(ලංකා ඊ නිව්ස් -2016.අප්‍රේල්.22, ප.ව.6.20) නැකැත්කරුවන් නිසා වරක් දෙවරක් නොව අවස්ථා ගණනාවකදී පදිරි වී වසර දෙකකට පෙර සිය රජකමට ද කෙළවා ගත් මැදමුලනේ මහරජා, මෙවර අලුත් අවුරුදු උදාවේදීම හත් පොලේ ගාගෙන හොම්බෙන් ගියේය. ඒ ස්වාධීන නැකැක් කමිටුවක් විසින් සාදන ලද නැකැත් සීට්ටුව විවේචනය කරන්නට යාමෙනි.
අප්‍රේල් 13 වෙනි බදාදා රාත්‍රීයේ යෙදී තිබූ ආහාර අනුභවය සහ වැඩ ඇල්ලීමේ නැකත රාත්‍රීයේ යොදා තිබීමත් ඒ සඳහා කොළ පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසීමත් ඔහු විවේචනය කළේය. රාත්‍රියේ, ආහාර අනුභව නැකත් දැමීම පිටුපස රටේ සංස්කෘතිය වනසා දැමීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක බවත්, කොළ පාට ඇන්දවීම පිටුපස UNP සිටින බවත් හේ පැවසීය. අනතුරුව හිසතෙල් ගෑමේ නැකතද විවේචනය කළේය. ‘බස්නාහිර බලා සුබ වැඩ කරනවාදැ‘යි ප්‍රශ්න කළ ඔහු වයඹ දිසාව බලා තමාගේ තෙල් ගා ගත්තේය. මරාට මෙදා පොටේ ද වැරදුනේය. එදින වයඹ දිසාවේ සිට ඇත්තේ බහිරවයා ය. මැදමූලනේ ගොබ්බ මරා තෙල් ගා ගෙන ඇත්තේ බහිරවයා දෙස බලාගෙන බව ස්වාධීන ජාතික නැකැත් කමිටුව ප්‍රකාශ කරන ලදී. (පහත වීඩියෝව බලන්න)
මරාගේ ඉහත ප්‍රකාශ හේතුවෙන් ඔහු තම පාලන සමයේ දී ජාතික නැකැත් කමිටුවටත් දේශපාලන බලපෑම් කළේ ද, යන කුකුස මේ වන විට ජනතාව තුල නිර්මාණය වී තිබේ.
කෙසේ වෙතත් පහත දැක්වෙන වීඩියෝවේ ඇති ස්වාධීන ජාතික නැකත් කමිටුවේ කරුණු පැහැදිලි කිරීම් හමුවේ ජ්‍යෙතිෂය ගැන අබ මල් රේණුවක් නොදන්නා මරාගේ ගොබ්බ කතා නන්නත්තාර විය. අවසානයේ මරා ‘නැකත් පති‘ විය
-ලංකා පුත්‍ර විසිනි
---------------------------
by (2016-04-22 13:16:23)
Leave a Reply
පව්! අහිංසක මරා... මෙදා පාර බහිරවයගෙන් නං ගැලවීමක් නෑ!
-- by මයුර on 2016-04-22
මේ වගෙ පිස්සෙක් මං නං හිතන්නෙ සෝමාලියාවෙ වත් නැතුව ඇති...
-- by Sahan Perera on 2016-04-22
රටක හිටපු ජනාධිපති කෙනෙක් නේද මේකා....හිහ්...හිහ්...හිහ්...
-- by කමල් on 2016-04-22
හිනහවෙලා පනයනෝ මගෙ මූ කරන වැඩ ගැන ඇහුවම.....
-- by අමරෙ on 2016-04-22
ගම්මන්පිල්ලෙට බූරුවංශට වාසිදේවට නරිවර්ධනට ම ගැලපෙන නායකය!
-- by Jagath on 2016-04-22
රාජපක්ෂගෙ මොලේ හුඟ කාලෙක ඉඳල පුකට බැහැල.....ඒකයි ඔය කචල්
-- by නදී on 2016-04-22
මරාගෙ කාලේ හිටපු අයම තමයි දැනුත් ජාතික නැකැත් කමිටුවෙ ඉන්නෙ.....මූ පිස්සෙක්!
-- by බරණ on 2016-04-22
අහෝ! මරාගේ 'නැකත් පත'
-- by Ranji on 2016-04-22
කොළඹ දාපු මුගේ පක්ෂ කාර්යාලෙ විවෘත කරන දවසෙත් පටිය කැපුවෙ පුක පැත්ත බලාගෙන!
-- by සිරි on 2016-04-23
දෙයියනේ කියල කාගෙන ඉන්න තිවුනු අවුරුදු 2ට කෙලවුනාට පස්සෙ මරාගෙ දැන් උතුර දකුණ මාරු වෙලා තියෙන්නෙ....
-- by Gamman Pille on 2016-04-23
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි