~

26 වසරකට පසු වවුනියාවට සඳ පායයි..!

(ලංකා ඊ නිව්ස් -20­­­­16.අගෝ.26, පෙ.ව‍‍‍‍‍‍.6.15) ලංකා ඊ නිව්ස් ප්‍රධාන කාර්යාලය ලන්ඩනයේ ස්ථාපනය කර දැන් වසර 6 කට අධිකය. එය පිහිටා ඇත්තේ දකුණු ලන්ඩනයේ ය. මේ වසර 6 ක කාලයටම මහ පාරේ දී බ්‍රිතාන්‍ය හමුදා ඛණ්ඩයක් දුටුවේ එකම එක් අවස්ථාවකදී පමණි. ඒ ද ගිනි අවි රහිතව කිසියම් උත්සව අවස්ථාවක දී ය. නමුත් ගිනි බලය අතින් ලොව 6 වැනි ස්ථානයේ සිටින බ්‍රිතාන්‍යය දිනපතාම ලොව කොතැනක හෝ යුද්ධයකට මැදිව සිටී. සෙබලුන් ද මිය යති. එසේ වී නමුත් මහ පාරේ යුද ආචාර සමාචාර දකින්නට නැත. එසේ කියා සිවිල් පුරවැසියන්ගේ ආරක්ෂාවේ අඩුවක් ද නැත. ඒ ගැන වග බලා ගන්නේ පොලිසියයි. මේ දිනවල අයිඑස්අයිඑස් ත්‍රස්ත ප්‍රහාරයකට ලන්ඩනය සූදානම්ව සිටින නමුත් ඒ සඳහා කළ එළි බැස ඇත්තේ ද ලංකාවේ එස්ටීඑෆ් වැනි අති සන්නද්ධ පොලිස් විශේෂ කණ්ඩායමකි. ඔවුන් වුවද මහ පාරේ දකින්නට නැත. ඒ යුද තත්ත්වයකදී වුව සාමාන්‍ය ජනතාව යුද මානසිකත්වයක ගිල්ලවීම මහා නරක ප්‍රථිපල දෙන්නක් බව වත්මන් ශිෂ්ඨාචාරය විශ්වාස කරන නිසාය.

ඉහත පූර්විකාව ලියුවේ අපගේ වවුනියාවේ සිටින ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී දිනසේන රතුගමගේ මහතා සපයා ඇති ඓතිහාසික වාර්තාවකට අදාලවය. ඒ වාර්තාව මෙසේය..

වසර 26 ක් තිස්සේ වවුනියාව නගරයට ආරක්ෂාව සැපයූ වවුනියාව නගර ආරක්ෂක කඳවුර පසුගිය 24 වෙනිදා සවස යුද හමුදාව විසින් ඉවත් කරගෙන තිබේ.

වවුනියාව නගර මධ්‍යයේ මෙම යුද හමුදා කඳවුර පවත්වාගෙන යනු ලැබුවේ ඊට පෙර එහි තිබූ සංස්කෘතික මධ්‍යස්ථානය ඉවත් කර එම ස්ථානයේ ය.

දෙමළ ජාතික සන්ධානයේ වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පෙන්වී දී ඇත්තේ පොදු කටයුතු සඳහා එම සංස්කෘතික මධ්‍යස්ථානය අවශ්‍ය බවයි.

ඒ අනුව යුද හමුදා කඳවුර ඉවත් කොට එහි යතුරු පසුගිය 24 වෙනිදා සවස වවුනියාව අතිරේක දිසාපති වරයා වෙත බාර දීමට යුද හමුදාව කටයුතු යොදා තිබේ. 

යුද සමයේදීත් ඉන් පසුවත් වවුනියාව නගරයේ ආරක්ෂාව මුළුමනින්ම බාර වී තිබුනේ මෙම නගර කඳවුරට ය.

දිනසේන රතුගමගේ වවුනියාව

පසු සටහන: පසු සටහනක් අප ලියන්නේ නැත. එය පාඨක ඔබට කොමෙන්ටු ලෙස ලිවීමට ඉඩ හරින්නෙමු..

---------------------------
by     (2016-08-26 02:53:32)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links