~

චතුර රාජපක්ෂ(අල්විස්)ට සංඛ අමරජිත්ට ‘ව්‍යාඝ්‍රා‘ ගිල්ලවන දිලිත් ජයවීර හඳුනා ගනිමු - කබ්බන් ෆෝම් නොකරනු..! -ආනුභාවනන්දගේ සටහනකි

(ලංකා ඊ නිව්ස් -2016.මාර්.01,පෙ.ව‍.6.15) මහින්ද රාජපක්ෂගේ බාල පුත්‍රයා සාමාන්‍ය බුද්ධියක් තිබෙන ඕනෑම පුද්ගලයෙකුට අවබෝධ කර ගත හැකි සරල චරිතයකි. එබැවින් රොකට් රෝහිතගේ චන්ද්‍රිකාව ගුවන් ගත කිරීම පැය කිහිපයක් ප්‍රමාද වීම රූපවාහිනී ආයතනකට ප්‍රවෘත්තියක් වුවද එය දීර්ඝ සම්මුඛ සාකච්ඡාවක් සඳහා නිමිත්තක් නොවේ. එහෙත් ඒ දිනවල සිය පුරුෂ නිමිත්තද අහිමි කරගෙන සිටි චතුර රාජපක්ෂ (අල්විස්) රොකට් රෝහිතගේ පිලිකන්නේ සිට ඉතාම බයාදු ආකාරයෙන් ඔහුගේ ශ්‍රී මුඛයෙන් පිටවන වචන අහුලන ආකාරය එදා රූපවාහිනියෙන් දැක ගත හැකි විය. (දැනුදු යූ ටියුබ් වීඩියෝ වලින් බලා ගත හැකිය) චන්ද්‍රිකාව ගුවන් ගත කිරීමේ ප්‍රමාදය රොකට් රෝහිත තුට්ටුවකට මායිම් කරන්නේ නැත. ඒ ඔහු කියා සිටි චන්ද්‍රිකාව කාලගුනය අයහපත් වීමෙන් පසු කොහේ හෝ තූත්තුකුඩියකින් ගුවන් ගත කිරීම ගැටලුවක් නොවන බව රොකට් රෝහිත දන්නා බැවිනි. එහෙත් රජ පවුලේ බාල කුමාරයාට මේ සිද්ධියෙන් යම් නින්දාවක් සිදුවේ යයි පූර්ව තක්සේරුවක සිටිනා චතුර රාජපක්ෂ(අල්විස්) රොකට් රෝහිතව නින්දාවෙන් බේරා ගැනීමට නිරුවත් විය. මහ රජතුමා ඇතුළු පවුලේ සාමාජිකයන්ගේ ශරීරයේ මැස්සෙකුවත් වැසීමට ඉඩ නොදීම තම මාධ්‍ය රාජකාරිය බව චතුර රාජපක්ෂ(අල්විස්) සිතා සිටි බව පැහැදිලි ය. ඔහුගේ බයාදු නින්දිත නපුංසක මාධ්‍ය භාවිතය එයට සාක්කි දෙයි.

රාජපක්ෂ පවුල සහ රාජපක්ෂ රෙජීමයේ සාමාජිකයන් ආරක්ෂා කර ගැනීමේ එකම අරමුණ වෙනුවෙන් සිය පුරුෂ නිමිත්ත දන් දී සිටි චතුර රාජපක්ෂ (අල්විස්) හදිසියේ දෙරණ රූපවාහිනී නාලිකාවේ සිට “මගේ ප්‍රතිපත්ති තීරණය කරන්නේ රනිල්ද?“ යනුවෙන් සිංහ නාද කරන්නේ කෙසේද ?

