~

ශ්‍රී ලංකා මාතා, ශ්‍රී ලංකා තායේ සහ ගොබ්බන්පිල

(ලංකා ඊ නිව්ස් -2016.ජන.06, පෙ.ව. 7.45) ශ්‍රී ලංකාවේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අනුව දෙමළ බසින් ජාතික ගීය ගායනා කිරීමට බැරි බවට ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන උදය ගම්මන්පිල නීති තර්කයක් ගෙන ආවේය. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කරමින් ජාතික ගීය දෙමළෙන් ගායනා කළහොත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට එරෙහිව දෝෂාභියෝග යෝජනාවක් ගෙන ආ හැකි බව ද ගම්මන්පිල කීවේය.

1978 ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හතර වැනි පරිච්ඡේදයේ 18 (02) වගන්තිය අනුව දෙමළ භාෂාව ද රාජ්‍ය භාෂාවකි. 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ 2(ආ) වගන්තිය මගින් දෙමළ බස රාජ්‍ය භාෂාවක් බවට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට එකතු කළේය.


1978 ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ   හත් වැනි වගන්තියේ දැක්වෙන්නේ ශ්‍රී ලංකා ජනරජයේ ජාතික ගීය ‘ශ්‍රී ලංකා මාතා‘ ගීය වන්නේ ය යනුවෙනි. එහි පදමාලාව හා සංගීතය  තුන් වැනි උප ලේඛණයේ දක්වා ඇත. එමෙන්ම එම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේම දෙමළ පරිවර්ථනයේ හත් වැනි වගන්තියේ දැක්වෙන්නේ ශ්‍රී ලංකා ජනරජයේ ජාතික ගීය ‘ශ්‍රී ලංකා තායේ‘ වන බවයි. එහි පදමාලාව හා සංගීතය එහි තුන් වැනි උප ලේඛණයේ සඳහන්වේ.  

සිංහල පරිවර්ථනයේ තුන් වැනි උපලේඛණයේ අප දැනට සිංහලෙන් ගායනා කරන ජාතික ගීය දැක්වෙන අතර දෙමළ පරිවර්ථනයේ ඇත්තේ ‘ශ්‍රී ලංකා තායේ‘ ලෙස ඊයේ  නිදහස් උළලේ දී දෙමළ බසින් ගායනා කළ ජාතික ගීයයි.
 
දෙමළ භාෂාව ද රාජ්‍ය භාෂාවක් නම්, ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ පැහැදිලිව ‘ශ්‍රී ලංකා තායේ‘ ලෙස ජාතික ගීයේ දෙමළ පරිවර්ථනය දැක්වෙන්නේ නම් ජාතික නිදහස් දිනයේ එය ගායනා කිරීමේ වරද කුමක්ද?

දෙමළ ජනතායට ද එකම රටක්, එකම ජාතියක් ලෙස ජාත්‍යාලය ඇති වන්නට නම් සිංහලෙන් කියා පළක් නැත. ඔවුන්ට තේරෙන දෙමළ භාෂාවෙන් ගායනා කළ යුතුය. ‘ශ්‍රී ලංකා තායේ‘ යනුවෙන් දෙමළ බසින් ඔවුන් ගායනා කරන්නේ ‘ශ්‍රී ලංකා දෙමළ ඊලම‘ කියා නොව ‘ශ්‍රී ලංකා අම්මා‘ කියාය. ඔවුන් දෙමළ බසින් කියන්නේ ද ‘එක මවකගෙ දරු කැළ ලෙසිනා‘ කියාය. දෙමළ ජනයා දෙමළ ඊලම අත හැර එකම රටක් යන සංකල්පයට පැමිණීම ගැන ගම්මන්පිලලාට ඇත්තේ වෛරයක් විය හැකිය. එසේ නම් නියම බෙදුම්වාදීන් දැන් ඉන්නේ පොදු විපක්ෂයේ ය. 

විශ්වාස භංගයක් ගෙන ආ යුත්තේ ජනාධිපතිට නොව බෙදුම්වාදය ඇති කිරීමට මාන බලන උදය ගම්මන්පිලලාටය.

පසු සටහන-
ඉන්දියාවේ ජාතික ගීය ඇත්තේ එම රටේ බහුතර භාෂාව වන හින්දි භාෂාවෙන් නොවන බවත් සුළුතර භාෂාවක් වන බෙංගාලි භාෂාවෙන් බවත් ගොබ්බ ගම්මන්පිලගේ දැන ගැනීම පිණිස සටහන් කර තබමු.

(මීට අදාල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පිටු මෙහි ඇති සේයාරූ වල දැක්වේ.)

---------------------------
by     (2016-02-06 02:19:03)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links