(ලංකා ඊ නිව්ස් -2016.සැප්.21, ප.ව.11.30) රාජපක්ෂ රෙජීමය විසින් දූෂිත තානාපතිලා පමණක් නොව අවශේෂ තනතුරුවලට දූෂිතයන් පත් කොට තිබුණි. මින් කෙනෙක් විදේශ සේවා නියුක්ති කාර්යාංශය යටතේ පත් කරන ලද්දෝ වූහ. යහපාලන රජය මගින් බොහෝ දෙනෙක් ඉවත් කළ නමුත් තවත් පිරිසක් යහතින් සිටින බව දැකිය හැකිය. විදේශ ඇමතිවරයාගේ අණින් මෙම දූෂිතයන් ඉවත් කිරීම සිදුවිය. යුරෝපයේ තානාපති කාර්යාලයන්හි සේවය කළ සමහර සේවකයින් දෙමළ ජනතාව තලා පෙළා දමමින් ඔවුන්ගෙන් විවිධ අකාරයෙන් මුදල් ගරා ගන්නා බවට චෝදනා විය. එහෙත් ඒවා සම්බන්ධයෙන් කටයුතු කිරීමට එවකට විදේශ කටයුතු අමාත්‍යංශයේ බලධාරින්ට කොන්දක් නොවූයේ රාජපක්ෂලාගේ ඇල්ම බැල්ම මෙම නීල කාස හොරුන්ට තිබුණු හෙයිනි.
මේ බොහෝ හොරුන් කරගෙන ගිය එක් ජාවාරමක් වූයේ සරණාගතයින් ලෙස විදේශතවූ දෙමළ ජනතාවට ලංකා ගමන් බලපත්‍ර ලබාදීමේදී පගාව ගැනීමය. මේ සඳහා ආගමන විගමන කාර්යාලයේ නිලධාරීන්ගේ සහාය ද ලැබුණු බව සත්‍යයකි. මෙම ජාවාරම් කරුවන් විසින් කරගෙන ගිය කටයුතු කීපයකි. එකක් ගමන් බලපත්‍ර සඳහා අයැදුම්පතක් තානාපති කාර්යාලයට බාර දෙන අවස්ථාවේදී එහි විවිධ අඩුපාඩු ඇති බව සඳහන් කරමින් මුදල් කඩා ගැනීමයි. තවත් ක්‍රමයක් වූයේ තානාපති කාර්යාලයට ගමන් බලපත්‍ර ලබාදීමට පෙර ඒ සඳහා මුදල් ඉල්ලීමයි. එසේ මුදල් ගෙවීමට අපොහොසත් වූ අයගේ ගමන් බලපත්‍ර අයැදුම්පත් යැවීම පමා කිරීම සිදුවේ. එසේ පමා කිරීම තුළින් බලපෑම් කොට නැවතත් මුදල් ඉල්ලා සිටිනු ලැබේ. බොහෝ අවස්ථාවල දෙමළ ජනතාව බියපත් කරන්නේ මුදල් නොදෙන්නේ නම් ලංකාවට ගිය විට හිරිහැර සිදුවිය හැකි බවයි. තවත් ක්‍රමයක් නම් ලංකාවේ සිටින තමන්ගේ ඒජන්තවරුන්ට ගමන් බලපත්‍ර අයදුම්පත් බාරදුන් අයගේ දූරකථන අංක ලබා දී උන් හරහා ඉල්ලුම්කරුවන්ට කථා කිරීමය. ඔවුන් කථා කර කියා සිටින්නේ ගමන් බලපත්‍ර අයැදුම්පතේ වැරැද්දක් ඇති නිසා බලපත්‍රය නිකුත් කිරීමට නොහැකි බවයි. එය කර ගන්නට නම් ලංකාවේ සිටින නෑදෑයෙක් හට ආගමන විගමන දෙපාර්තමේන්තුවේ අසවල් නිලධාරියා හමුවන ලෙස දැනුම් දීමයි. එම නිලධාරියා හමුවන නෑදෑයින්ට තත්ත්වය තහවුරු කරයි. ඒ අනුව නැවත කථා කරන ඒජන්තවරයා රුපියල් ලක්ෂ දෙකත් පහත් අතර මුදලක් ඉල්ලා සිටියි. කෙසේ හෝ ගමන් බලපත්‍රයක් අවශ්‍ය හෙයින් ඔවුන් මෙම මුදල් ගෙවීමට අවසානයේදී එකඟ වෙති.