යහපාලන ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව උදෑසන පුවත් පත් කියවීමට මුවා වී ආණ්ඩු විරෝධී සිංහල බෞද්ධ ජාතිවාදී ප්‍රචාරක වැඩ පිලිවෙලක් මෙහෙයවීමට අවශ්‍ය ධෛර්යය චතුර රාජපක්ෂ (අල්විස්) ට ලබා දුන්නේ කව්ද ? රාජපක්ෂ රෙජීම සමයේ සිය පුරුෂ නිමිත්තද අහිමි කරගෙන සිටි මොහුට හදිසියේ පුරුෂ ශක්තිය පහළ වූයේ කෙසේ ද ? චතුර රාජපක්ෂ (අල්විස්) ට කිසිවෙකු උදෑසනම “ව්‍යාඝ්‍රා“ පෙති ලබා දෙන්නේ ද?

මෑතකදී ලෝක ප්‍රකට ඔපෙරා ගායිකාවක් බැළලියකට සමාන කරමින් ඇයට ගඩොල් භාගයකින් පහර දිය යුතු බවට ජනතාව උසි ගැන්වූ දෙරණ රූපවාහිනියේ සංඛ අමරජිත් තවත් උදාහරණයකි. මෙවර නිදහස් උත්සවයට සමගාමීව පැවැත්වූ සංගීත ප්‍රසංගයකට පහරදීමට ඔහුට ශක්තිය ලැබුනේ කෙසේද ? එවකට ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්ව සිටි ගෝඨාභය රාජපක්ෂ සමග සංඛ අමරජිත් සිදුකළ ‘දෙරණ 360‘ සාකච්ඡාවන් ඔබට යූ ටියුබ් මගින් නැරඹිය හැකිය. දෙරණ 360 සාකච්ඡාව මෙහෙයවන සුපුරුදු නිවේදිකාව වෙනුවට එදින වැඩ සටහන මෙහෙයවූයේ සංඛ අමරජිත් ය. ඔහු එදා ගෝඨාභය සමග සාකච්ඡාව මෙහෙයැවූ ආකාරය පුදුම සහගත ය. රාජපක්ෂ විරෝධීන්ට ප්‍රහාර එල්ල කිරීමට මෙන්ම රාජපක්ෂ රෙජීමයට සුදු හුණු ගෑම සඳහා බෝල දැමූ සංඛ අමරජිත්, ගෝඨාභය රාජපක්ෂට  ප්‍රහාර එල්ල කිරීමට අමතක වූ කරුණු පවා දිගින් දිගට ඔහුට මතක් කර දුන්නේ ය. එවැනි පීච්චං නින්දිත නපුංසක මාධ්‍ය කලාවක් මෑත ඉතිහාසයේ දැක ගත නොහැකිය. රාජපක්ෂ රෙජීමයේ ප්‍රකට සට්ටැඹියෙකු වන සුධර්මන් රදලියගොඩ පවා සංඛ අමරජිත්ට වඩා පෞර්ෂයකින් ගෝඨාභය සමග සාකච්ඡාව මෙහෙයැවූ බව සඳහන් කළ යුතුය. එවැනි පීචං නින්දිත චරිතයක් වූ සංඛ අමරජිත් ට නිදහස් උළෙලට සමගාමීව රජයේ රූපවාහිනී නාලිකාවක් විකාශය කළ සංගීත සංදර්ශනය විවේචනය කිරීමට පුරුෂ ශක්තිය ලැබුනේ කෙසේද ? උදෑසනම ලබා ගත් ‘ව්‍යාඝ්‍රා‘ පෙති කීපයකින්ද ?

චතුරට සංඛට ව්‍යාඝ්‍රා පෙති දුන්නේ කව්ද?

