~

සැටලයිට් පින්තූරය බලාවත් ‘ලංකාව පුරාවට වහිනවා‘යි කියාගන්න බැරි කාලගුණේ විද්‍යාඥ ගොබ්බයන්

(ලංකා ඊ නිව්ස් -20­­­­16.මැයි.15, ප.ව‍‍.11.45) ලංකාවේ කුප්‍රකට කාලගුන විද්‍යා දෙපාර්තමේන්තුව විසින් 15 දා මුළු රටටම ඇති වීමට නියමිත මෙම ධාරානිපාත වර්ෂාව ගැන ප්‍රමාණවත් දැනුවත් කිරීමක් සිදු කෙළේ නැත. 15 වෙනිදා පාන්දර 5.30 ටත් ඔවුන් කියා සිටියේ පීඩන අවපාතය ‘දිවයිනට ආසන්නව‘ ගමන් කරනු ඇති බවයි. නමුත් ඒ වන විටත් ඕනෑම පොට්ටයෙකුට පෙනෙන පරිදි චන්ද්‍රිකා සේයාරූ වලින් දැක්වුනේ අවපාතයත් වලාකුළුත් ලංකාව වසාගෙන පවතින බවයි. (මෙහි එම චන්ද්‍රිකා සේයාරුව දැක්වේ) අනෙක් අතට පාන්දර 5.30 ටද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කීවේ දිවයිනේ බොහෝ ප්‍රදේශ වලට වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇතිවන බව පමණි. දිවයින පුරා ධාරානිපාත වැසි ඇතිවන බවක් කීවේ නැත.  (මෙහි එම නිවේදනයේ පිටපතක් දැක්වේ) ඉන්පසුව රට පුරා ධාරානිපාත වැහි වහිද්දී දහවල් 11 ට පමණ ඔවුන් ‘ඇම්බර්‘ අනතුරු අඟවන නිවේදනයක් නිකුත් කෙළේය.  

රට පුරා ධාරානිපාත වැසි වසින බව පාන්දර 5.30 ටත් කියා ගන්නට නොහැකි, වැසි ඇද හැලී පැය 6 ක් පමණ ගතවූ පසු ‘ඇම්බර්‘ අනතුරු අඟවන අම්බරුවන් ඉන්නා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවක් කුමකටද?  සත්‍ය වශයෙන්ම මෙවැනි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවකට මහජන මුදල් වියදම් කිරීම නාස්තිකාර වැඩකි. අඩුම ගණනේ එහි සිටින්නේ හරියට සිංහල අකුරු ටයිප් කර ගන්නවත් නොහැකි විද්‍යාඥයන්ය. මෙහි පහත ඇති නිවේදනය බලන්න. කියවීමට නොහැකි තරම් වැරදිය. තම මව් බස නිවැරදිව ලියා ගන්න බැරි එවුන් කවර නම් විද්‍යාඥයන්ද?  කාලගුණයේ රැකියාව කරන විද්‍යාඥයන් කියාගන්නා ගොබ්බයන්ට කුඹුරක් කොටාගෙන ජීවත් වන්නැයි කියා ලංකාව ගැන කාලගුණ අනාවැකි කීම ඉන්දියාවට බාර දී ඉන්දියාවට ඒ සඳහා මුදලක් ගෙවීම ප්‍රතිඵලදායක ය. 

මේ විද්‍යාඥයන් කියා ගන්නා ගොබ්බයන්ට ලංකාවේ මහජනතාව විසින් වැටුප්, මිය යන තුරු පැන්ෂන්, පමණක් නොව බදු රහිත කාර් පර්මිට්ද ලබා දිය යුත්තේ අහවල් මගුලකටද කියා මහජනතාව කල්පනා කළ යුතුය.  

---------------------------
by     (2016-05-15 23:10:11)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  1 discussion on this news

dam correct, 'KICK' them on the 'ASS'. - acr
-- by A.C.R.Perera on 2016-05-17

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links