(ලංකා ඊ නිව්ස් -2016.මාර්.13, ප.ව.8.10 -දෙවන සංස්කරණය ප.ව. 11.45) රට පුරා විදුලිය බිඳ වැටී පැය 9 කට ආසන්න කාලයක් මුළු රටම අඳුරේ ගිලී ගියේය. පැය 9 ක තරම් කාලයක් රටේම විදුලිය විසන්ධි වූයේ පළමු වරට ය. විදුලිය නොමැති වීමෙන් අඹතලේ ජල පොම්පාගාරයද ඇන හිටිය අතර ජල සැපයුමද අඩාල වීමේ අනතුරකට මුහුණ දුන්නේය. අවසානයේ රාත්‍රී 11.30 ට පමණ විදුලි සැපයුම යථා තත්ත්වයට පත් විය.
පෙබරවාරි 25 වෙනිදා ද රට පුරා විදුලිය බිඳ වැටුනු අතර ඉන් දින 17 කට පසුව අද පස්වරු 2.30 ට පමණ රට පුරා විදුලිය විසන්ධි විය.
ප්‍රථමයෙන්ම සපුගස්කන්දේ විදුලි උත්පාදක යන්ත්‍රයක් බිඳ වැටුනු අතර ඉන් ඇති වූ ජාතික ග්‍රිඩ් ජාලයේ අසමතුලිතතාවය හේතුවෙන් නොරොච්චෝලේ බලාගාරයේ විදුලි උත්පාදක යන්ත්‍රයක් ද බිඳ වැටිණ. මේ යන්ත්‍ර යථා තත්ත්වයට පත් කර ගැනීමට පැය 6 ක් දක්වාම නොහැකි වී ඇත්තේ විදුලි බල මණ්ඩලයේ ක්‍රියාත්මක වන ඉංජිනේරු මාෆියාව නිසා බව දැන ගන්නට තිබේ. කාලයක් තිස්සේ ඉංජිනේරු මාෆියාව කාර්මික නිලධාරීන්ට සිදුකරන කැපිලි නිසා පුහුණු කාර්මික නිලධාරීන් රැකියා වලින් ඉවත්ව ගොස් ඇත. සපුගස්කන්දේ විදුලි උත්පාදක යන්ත්‍ර බාරව සිටි ප්‍රධාන විදුලි කාර්මික නිලධාරියාද රැකියාවෙන් ඉවත්ව ගොස් ඇත. ක්ෂණික විදුලිය බිඳ වැටීමකදී ඒවා යථා තත්ත්වයට පත් කෙරෙනුයේ ඉංජිනේරුවරුන් විසින් නොවන අතර ඒ වගකීම් ඉටු වන්නේ කාර්මික නිලධාරීන් අතිනි. මේ වන විට ඉංජිනේරුවරුන් මෙකී විදුලි උත්පාදක යන්ත්‍ර යලි පණ ගැන්වීමෙහිලා මැදිහත් වී ඇතත් ඔවුන් ඊට අසමත් වී තිබේ. කාර්මික නිලධාරීන් පවසන්නේ ආරක්ෂාව සහිතව තමන්ට නොරොච්චෝලේට ඇතුළු වීමට අවසර දෙන්නේ නම් යන්ත්‍ර යථා තත්ත්වයට පත්කිරීම ඔවුන්ට කළ හැකි බවයි.
ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති අනුර සේනක විජයපාල මහතා පවසනුයේ රට පුරා විදුලිය විසන්ධි වීමේ සිද්ධිය ගැන තමා ලජ්ජාවට පත්වන බවත් විදුලිය ලැබුණු වහාම තමා පදවියෙන් ඉල්ලා අස්වන බවයි.
මේ අතර විදුලිය බිඳ වැටීම නිසා දැවැන්ත රථ වාහන තදබදයක් අගනුවර ඇති වී තිබේ. සේයාරුවේ දැක්වෙන්නේ මේ වන විට කොළඹ ගාලුපාරේ රථ වාහන තදබදය ගුවනට දිස්වන ආකාරයයි.
සේයාරුව ලංකා ඊ නිව්ස් වෙතිනි
---------------------------
by (2016-03-13 19:28:19)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි