(මාධ්‍ය ප්‍රධානීන්ට මෛත්‍රී කී කතාව -Video)
(ලංකා ඊ නිව්ස් -2016.සැප්.03, ප.ව.11.30) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ 65 වෙනි ජන්ම දිනය අදට යෙදී තිබිණ. උදෑසනම සිය නිවසට වඩම්මන ලද සංඝයා වහන්සේලා වෙත හීල් දානය පිරිනමා බණක් අසා ආශිර්වාද ලබා ගත් ජනාධිපතිවරයා ඉන්පසුව සිය පවුලේ අය සමග දහවල් මහරගම පිළිකා රෝහලේ රෝගීන්ට දහවල් ආහාර වේලක් පිළිගැන්වීමේ පුණ්‍ය කර්මයක යෙදිණ. ඉන්පසුව එහි ලේ බැංකුව විවෘත කිරීමේ උත්සවයකට සහභාගී වූ ජනාධිපතිවරයා සන්ධ්‍යාවේ සිය නිවසේ නිස්කාංසුව තම උපන්දිනය සැමරුවේය.
මේ අවස්ථාවේ දී ශ්‍රී ලංකාවේ සිටින ලංකා ඊ නිව්ස් විශේෂ නියෝජිතයා ජනාධිපතිවරයා හමු වී උපන්දිනයට සුභ පැතීමට ඔහුගේ නිවසට ගියේය. එහිදී දුටු දසුනින් හේ වික්ෂිප්ත විය.
මෙතෙක් ලංකාවේ සිටි රාජ්‍ය නායකයන් සන්ධ්‍යාවේ පවත්වනු ලබන සිය උපන් දින සාදයන් දැක සහභාගී වී තිබූ ඔහු ජනාධිපති මෛත්‍රීගේ සන්ධ්‍යා උපන්දින සාදය දුටු විට පුදුම විය.
ජනාධිපති මෛත්‍රීගේ උපන්දින සන්ධ්‍යා සාදයට සහභාගීව සිටියේ ඔහුගේ පවුලේ පිරිස පමණි. ගණනින් එය 20 කටත් අඩුය. අප නියෝජිතයාද ජනාධිපතිවරයාට සුභ පතා රාත්‍රී ආහාර ගෙන නික්ම ආවේය.
ජනවාරි 8 වෙනිදා ශ්‍රී ලාංකික යහපාලන ප්‍රේමී ජනතාව බලාපොරොත්තු වූයේ මෙයය. මෙතෙක් ලංකාවේ සිටි රාජ්‍ය නායකයන් සිය උපන්දින සැමරුවේ කෝටි ප්‍රකෝටි ගණන් මහජන මුදල් වියදම් කරමිනි. පුවත් පත් වල පිටු ගණන් සුභ පතා සියළු රාජ්‍ය ආයතන විසින් දැන්වීම් පළ කෙරිණ. ඒවාට වියදම් වූයේද ජනතාවගේම මුදල් ය. සන්ධ්‍යාවේ සාද පැවැත්වුනේ රටේම සිටින ජාවාරම් කරුවන් පැමිණ කෝටි ගණන් වටිනා ත්‍යාග මුළු පවුලටම පිරි නමමිණි. ඒ ත්‍යාග වෙනුවෙන් ඔව්හු රාජ්‍ය නායකයාගෙන් වෙනත් ආකාරයේ උදව් උපකාර බලාපොරොත්තු විය. රාජ්‍ය නායකයා විසින්ද ඒවා නොපැකිළව ඉටු කෙළේය.
මේ සම්බන්ධයෙන් එක් උදාහරණයක් කියන්නේ නම් ලංකාවේ ප්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙක් පසුගිය කාලයේ අරලිය ගහ මැදුරට යන වාරයක් වාරයක් ගානේ එකල ජනාධිපති ආර්යාව වූ ශිරන්ති රාජපක්ෂට සුවඳ විලවුන් කුප්පියක් ගෙන යාමට පුරුදුව සිටියේ ය. ඒ එක සුවඳ විලවුන් කුප්පියක් ලංකාවේ මුදලින් රුපියල් ලක්ෂ 3 ඉක්මවීය.