යමෙක් මෙම ඉල්ලීමට එකඟ නොවූයේ නම් ආගමන විගමන දෙපාර්තමේන්තුවේ දාල නිලධාරීන් හරහා තානාපති කාර්යාල මගින් එවනු ලබන එම අයැදුම්පත් සැඟවීම හෝ බලපත්‍ර නිකුත් කිරීම සිදු කරනු නොලැබේ. ඔවුන් ඒ සඳහා හේතු වශයෙන් යම් කිසි අඩුපාඩුවක් හෝ අදාල ලේඛණයක් ව්‍යාජ බව සඳහන් කිරීම සිදුවේ. සමහර අවස්ථාවක ආගමන විගමන කාර්යාලයෙන් ව්‍යාජ බව සඳහන් කරන ජාතික හැඳුනුම් පතක් හෝ උප්පැන්න සහතිකයක් ඒවා නිකුත් කළ ආයතනවලට අනුව නිවැරැදි බව තහවුරු කළ අවස්ථා ඇති බව තානාපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි. මෙවැනි ගමන් බලපත්‍ර විශාල ප්‍රමාණයක් තානාපති කාර්යාල වල ගොඩ ගැසී තිබෙන බව දැන ගන්නට ඇත. ගමන් බලපත්‍රයක් නිකුත් කිරීමට මසක් දෙකක් ගත වූවත් 2010 වසරේ දී ලබාදුන් සමහර ගමන් බලපත්‍ර ඉල්ලුම් පත්වලට පවා ගමන් බලපත්‍ර නිකුත් නොකර තිබෙන බවට සාක්ෂි ඇත. මේ සියල්ල අයත් වන්නේ ද්‍රවිඩ ජාතිකයින්ට වීම විශේෂිත ය. කණගාටුදායක ය.
අද රුපියල් ලක්ෂ දෙකක් පමණ ලබාදීමට හැකි නම් කෙනෙකුට ආගමන විගමන කාර්යාලය හරහා කුමන නමකට හෝ ගමන් බලපත්‍රයක් ලබාගත හැකියි. බොහෝ අවස්ථාවල එවන් ගමන් බලපත්‍රවල ජාතික හැඳුනුම්පත් අංකය දත්ත පිටුවේ සඳහන් නොකරයි. පසුව ඒවා වෙනස් කිරීම් පිටුවේ සඳහන් කිරීම සිදුවේ. ඒ තුළින් එම අංක පරිඝණක ගත කිරීම වැලකී තිබේ. මෙම ජාවාරමට යුරෝපයේ සහ මැදපෙරදිග තානාපති කාර්යාලවල සේවය කරන බොහෝ නිලධාරීන්ගේ සහාට ලැබෙන බව දැන ගන්නට ඇත. මීට අමතරව උප්පැන්න සහතික ව්‍යාජ ලෙස සකස් කිරීමද රෙජිස්ටාර් ජෙනරාල් දෙපාර්තමේන්තුව හරහා සිදුවන බව දැන ගන්නට ඇත. රුපියල් 25000 ක් ගෙවන කෙනෙකුට සමහර අවස්ථාවල අදාල ලේඛණ නොතිබුණද එම ඉල්ලූම් පත් අදාල තානාපති කාර්යාලවලට යැවීමට රෙජිස්ටාර් ජෙනරාල් දෙපාර්තමේන්තුවේ සමහර නිලධාරීන් කටයුතු කරන බවට සාක්ෂි ලැබී තිබේ. පුද්ලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේද ව්‍යාජ තොරතුරු මත ජාතික හැඳුනම්පත් නිකුත් කිරීම සිදුවේ. මේ සඳහා රුපියල් ලක්ෂයක මුදලක් ලබා දිය යුතු වේ. මෙවන් වංචා මහා පරිමාණ වශයෙන් කරගෙන යන ප්‍රධාන පුද්ගලයකුගේ නම් ගම් සහිත තොරතුරු ඉදිරියෙදී හෙළි දක්වන්නෙමු. ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මගින් එහි සිටි රාජපක්ෂ රෙජීමයේ හෙංචයියන් විසින් ඉන්දියානු සහ වෙනත් ජාතීන්ට ලංකාවේ ගමන් බලපත්‍ර ලබාදීමද සිදු කර තිබේ. මෙම තත්ත්වයම කුවේටයේ ශ්‍රී ලංකා තානාපති කාර්යයාලයෙන්ද සිදුකර තිබේ.
මෙවන් කටයුතුවලට සම්බන්ධ ජර්මනියේ බර්ලින් තානාපති කාර්යාලයේ සිටි එක් හොරෙක් වන සිවරාජා නැමති පුද්ගලයා තම සේවා කාලය අවසන්වූ නියමිත දිනට ලංකාවට නොගොස් තම පවුල පිටින් අතුරුදහන් වී තිබේ. ඔහු රාජපක්ෂ ජනාධිපතිවරයාගේ කාර්යාලයේ සේවය කළ අයෙකි. ඔහු සම්බන්ධ බොහෝ තොරතුරු කල් ඇතිව දැනගෙන තිබි ඇතත් අදාල බලධාරීන් ඒ සම්බන්ධයෙන් ඔහු පැනයාමට පෙර කටයුතු කර නැති බවද දැන ගන්නට ඇත.
