~

චෝදනා 5 යි..! ගංගොඩවිල නඩුකාරයා කණිෂ්කට එරෙහිව වහාම පරීක්ෂණක් පවත්වන්න..!! ශ්‍රී ලංකා නීතිඥ සංගමය අගවිනිසුරුගෙන් ලිඛිතව ඉල්ලයි..!!!

(ලංකා ඊ නිව්ස් -20­­­­16.ජුනි.07, පෙ.ව‍‍.4.00) අලිහොරා විනි-සොරා තිළින ගමගේ බේරා ගැනීමට නීතිය ඔළුවෙන් සිටුවමින් නින්දිත අධිකරණ මෙහෙයුමක් සිදුකළ ගංගොඩවිල නඩුකාරයා කණිෂ්ක විජේරත්නට එරෙහිව අධිකරණ සේවා කොමිසම මගින් වහාම පරීක්ෂනයක් පවත්වන්නැයි ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් ලිපියක් යවමින් අගවිනිසුරු වරයාගෙන් ඉල්ලා ඇතැයි ලංකා ඊ නිව්ස් අධිකරණ අභ්‍යන්තර තොරතුරු සේවය වෙත වාර්තා වේ.

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජෙෆ්රි අලගරත්නම් මහතාගේ අත්සනින් යුත් එම ලිඛිත ඉල්ලීම ඊයේ සවස අගවිනිසුරුවරයා වෙත ලැබී ඇතැයි අගවිනිසුරු කාර්යාලීය අප අභ්‍යන්තර තොරතුරු සේවය තහවුරු කර සිටී.

අධිකරණ වෘත්තිය ගණිකා සේවයේ යෙදැවූ ගංගොඩවිල නඩුකාරයා කණිෂ්ක විජේරත්නට එරෙහිව ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් නගා ඇති චෝදනා මෙසේය.

1. කණිෂ්ක විජේරත්න සහ තිලිණ ගමගේ රටම දන්නා ගජ මිතුරන් බැවින් මෙම නඩුව විමසීමෙන් කණිෂ්ක ඉවත්විය යුතුව තිබියදී, ඒ සම්බන්ධයෙන් නීතිපතිවරයාගෙන් පැමිණි නීතිඥ මහතා පවා විරෝධය පළ කර තිබියදී ඒ බව නොතකා තිලිණ ගමගේ බේරා ගැනීම සඳහාම නඩුව තමා විසින් විභාගයට ගැනීම. (මෙය නඩුකාරයෙක් ලෙස වැඩ බාර ගනිද්දී දුන් දිව්රුමට පවා විරුද්ධය)

2. තිලිණ ගමගේට විශේෂත්වයක් දැක්වූ කණිෂ්ක විජේරත්න නඩුකාරයා ලංකාවේ අධිකරණයක කිසි දිනෙක සිදු නොවන පරිදි නඩු විභාගය රාත්‍රී 7 දක්වා පැවැත්වීම.

3. චුදිතයෙක් වූ තිලිණ ගමගේට සැඟවී අධිකරණයට පැමිණීමට සහ පිටත්ව යෑම සඳහා  විනිසුරුවරයා පමණක් භාවිතා කරන ලිෆ්ට් එක භාවිතා කිරීමට පහසුකම් සැලැස්වීම

4. චුදිතයෙක් වූ තිලිණ ගමගේ ගේ ගැන්සියට අධිකරණ පරිශ්‍රයේ අභ්‍යන්තරයට කිසිදු බාධාවකින් තොරව නිදහසේ පැමිණීමට ඉඩ පහසුකම් සැලැස්වීම. මෙයට ඒ අවස්ථාවේදී එහි සිටි මාධ්‍යවේදීන් පවා විරෝධය දක්වන ලදී.

5. නීති විරෝධී ආකාරයෙන් තිලිණ ගමගේ නමැති චූදිතයාට පසුදින ඇප කොන්දේසි සම්පූර්ණ කිරීමට ඉඩ සලස්වමින් චූදිතයා ගෙදර පිටත් කර යැවීම.

මෙම පහසුකම් සාමාන්‍ය චූදිතයෙකුටත් අනාගතයේදී මෙම අධිකරණය විසින් ලබා දෙනවාද යන්න අවිනිශ්චිත කරුණක් බවත් මෙම දූෂනයන් පිලිබඳ මාධ්‍ය මගින් විශාල ප්‍රසිද්ධියක් ලබා දී ඇති බැවින් එය අධිකරණය පිලිබඳ මහජන විශ්වාසය බිඳ වැටෙන්නක් නිසා මෙම චෝදනා සම්බන්ධයෙන් ගංගොඩවිල නඩුකාරයාට එරෙහිව අධිකරණ සේවා කොමිසම මගින් වහාම පරීක්ෂණයක් පවත්වන්නැයි ශ්‍රී ලංකා නීතිඥ සංගමය අගවිනිසුරුවරයාගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටී. 

---------------------------
by     (2016-06-06 22:52:39)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  2 discussion on this news

KING KOSOL DREAMS BECOMING TRUE
-- by ZODIAC on 2016-06-07

All right thinking bow their heads to SLBA for this timely action. Thank you very much indeed.
-- by Samarakoon Bandara on 2016-06-07

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links