ලංකාව වැනි කෝටි 9 ලක්ෂයක ණය බරකින් මිරිකී සිටින තුන් වෙනි ලෝකයේ දුප්පත් දූපතක රාජ්‍ය නායකයෙකුට එවැනි නාඩගම් නැටිය නොහැකිය.
පොළොන්නරුවේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ඒ සියළු නාඩගම් අතහැර දමා සිටින බව ඔහු විසින් කෑ මොර දී නොකියන නිසාත් ඔහුගේ උපන්දිනය දා අපි දුටු ඒ සත්‍ය වූ වෙනස ජනතාවට වාර්තා කළ යුතු නිසාත් මේ සටහන තබමු.
පොදු අපේක්ෂකයා ලෙස ජීවිතය පරදුවට තබා මිනීමරු රෙජීමයකට එරෙහිව ඉදිරිපත් වී ජනාධිපති වීමෙන් පසු මෛත්‍රීපාල සිරිසේන මහතා කළ දෑ අතර මෙතෙක් ජනාධිපතිවරයා හැඳින්වූ ‘උතුමාණෝ‘ , ‘ශ්‍රීමත්‘ , ‘අතිගරු‘ , ‘මහරජාණෙනි‘ ආදී හිස් සාටෝපකාරී වදන් අතහැර දමා තමාට සාමාන්‍ය ලෙස ‘මහතා‘ කියා පමණක් අමතන ලෙසත් බිරිඳට ‘ආර්යාව‘ කියා නොකියන ලෙසත් ගෙන ආ ජනතාවාදී සම්ප්රදාය අද බොහෝ දෙනාට අමතකය. තම ධූර කාලය අඩුකර ගැනීම, තම බලතල පාර්ලිමේන්තුවට සහ ස්වාධීන කොමිෂන් සභා වෙත බාර දීම අද බොහෝ දෙනාට අමතක ය. තම නඩත්තු මුදල අඩුකර ගැනීම තම ආරක්ෂාවට යන වියදම් අඩුකර ගැනීම ආදියද අද බොහෝ දෙනාට අමතක ය.
බොහෝ දෙනාට පමණක් නොව ජනාධිපති මාධ්‍ය අංශයටද අමතකය. ඒ බව මැනැවින් පසක් වන්නේ ජනාධිපති මෛත්‍රීගේ අදට යෙදී තිබූ උපන් දිනය වෙනුවෙන් ජනාධිපති මාධ්‍ය අංශය සමාජ මාධ්‍ය වෙත නිකුත් කර තිබූ වීඩියෝව දුටු විට ය. එහි ජනාධිපති මෛත්‍රීට ‘නිරිඳා‘ යැයි ආමන්ත්‍රණය කරමින් ඔහු යලිත් වරක් ‘රජාට අන්දා‘ තිබිණ. ජනාධිපතිවරයා කියන ‘වහලුන්‘ ඔහුගේම මාධ්‍ය අංශයේ සිටීම ගැන කණගාටු ය. රාජපක්ෂ ඒකාධිපතියා සමග සිටි මේ ගොබ්බ වහලුන්ට රටේ නව ගමන් මග තේරුම් ගත නොහැකි බව යලිත් වරක් මෛත්‍රීට ‘නිරිඳා‘ ජංගිය ඇන්දවීමට යෑමෙන් පැහැදිලිය. ජනාධිපති මට ‘මහතා‘ කියා කියන්නැයි කියද්දීත් මුන් ඔහුට ‘නිරිඳා‘ යැයි කියති.
මේ සටහන නිමා කිරීමට පෙර ලංකා ඊ නිව්ස් ලන්ඩන් කාර්යාලය ඇමැතූ රජයේ ඉහල නිලධාරියෙකු සමග ඊයේ ඇති වූ දෙබසක් ගැන සටහන් තැබීම මැනැවැයි සිතිණ.
“මං මේ රටේ ඉන්නේ ඔයගොල්ලන්ට වඩා කේන්තියෙන්..“ අප ඇමැතූ රජයේ නිලධාරියා කීය.
“ඇයි දැන් යම් යහපත් තත්ත්වයක් ඇති වෙලා තියෙනවානේ..“ අපගේ පිළිතුර විය.
“නෑ මං එක්ක ජීවත් වෙන මිනිස්සු කියන කතා ඇහුවහම කේන්තියි. මුන් කියනවා.. ‘කෝ මුකුත් වෙන්නේ නෑනේ‘ කියලා.. යකෝ මුන්ට තේරෙන්නේ නෑනේ, සුදු වෑන් වලින් උස්සයි කියලා බයක් නැතිව ඉන්න එකම, මගේ දුවව කවුරුහරි නිල් බලකා කාරයෙක් ඇවිල්ල රේප් කරයි කියලා බයක් නැතිව ඉන්න එකම ‘මුකුත් වෙලා තමයි‘ කියලා. මුන්ට මේක තේරෙන්නේ නෑ.. ආණ්ඩුවත් ඒ ගැන කිසිම කැම්පේන් එකක් කරන්නේ නෑ.. ඒ නිසා මං ඉන්නේ හරිම කේන්තියෙන්..“ ඔහු කියාගෙන කියාගෙන ගියේය.
“ඇඟට දැනෙන දෙයක් වෙලා තියෙනවා නම් ඒ ගැන අලුතින් කැම්පේන් කරන්නම ඕනෙද ?“ අපි ප්‍රශ්න කෙළෙමු.
“ලංකාවේ ඉන්න එවුන්ට කොටලා පොවන්නම ඕනේ ඊ නිව්ස්“
“බයවෙන්න එපා මහත්තයා.. අපි ඔයාලට සියලුම මිනිසුන් හදන්න බෑ.. අවමය සියයට 51 ක් හැදුවහම ඇති. අපි ඔයාලා ඒක කරලා තියෙනවානේ. ප්‍රතිඵලය හොඳයිනේ.. ඒ නිසා කේන්ති ගන්නේ නැතිව ඉන්න..“ අපි පැවසීමු.
ජනාධිපති වරයා ඊයේ (02) මාධ්‍ය ප්‍රධානීන් හමුවූ අතර එහිදී ඔහු කළ වැදගත් ප්‍රකාශයන් සහිත වීඩියෝවක් පහත දැක්වේ
---------------------------
by (2016-09-04 01:09:50)
Leave a Reply
Len we are very happy the way you go forward always attacking the places irrespective of the personalities involved.It may be president or it may be primeminister. To day when I read Times I was greatly disappointed of what I have seen in the paper about Viagra John a corrupt to the core rob what ever he could under previous governments and . This shameless amn even join MR the robber Barron in his visit to places like Rome. Now this man has taken his daughter to China on government funds. MRs cronies will have last at yahaapalanaya.Ranil should act firm and My3 must say enough is enough and get this shameless kojjer whose only motto is pleasure and has no interest what so ever for the well being of this country should be sacked or should be asked to refund the state money spent on his daughter. Len please expose this man to the hilt and the act will be appreciated by those who wants this government to continue and those who wants justice of this country.
-- by Lion on 2016-09-04
අවංකව ජනතාව ෙවනු ෙවන් රට ෙවනු ෙවන් කරන ඉතා වටිනා ප්‍රකාෂයක්.
-- by Ratnayaka D on 2016-09-04
you are doing a great job ! but ,i also beleive , people are not aware of len and rawaya!
-- by dilip on 2016-09-04
රජාගෙයි ශිරන්තිගෙයි පවුල්වල හොර ගඳ යවන්න ලක්ෂ ගණන් වල සුවඳ විලවුන් නැතුව බෑ තමයි..
-- by අජිත් on 2016-09-08
මොට්ට මහින්ද හිටියනං කෝටි කීයක් විනාසද!
-- by ධර්මෙ on 2016-09-08
Balaya lebunama manasa sansunwa thiyagena hesireemata hekiyawa lebenne nirahankara, buddimath, yatharthaya awaboda karagath, kenekuta pamanai. Maithreepala Janadhipathi Thumage ema gathipewathum apage daruwanta iganweemata heki nam kopamana ageda. Lokayatama adarshayak vuoo Janapapathithumani obata nirogimath wasanawantha jeewithayak semada uruma wewa!!!
-- by Rathna on 2016-09-10
Hitapu lokkawath Maharajano kiyala anduve me niridama thamai.
-- by Kumara Desapriya on 2016-09-28
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි