~

අවලාද පෙත්සම් 1536 ක් පරදා පූජිත් සේනාධිබණ්ඩාර ජයසුන්දර නව පොලිස්පති ලෙස වැඩ බාර ගනී

(ලංකා ඊ නිව්ස් -2016.අප්‍රේල්.20, ප.ව‍‍.6.30)  ව්‍යවස්ථා සභාවේ නිර්දේශ මත අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 34 වන පොලිස්පති ලෙස පූජිත් සේනාධිබණ්ඩාර ජයසුන්දර මහතා අද (20) පත් කරනු ලැබූ අතර යෙදී තිබූ සුබ මොහොතින් අද සවස 4.00 ට පොලිස් මූලස්ථානයේදි නව පොලිස්පතිවරයා නිල වශයෙන් ධූරයේ රාජකාරි භාර ගන්නා ලදී.

ඔහු 22 වන සිකුරාදා උදේ නිල වශයෙන් තම නිලධාරීන් අමතනු ඇති අතර ඊට පසුව මාධ්‍ය හමුවක් පැවැත්වීමට සූදානම් කර තිබේ.

නව පොලිස්පති ලෙස පූජිත් සේනාධිබණ්ඩාර ජයසුන්දර පත් වීමට එරෙහිව ඔහුගේ විරුද්ධවාදීන් විසින් අවලාද සහිත පෙත්සම් 1536 ක් ද ඊමේල් පනිවිඩ 414 ක් ද වගකිව යුත්තන් වෙත යවා තිබිණ. කෙසේ වෙතත් පූජිත් ජයසුන්දර පොලිසිය තුල සෑම තරාතිරමකම නිලධාරීන් අතරේ ජනප්‍රිය චරිතයකි. පොලිසිය තුල ජනප්‍රිය දේශකයෙකි. මාධ්‍යවේදීන් අතරද කලක් තිස්සේ සිටම සුහදතාවය ගොඩ නගා ගෙන සිටියෙකි. මානව හිමිකම් උල්ලංඝනය කිරීම් ගැන චෝදනා නොලැබුවෙකි. තම ප්‍රතිරූප වර්ධනයට ද රුචි කමක් දක්වන්නෙකි. 

1960 මාර්තු 15 වෙනිදා කුරුනෑගලදී උපත ලද පූජිත් සේනාධිබණ්ඩාර ජයසුන්දර මහතා මහනුවර ධර්මරාජ විදුහලේ ආදි සිසුවෙකු වන අතර ජයවර්ධන පුර සරසවියෙන් වානිජවේදී ගෞරව (B.Com -Special) උපාධි ලාභියෙකි. 

වර්ගවාදය, ආගම්වාදය, අවස්ථාවාදී දේශපාලනය, දූෂනය මත්ද්‍රව්‍ය ආදියෙන් කුරුවල් වී තිබෙන ලාංකීය සමාජය නීති ගරුක යහජීවන නව සමාජයක් ලෙස ගොඩ නැගීමේ බාරධූර වගකීමෙන් විශාල කොටසක් නව පොලිස්පතිවරයා ලෙස පූජිත් සේනාධිබණ්ඩාර ජයසුන්දර මහතා වෙත පැටවී තිබේ. ඔහු එය ජයගනීද නැතිද යන්න ඔහුගේ ඉදිරි අනාගත ක්‍රියා පිලිවෙත අනුව තීන්දු කළ යුතුය. 

ලංකා ඊ නිව්ස් සෑම පොලිස්පතිවරයෙකුටම ආරම්භයේදී සුබ පැතුවා සේම පූජිත් සේනාධිබණ්ඩාර ජයසුන්දර මහතාට ද රටේ අභියෝග ජය ගැනීමට දර්ශනය සහ ධෛර්ය ලැබේවායි ප්‍රාර්ථනා කරමු.

---------------------------
by     (2016-04-20 13:45:04)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  4 discussion on this news

අපිත් එතුමට සුභ පතනව හොඳ ගමනක් යන්න ලැබේවා කියල
-- by ඩයස් on 2016-04-20

විකී අංකල් ඇර කවුරු වුනත් කමක් නෑ..... මගේ සුභ පැතුම්!
-- by චාමර on 2016-04-20

ඔය පෙත්සම් ඊමේල් සේරම දෙතුන් දෙනෙකුගෙ වැඩනෙ...... අලුත් පොලිස්පතිට සුභ පතන ගමන් අපි බලාගෙන ඉන්න බවත් මතක් කරන්න කැමතියි.
-- by Rajitha Chamikara on 2016-04-20

ඔබතුමාට සුබ පතන ගමන්ම කියන්නෙ කරුණාකරල ඔය අත්වල පුරවල තියෙන මුදු ඉවත් කරන්න, එක මුද්දක් පලදින්න, චාම් වෙන්න.---(පාරවල්වල ඉන්න මුදු පුරව ගත්ත නිලධාරීන් දැක්ක ගමන් අපිට මතක් වෙන්නෙ පගාකන නිලධාරීන්)
-- by Suranga on 2016-04-21

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links