රාජපක්ෂ යුගයේ දේශපාලන නපුංසකයන්ව සිට යහපාලන ආණ්ඩුවට එරෙහිව දේශපාලන ප්‍රහාර එල්ල කිරීම සඳහා චතුර රාජපක්ෂ (අල්විස්) ට මෙන්ම සංඛ අමරජිත්ට පුරුෂ ශක්තිය ලබා දුන්නේ දෙරණ පාලනාධිකාරියයි. ‘දෙරණ‘ රූපවාහිනියේ හිමිකරු දිලිත් ජයවීර ය. දිලිත් ජයවීර යනු රාජපක්ෂ යුගයේ හදිසියේ පහල වූ කෝටිපතියන් අතරින් අයෙකි. කොළඹ විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලබන අවධියේ දිවා ආහරාය සඳහා බත් බැකැට්ටුවක් මිල දී ගැනීමට නොහැකිව සිටි දිලිත් ජයවීර එක රැයින් කෝටි පතියෙක් වූයේ කෙසේ දැයි ශාන් වික්‍රමසිංහ ඒ දිනවල ප්‍රශ්න කෙළේය. ඊට ප්‍රතිචාර වශයෙන් ශාන්ගේ දියණිය ඉෂිනි වික්‍රමසිංහ පෙරේරා ට මරණීය තර්ජන එල්ල වූ බව මාධ්‍ය වාර්තා කර තිබිණ. ඒ තර්ජන හමුවේ වික්‍රමසිංහ පවුල පසු බැස ගියේ ය. දිලිත් ජයවීර යනු ගෝඨාභය රාජපක්ෂගේ දකුණු අතක් වශයෙන් හැඳින්වූ සමයක ජීවිතාරාක්ෂාව සඳහා පසුබැසීම අවබෝධ කර ගත හැකිය. කොළඹ කොටස් වෙළෙඳ පොළේ කෘතිම මිල ඉහල දැමීම්, අවිශ්වාස සහගත ගණුදෙනු සහ කළු සල්ලි වැනි සැක කටයුතු මූල්‍ය ගණුදෙනු රාශියක් සම්බන්ධයෙන් ඔහුට ඇඟිල්ල දිගුවූයේ රාජපක්ෂ යුගයේදී ම ය. රාජපක්ෂලාගේ කළු සල්ලි කොටස් වෙළෙඳපොල හරහා ප්‍රතිශෝධනය කිරීමේ ව්‍යාපෘතිය දිලිත් ජයවීරට බාර වී තිබූ බව කොළඹ ව්‍යාපාරික ප්‍රජාවේ අදහස විය. හිටපු ජනාධිපති ලේකම්වරයාගේ බිරිඳට මෙන්ම තිලක් කරුණාරත්නට පවා කොළඹ කොටස් වෙළෙඳ පොල කොමිසමේ සභාපති ධූරයෙන් ඉල්ලා අස්වීමට සිදු වූයේ දිලිත් ජයවීර ප්‍රමුඛ මාෆියාවේ ක්‍රියාමාර්ගයන්ට අනුගත නොවීම හේතුවෙනි. එයට අමතරව දෙරණ මාධ්‍ය ජාලය සම්බන්ධ මූල්‍ය වංචා පිලිබඳව ද චෝදනා එල්ල වී තිබේ. එවැනි හිමිකරුවෙකුට නැවත රාජපක්ෂලා බලයට ගෙන ඒමේ අවශ්‍යතාවය සිය දේශපාලන න්‍යාය පත්‍රයේ අංක එකට තිබීම පුදුම විය යුතු නැත. රාජපක්ෂ යුගයේ මූල්‍ය වංචාවන්ට සම්බන්ධ වූ හොරුන්, තක්කඩියන් මූල්‍ය අපරාධ කරුවන් පිලිබඳ පරීක්ෂා කරන විශේෂ මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය FCID ය දිලිත් ජයවීරට ඍජු තර්ජනයකි. ඔහුගේ මූල්‍ය වංචා පිලිබඳව ද පරීක්ෂා කරනු ඇත්තේ එකී ඒකකය විසිනි. එබැවින් FCID ය අහෝසි කරන ලෙසට දෙරණ රූපවාහිනිය විශේෂ ප්‍රචාරක ව්‍යාපාරයක් ගෙන යෑම තේරුම් ගැනීමට රොකට් තාක්ෂනය ඉගෙන ගත යුතු නැත. රාජජපක්ෂලා යලි බලයට ගෙන ඒමට නම් සිංහල බෞද්ධ ජාතිවාදය රට පුරා ව්‍යාප්ත කරමින් දෙමළ බෙදුම්වාදී භීතියක් යලි මැවිය යුතුව ඇත. චතුර රාජපක්ෂ (අල්විස්) සංඛ අමරජිත් උදෑසන පුවත් පත් කියවනුයේ දිලිත් ජයවීරගේ එම අරමුණ ජය ගැනීම සඳහා ය. රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාට එරෙහිව සිංහ නාද කරනුයේ එබැවිනි. 

කබ්බන් ෆෝම් නොකරනු..!

‘දෙරණ‘ යනු වගකීමක් සහිත සදාචාරාත්මක මාධ්‍ය නාලිකාවක් නම් චතුර රාජපක්ෂ (අල්විස්) රටේ අගමැතිවරයාට ‘රනිල්‘ යැයි අමතන විට ඔහුට විරුද්ධව විනය පරීක්ෂණයක් පැවැත්විය යුතුය. සංඛ අමරජිත් ලෝක ප්‍රකට ඔපෙරා ගායිකාවකට කාන්තාවකට නුසුදුසු අන්දමට පරිභව කරන විට තර්ජනය කරන විට වහාම විනය පියවරක් ගත යුතුව තිබිණ. ලෝකයේ ඕනෑම සදාචාරාත්මක මාධ්‍ය ආයතනයක් ක්‍රියාත්මක වන්නේ එලෙස ය. ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ කීර්තිමත් යුගයේ ප්‍රවෘත්ති නිවේදකයෙකු වචනයක් වැරදියට උච්ඡාරණය කිරීම පවා දඬුවම් ලැබීමට හේතුවක් විය. එහෙත් ‘දෙරණ‘ පාලන අධිකාරිය අගමැතිවරයා මේ සිදුවීම පිලිබඳ සිය මතය අවදිකරන තෙක් නිහඬව සිටි අතර සංඛ අමරජිත් ඤාව් ඤාව් ගාමින් පත්තර කියැවීය.

දෙරණේ මාධ්‍ය භාවිතය චතුර රාජපක්ෂ (අල්විස්) ගේ හෝ සංඛ අමරජිත් ගේ ප්‍රශ්නයක් නොව එය දිලිත් ජයවීරගේ දේශපාලන න්‍යාය පත්‍රය පිළිබඳ ප්‍රශ්නයක් බව යහපාලන රජය මෙන්ම අගමැතිවරයාද අවබෝධ කර ගත යුතුය. එසේ නොමැතිනම් සිදුවන්නේ ලබන පාර්ලිමේන්තු මැතිවරණයේදී තවත් අම්බරුවන් දෙදෙනෙකුට පාර්ලිමේන්තු යෑමට අවස්ථාව සලසා දීමක් පමණි.

දැනටමත් මේ වර්ගය නියෝජනය කරන නිරෝෂන් ප්‍රේමතිලක, එම්.එස් මරික්කාර් පාර්ලිමේන්තුවේ තප්පුලන අයුරු දැකිය හැකිය. එබැවින් අප අගමැතිවරයාගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටින්නේ “කබ්බන් ෆෝම් නොකරන“ ලෙසය. දීර්ඝ කාලීන අත්දැකීම් ඇති දේශපාලනඥයෙකු වන ඔබ මේ ‘කබ්බන්ට‘ තැන තැන චෝදනා නොකර රෝග ලක්ෂනය නිවැරදිව හඳුනාගෙන ‘රෝග නිවාරණය‘ කළ යුතුය. එ් සඳහා පැරණි දේශපාලන උපාය උපක්‍රම අමතක කර දමා නව ප්‍රවේශයන් හඳුනා ගැනීම ඔබේ වගකීම වන්නේ යහපාලන බලාපොරොත්තු රැඳී ඇත්තේ ඔබේ දෙවුර මත බැවිනි.

