(ලංකා ඊ නිව්ස් -2016.ජූලි.16, පෙ.ව.6.10) විශාකා විදුහලට දැරියන් ඇතුලත් කර ගැනීමේ විදුහල්පතිනිය සහ ආදි ශිෂ්‍යාවන්ගේ මාෆියාවට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් දෙදෙෙනකුද සම්බන්ධ වී ඇතැයි ලංකා ඊ නිව්ස් අධිකරණ අභ්‍යන්තර තොරතුරු සේවය වෙත වාර්තා වේ.
මෙම විනිසුරුවන් දෙදෙනා නම් උපාලි අබේරත්න හෙවත් 'පිස්සු පූසා' සහ බුවනෙක අලුවිහාරේ නමැති ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් දෙදෙනාය.
උපාලි අබේරත්නගේ දියණියන් දෙදෙනා වන මිහිරි අබේරත්න සහ ඉසිරි අබේරත්න දෙදෙනාම විශාකා ආදි ශිෂ්‍යාවන්ගේ සංගමයේ ක්‍රියාකාරිනියන් වන අතර බුවනෙක අලුවිහාරේගේ බිරිඳ ලිලන්ති අලුවිහාරේ ද ආදි ශිෂ්‍යාවන්ගේ සංගමයේ ප්‍රබල නිලධාරිනියකි. මේ කාන්තාවන් තිදෙනාම දූෂිත විශාකා විදුහල්පතිනිය සඳමාලි අවිරුප්පොලගේ මාෆියා හෙංචියන් වෙති.
අවිරුප්පොල විදුහල්පතිනිය කලක් තිස්සේම විශාකාවට දැරියන් ඇතුළු කරගනිද්දී ප්‍රමුඛත්වය දෙන්නේ මහින්ද රාජපක්ෂගේ බිරිඳ ශිරන්ති රාජපක්ෂ විසින් පවත්වාගෙන යන මොන්ටිසෝරිය වන කාල්ටන් පෙර පාසැලට ගිය දැරියන්ට ය. එම හේතුව නිසා සුදුසුකම් සහිත විශාල දැරියන් පිරිසකට විශාකාවට ඇතුලත් වීමේ වරම අහිමි කරනු ලැබේ. එලෙස අසාධාරණයට පත් වන දැරියන්ගේ දෙමාපියන් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සම් ඉදිරිපත් කළ විට පෙර කී උපාලි අබේරත්න (පිස්සු පූසා) සහ බුවනෙක අලුවිහාරේ එකතු වී එම පෙත්සම් විභාගයට පැන පැන සම්බන්ධ වී අසාධාරණ නඩු තීන්දු දෙමින් තම දියණියන් සහ බිරිඳ ගේ ආදි ශිෂ්‍ය සංගමයට සහ විදුහල්පතිනියට වාසි වෙන අන්දමට ක්‍රියා කරති.
තමන්ට සම්බන්ධතා ඇති නඩු විමසීමට ඉදිරිපත් නොවීම හෙවත් ලබැඳියාවන් සහිත නඩු විමසීමට ඉදිරිපත් නොවීම සදාචාරයක් සහිත විනිසුරුවරුන් පවත්වාගෙන යන ප්‍රතිපත්තියක් වුවද උපාලි අබේරත්න සහ බුවනෙක අලුවිහාරේ පැන පැන විශාකා නඩුම විමසීමට උත්සාහ කරති. එම නඩු විමසීමට සහභාගී වන අනෙකුත් විනිසුරුවරුන්ටද බලපෑම් කරති.
මොවුන් මෙම වනචර ක්‍රියාව පසුගිය වනචර දශකය පුරා සිදුකරගෙන පැමිණ ඇති අතර යහපාලන ආණ්ඩුව පැමිණීමෙන් පසුවද දිගටම එම වනචර ක්‍රියාවම කරගෙන යෑම නින්දා සහගතය.
මේ හේතුව නිසා විදුහල්පතිනි සඳමාලී අවිරුප්පොල ඇතුලත් කර ගැනීම ප්‍රතික්ෂේප කරන දැරියන්ගේ දෙමාපියන්ට පම්පෝරි කියන්නේ “ තමුසෙලා ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහිල්ලා බලනවා, එතැනදි වෙන්නෙත් මට ඕනෑ දේ තමයි “ යනුවෙනි. මෙම දෙමාපියන්ගේ දැරියන්ට සියලු සුදුසුකම් තිබුනද නැත්තේ කාල්ටන් පෙර පාසැලේ ‘සුදුසුකම‘ පමණි
උපාලි අබේරත්න යනු මහින්ද රාජපක්ෂ විසින් 2014 දෙසැම්බර් 17 වෙනිදා ජනාධිපතිවරණය කටේ තිබියදී නීති විරෝධී ලෙසින් ශ්‍රේෂ්ඨාධිකරණයට පත් කරන ලද විනිසුරුවරයෙකි. නීති විරෝධී වූයේ ශ්‍රේෂ්ඨාධිකරණයේ සිටිය යුත්තේ විනිසුරුවරුන් 11 ක් වුවද 12 වැනියා ලෙස එදින මොහුව පත් කිරීමයි. ඔහුට වඩා ජ්‍යෙෂ්ඨත්වයෙන් ඉහලින් තවත් දෙදෙනෙකු සිටියදී කණිෂ්ඨයෙකු වූ අබේරත්න මහින්ද රාජපක්ෂ විසින් පත් කෙළේ ඔහු දැඩි රාජපක්ෂවාදියෙකු වූ බැවිනි. එය කෙතරම්ද යත් ඇයගේ දියණියකගේ විවාහ උත්සවයකට පවා අත්සන් කිරීමට ආවේ එවක ජනාධිපති මහින්ද රාජපක්ෂ ය.(සේයාරූ සාක්කි දැක්වේ) සදාචාරවත් විනිසුරුවරු තම පුද්ගලික උත්සව වලට දේශපාලකයන් කැඳවන්නේ නැත. බුවනෙක අලුවිහාරේ ද මහින්ද රාජපක්ෂ විසින් නීතිපති දෙපාර්තමේන්තුවෙන් උස්සා ශ්‍රේෂ්ඨාධිකරණයට පත් කෙළේ සරත් ෆොන්සේකා හිරේ දැමීම වෙනුවෙන් කරන ලද මෙහෙය වෙනුවෙන් කෘත ගුණ සැලකීමට ය.
මොවුන්ගේ මෙම වනචර ක්‍රියාව නතර කිරීමට අගවිනිසුරුවරයා මැදිහත් විය යුතුය. එසේ නොවුවහොත් විදේශ විනිසුරුවරුන් පැමිණ නඩු ඇසිය යුතු යැයි මෙරට දෙමාපියන් ද කියනු ඇත.
---------------------------
by (2016-07-16 01:01:03)
Leave a Reply
I know very well that this principal got her judgment to become the principal through supreme court with the influence of Sarath Nanda Silva.She met him personally before the case was heard.every year the lists from Shirantyi and Gotabaya were sent to the principal. she put up a huge house spending over 250 million in Watapuluwa.Mahinda Madihewa is another catcher of her.
-- by wimal samarakoon on 2016-07-17
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි