~

හෙට 27 දා බැංකු විරෝධයක් නෑ: යවා ඇත්තේ බොරු ලියුමක් - සමස්ථ ලංකා බැංකු සේවක සංගමය කියයි

(ලංකා ඊ නිව්ස් -20­­­­16.සැප්.26, ප.ව‍‍‍‍‍‍‍.6.30) හෙට උද්ඝෝෂණයක් පැවැත්වීමට සමස්ථ ලංකා බැංකු සේවක සංගමය හෝ කිසිදු සහෝදර සංගමයක් තීරණයක් ගෙන නැතැයි එම සංගමයේ ලේකම් වරයා නිල නිවේදනයක් නිකුත් කරමින් පවසයි. ඒ මෙසේය.

සියළුම ශාඛාවන් වලට නිර්නාමිකව යවා ඇති ලිපියක් මගින් ලබන සැප්තැම්බර් 27 වැනි දින (හෙට) උද්ඝෝෂණයක් සඳහා මහජන බැංකු සේවකයින් කොළඹට කැඳවා ඇත. මෙවැනි උද්ඝෝෂණයක් පැවැත්වීමට අප සංගමය හෝ  කිසිදු සහෝදර සංගමයක් තීරණයක් ගෙන නැත. මෙය හුදෙක් වෘත්තීය සමිති වල සිටින අවස්ථාවාදීන් කිහිප දෙනෙක් විසින් සිදු කරනු ලබන්නක් බව දැනට කරුණු වාර්තා වී තිබේ.

එම නිසා මෙවැනි උද්ඝෝෂණයන්ට සහභාගී වීමෙන් තව තවත් මහජන බැංකුවට සිදුවන යහපතක් නොමැති බැවින් මෙවැනි උද්ඝෝෂණ වලට සහභාගී වීමෙන් වැලකෙන ලෙස සේවක ප‍්‍රජාවගෙන් ඉල්ලා සිටිමු. 


ස්තූතියි, 
මෙයට, 
විශ්වාසී, 

ගාමිණී රත්නසිරි
ප‍්‍රධාන ලේකම්,
සමස්ථ ලංකා බැංකු සේවක සංගමය.

---------------------------
by     (2016-09-26 13:35:39)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links