-ආනුභාවනන්ද විසිනි-
[email protected]

---------------------------
by     (2016-04-18 21:05:16)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  12 discussion on this news

why can't people called Ranil as Ranil ? you mean to say we should call him Rt Hon or Sir? rubbish
-- by ajantha on 2016-03-01

Chatura godaya good to sell wade...wade.. wade...
-- by Nilupama on 2016-03-01

people should decide it.. its not good to scold to another media person to like this..everyone person has right to tell their view.
-- by sanka on 2016-03-01

චතුර කියන්නෙ කොන්ද ඇද ගහපු චැං චැං ගාන පොරද?
-- by Dammi on 2016-03-01

Ajantha mind you their is a way to address a person. Even in normal life we called Mr or Mrs. Even in other world they called Mr Prime Minister or Mr ....... so its not rubbish.I agree with the editors article
-- by Justice on 2016-03-01

දෙරණ නාළිකාවෙ අයිතිකාරය දිලිත් ජයවීරට ඒ කාලෙ ගුවන් විදුලියෙ අයිතිකාරය හඩ්සන් සමරසිංහ කිව්වෙ "කුඩ්ඩ" කියල.ඔයි යකා කොටස් වෙළද පොළේ සල්ලි හොරකං කරපු හැටි ලෝක ප්‍රසිද්ධයි. මේ ජඩ වැඩ වහගන්න රාජපක්ෂ හොරා සහ නඩේ බලේට ගේන්නම වෙනව.
-- by Amarasena on 2016-03-01

කොළඹ කොටස් වෙළෙඳ පොළේ කෘතිම මිල ඉහල දැමීම්, අවිශ්වාස සහගත ගණුදෙනු සහ කළු සල්ලි වැනි සැක කටයුතු මූල්‍ය ගණුදෙනු රාශියක් සම්බන්ධයෙන් ඔහුට ඇඟිල්ල දිගුවූයේ රාජපක්ෂ යුගයේදී ම ය. රාජපක්ෂලාගේ කළු සල්ලි කොටස් වෙළෙඳපොල හරහා ප්‍රතිශෝධනය කිරීමේ ව්‍යාපෘතිය දිලිත් ජයවීරට බාර වී තිබූ බව කොළඹ ව්‍යාපාරික ප්‍රජාවේ අදහස විය. හිටපු ජනාධිපති ලේකම්වරයාගේ බිරිඳට මෙන්ම තිලක් කරුණාරත්නට පවා කොළඹ කොටස් වෙළෙඳ පොල කොමිසමේ සභාපති ධූරයෙන් ඉල්ලා අස්වීමට සිදු වූයේ දිලිත් ජයවීර ප්‍රමුඛ මාෆියාවේ ක්‍රියාමාර්ගයන්ට අනුගත නොවීම හේතුවෙනි.
-- by Thilak on 2016-03-01

චතුර කොච්චර පොන්නද කියල 'ඉස්සරහ කඩේ' මනුස්සයගෙන් දැනගන්න පුලුවන්
-- by අබිං on 2016-03-01

මහින්දය ඉන්න කාලෙ ටෙලිපෝන් එක වදිනෝ ඇහුනොත් චතුරට ටොයිලට් යන්න උවමනා වෙනෝ......අතිගරු ජනාධිපතිතුමනි කියල තමයි උත්තර දෙන්නෙ.......
-- by Nuwani on 2016-03-01

ආරක්සාව ඇති තැන නිවටයින්ද වීරයෝ වෙති.
-- by Sasli on 2016-03-01

Agree with justice
-- by Sunil on 2016-03-03

දිලිත් ජයවීර ගමේ ඉන්න කාලෙ හිඟන්නෙක් වගේ(දැන් තත්වෙ බලනකොට).
-- by යසා on 2016-03-05

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links