලයි."එදා ෆිඑල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ජනාධිපති කරව ගන්න නොලැබුණේ රටේ දරුවන්ගේ අවාසනාවටයි .ෆිඑල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා හිටියනම් දවස් කිහිපයක් ඇතුලතදී කම්බා හොරු ලංකාවෙන් පැනල ගිහින් ඉවරයි.
-- by tikiri banda on 2016-10-11

නෙලුම් කුලුනෙන් පමණක් රුපියල් ලක්ෂ 66,500 ක් ගසා කෑවා.ඩුබායි බැංකු 9 යක දාල තියෙන අපේ මුදල් රුපියල් කෝටි 46,500 ගන්න ක්‍රමයක් බලහල්ල.ඒ මුදල් ඇති රටේ දුප්පත් කම තුරන් කරන්න.මුන් හිතන් ඉන්නේ රටේ ඉන්නේ ඔක්කොම පොන්නයෝ කියල.එහෙම හිතාගෙනයි රාජපක්ෂලා දගලන්නේ.මුන්ට දගලන්න දෙන්න බෑ
-- by tikiri banda on 2016-10-11

Mokaada me "Athula de Silva " kiyanne. ara Attorney General Department eke inna kayya gahana , loku talks dena , eka nathuwa AGs dept eka duwaganna baa wage thousand talks dena ponnayek wage ekaa Sudarshana Silva ge loku ayya da..? Sure Uoo wenda O,ne wena nam gon bijjek naa Bar association eke me ponna hora gon biju lawyer katta wenuwen nadu pawarala usaaviye appear wenda.
-- by Sumathi on 2016-10-12

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links