ගමන් බලපත්‍ර වංචාවන්ට සම්බන්ධ තවත් හොරෙක් වන ෆ්රැන්ක්ෆර්ට් ශ්‍රී ලංකා කොන්සල් කාර්යාලයේ සේවය කළ ප්‍රනාන්දු නැමැත්තා සේවයෙන් පහ කිරීමේ නියෝගය විදේශ අමාත්‍යංශය මගින් ලබාදී තිබේ. මොහු ලංකාවේ ජර්මන් ගමන් බලපත්‍ර දරන ලංකාවේ අධික දේපල ප්‍රමාණයක් හිමි තැනැත්තෙක් බව දැන ගන්නට ඇත. ඔහු විසින් ජර්මන් ජාතිකයෙක් හට ලංකාවේ ඉඩමක් සම්බන්ධ රුපියල් කෝටියක වංචාවක් කිරීම නිසා නඩුවක් ඇති බවද දැන ගන්නට ඇත. පසුගිය රජය සමයේ බලවත් දේශපාලඥයෙක් හට සම්බන්ධකමක් ඇති නිසා ප්‍රදීප් ජයවර්ධන හිටපු කොන්සල්වරයා විසින් ඔහුව කාර්යාලයේ භාෂා පරිවර්තකයෙක් ලෙස පත් කර තිබිණ. ප්‍රනාන්දු නැති මෙම සේවකයා ජර්මනියෙන් බඳවා ගත් අයෙක් වුවද ගමන් බලපත්‍ර සම්බන්ධ සියලු වගකීම් ප්‍රදීප් ජයවර්ධන විසින් ඔහුට ලබාදී තිබිණි. මොහුට විරුද්ධව ඇති චෝදනා සම්බන්ධ තොරතුරු ජර්මනියේ දෙමළ ප්‍රජාව විසින් විදේශ අමාත්‍යංශයටත් ෆ්රැන්ක්ෆර්ට් ශ්‍රී ලංකා කොන්සල් ජනරාල්වාරයාටත් ලබාදී තිබිණි. ඒවා පිළිබඳ කරන ලද පරීක්ෂණවලින් මෙම පුද්ගලයා සම්බන්ධ වංචා විශාල ප්‍රමාණයක් හසුවී තිබේ. මොහුට විරුද්ධව පොලිස්පතිවරයා වෙත දත්ත සහිත පෙත්සමක් ජර්මනියේ දෙමළ ප්‍රජා නායකයින් සහ දේශපාලන පක්ෂයක් විසින් ලබාදී තිබේ.
තානාපතිවරුන් සහ අදාල නිලධාරීන් ගමන් බලපත්‍ර සම්බන්ධ කටයුතුවලදී විශේෂ අවධානයක් යොමු කරනවා නම් මෙම දූෂණ නැති කිරීමට හැකි බව අපගේ විශ්වාසයයි. මේ සම්බන්ධයෙන් විදේශ ඇමතිවරයාගේ අවධානය යොමු කරන්නට කැමැත්තෙමු.
---------------------------
by (2016-09-21 19:55:34)
Leave a Reply
dotta damala vitharak hariyanne naaa. nadu danne nedda? anna uk walath innawa thawa eka horek, allala kudalala genalla nadu daanne kawadda unta. Sepala Rathnayaka horaata?
-- by Sepalika on 2016-09-21
This is very true.You could be seen number of Indians with sri Lankan passport to Middle east through Katunayke Air port. As well I have been personally noted most of Sri Lankan foreign job recruitment agencies offer jobs to Bangladesh, Indian, Nepal, Maldive, Pakistan nationals with Sri Lankan passports and offer jobs via Sri Lankan quota.
This is happening from decades.
-- by Kamal on 2016-09-21
Sepala Ratnayaka patta horaa UK indagana thaamath thousand talks denne, mata Lankaawe koranda bari deyak naa lu... ane ammapalla moo kudalala lankawata genalla, ara Nadukaarawaru okkotoma kiyala tokka tokka annawanda weda satahanak salassanda barida ? mokada Sepaleyai, Palitha Galappaththi kiyana moosala Lawyer denna thamai Mohan Peiris hora CJ kaale serama Nadukarawarunge transfer, promotion dunne unta o,ne o,ne vidihata. a ke hondama udaaharanre thamai Sarath Silva lolee , sarath silva sattambi Gon thakathiru, weda bari kamata gedara yawanda onna menna hitapu Kema Swarnadipathi wage lontha gaanu High Court judges la korala udata daapu eka. Priyantha Jayawardhana wage usaaviye corridor lawyersla, usaviye wedak koraganna danne natuwa thatama thatama, pahala usaviwala nadukaara warungen pawaa dina pathaa kunu banum aha aha palwewee hitiya ponnayo Supreme Court judgesla keruwe, Nawaz la wage AGs eken pannanna hitapu( pagaa gahana nisaa) hora thakkadito Supreme Court judgesla keruwe, General Fonseka boruwata patalawala naduwa meheyawapu Buwaneka Aluviharela Supreme Court judgesla keruwe, a naduwa ahala patta wesaa judgment ekak dunnu Deepali wijesundarata Court of Appeal promotion eka dunne... thawa kiyanda giyoth iwarayak naa... hebai thaama me, horu ehemmama a thanaturuwala yasa ageta lajjaawak nathuwa padi kakaa yahathin innawa. rate thiyana ihalama usaaviya. nadith ahanawa, thaama mun. shik mehemath ratak...
-- by Rtrd SSP on 2016-09-23
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි