~

ලංකා ඊ නිව්ස් ගිනි තබා අදට වසර 5 යි: දඩයමේ ගිය අය සමග ඇති කෝපය තරම් සටන් කළ අය කෙරෙහි දයාවක් යහපාලකයන්ට තිබේද?

(ලංකා ඊ නිව්ස් -2016.ජන.30, පෙ.ව.10.30) ලංකා ඊ නිව්ස් අපගේ මාධ්‍ය ආයතනය සහ පුස්තකාලය රාජපක්ෂ රෙජීමය විසින් ගිනි තබා අදට වසර 5 කි. ඉන් අවසන් වසර ගෙවී ගොස් ඇත්තේ යහපාලන ආණ්ඩුව යටතේ ය. එකී අපරාධය සම්බන්ධයෙන් පරීක්ෂනයක් පවත්වා වරදකරුවන් නීතිය ඉදිරියට පමුණුවන ලෙසත් ඒ සඳහා නිසි වන්දියක් ලබා දෙන ලෙසත් ජනපතිගෙන් සහ අගමැතිගෙන් විවෘත  ඉල්ලීමක් කර අදට වසරක් ගෙවී ගොස් තිබේ. 

නමුත් අද දක්වා ඒ පිලිබඳ කිසිදු ප්‍රතිචාරයක් නැත. 

අගැමැතිවරයා පෙරේදා කීවේ සිටියේ මාධ්‍යකරුවන් දෙවර්ගයක් බවයි. සමහරුන් නිදහස වෙනුවෙන් සටන් කළ අතර අනෙක් වුන් රාජපක්ෂලා සමග දඩයමේ ගිය අය බව ඔහු කීය. දඩයමේ ගිය අය ගැන ඇති කෝපය තරම් සටන් කළ අය ගැන දයාලූ හැඟීමක් අගමැතිවරයාට තිබේද යන්න සටන් කර සියල්ල විනාශයට පත් වූ අය ලෙස අපට ගැටළුවකි.

යහපාලන ආණ්ඩුවේ මාධ්‍ය ඇමැතිවරයාටද අලුතින් සංගීත ආශ්‍රම හැදීම සඳහා ඉඩම් සෙවීමට ඇති තරමේ උනන්දුවක් ගිනි තැබූ මාධ්‍ය ආයතන කෙරෙහි ඇති වී නැත.

රාජපක්ෂගේ භීෂණ යුගයේදී උතුරේත් දකුණේත් ජනමාධ්‍යවේදීන් ඝාතනය කිරීම්, අතුරුදහන් කිරීම්, පහර දීම්, තර්ජන හා බියවැද්දීම් මෙන්ම ජනමාධ්‍ය ආයතන වලට එරෙහිව සිදුකළ ප්‍රහාර ගිනි තැබීම් ඇතුලු ජනමාධ්‍ය නිදහසට එරෙහිව සිදුකළ සකළාකාරයේ අපරාධ පරීක්ෂා කෙරෙන විශේෂ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවක් පිහිටුවන්නැයි වෘත්තීය පත්‍රකලා වේදීන්ගේ සංගමය ඉල්ලීමක් කර තිබේ. 

ඊට ද මෙතෙක් ආණ්ඩුවෙන් යහපත් ප්‍රතිචාරයක් නැත. 

කෙසේ වෙතත් ලංකා ඊ නිව්ස් කතුවරයා විසින් මීට වසරකට පෙර ජනපතිගෙන් සහ අගමැතිගෙන් කරන ඉල්ලීම යලිත් වරක් අද දාතමින් පහත පළකරමු.

2016 ජනවාරි 30

ජනාධිපතිතුමා සහ අගමැති තුමා
ශ්‍රී ලංකා සමාජවාදී ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය

ලංකා ඊ නිව්ස් කාර්යාලය සහ පුස්තකාලය ගිනි තබා විනාශ කර අදට වසර 4 කි: ඒ සම්බන්ධයෙන් පරීක්ෂනයක් පවත්වා නිසි වන්දියක් ලබා දෙන ලෙස ජනපතිගෙන් සහ අගමැතිගෙන් කරන ඉල්ලීමයි

ප්‍රිය මහත්වරුනි,

අද වැනි දිනක එනම් 2011 ජනවාරි 30 න දින අළුයම කොළඹ දිස්ත්‍රික්කයේ, මාළඹේ දහම් මාවතෙහි පවත්වා ගෙන ගිය අප වෙබ් අඩවියේ කාර්යාලය සම්පූර්නයෙන්ම ගිනි තබා විනාශ කරන ලදී. 

අන්තර්ජාලය සඳහා නිවැරදි සිංහල අක්ෂරයක් නොතිබූ යුගයක නිවැරදි සිංහල අක්ෂරයක් අප විසින්ම නිපදවා ගනිමින් එය මහජනතාවටද නොමිලේ බෙදා හරිමින් 2005 පෙබරවාරි 4 නිදහස් දිනයේදී ලංකාවේ ප්‍රථම ඔන් ලයින් වෙබ් පුවත් පත ලෙස සිංහල බසින් ආරම්භ කරන ලද ලංකා ඊ නිව්ස් 2011 ජනවාරි 30 දා ගිනි තබන දින වන විට එය සිංහල දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා තුනෙන්ම පවත්වා ගෙන යමින් තිබිණ. ඒ වන විට එහි ස්ථිර සේවක සංඛ්‍යාව 12 ක් වූ අතර කොන්ත්‍රාත් පදනමින් සේවය කළ අය 3 ක් වූහ.

අප වෙබ් අඩවියේ කාර්යාලය ගිනි තබා විනාශ කරන ලද්දේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ අත්තනෝමතික පාලනයට එරෙහිව ස්ථිරසාර පිළිවෙතක පිහිටා කටයුතු කිරීම නිසා ය. 2010  ජනාධිපතිවරණයේ දී අප වෙබ් පුවත් පත විපක්ෂ පොදු අපේක්ෂක ජෙනරල් සරත් පොන්සේකා මහතාගේ මැතිවරණ ව්‍යාපාරයට විවෘතව සහාය දුන්නේද ඒ අනුව ය.

2010 ජනවාරි 26 වන දින පවත්වන ලද ජනාධිපතිවරනයෙන් පසු  දිගින් දිගටම එල්ල වූ මරණ තර්ජන හේතුවෙන් එහි ආරම්භක කර්තෘ සහ හිමිකරු වූ මට ජිවිතාරක්ෂාව සඳහා ශ්‍රී ලංකාව අතහැර විදේශ ගත වීමට සිදු විය. ලංකා ඊ නිව්ස් නිදහස් මාධ්‍යවේදියෙක් වූ ප්‍රගීත් එක්නැලිගොඩ මහතා අතුරුදහන් කර තිබිණ.

ගිනි තබා විනාශ කරන ලද අවස්ථාව වන විට එම ගොඩනැඟිල්ලෙහි වූ අප පුස්තකාලයෙහි වටිනා පොත් පත් 3000 ක් පමණ තිබිණ. ඒ අතර දැනට ජීවතුන් අතර නැති කර්තෘවරුන් සතුව තිබූ පුස්තකාල එහැම පිටින්ම මිලදී ගෙන එකතු කරන ලද ඉතා වටිනා දුර්ලභ පුස්තකද, මිල කළ නොහැකි පුවත් පත් සඟරා එකතුවක්ද, ඩීවීඩී සිනමා සහ සංගීත තැටි එකතුවක්ද තිබුණි. අපගේ පරිගණක දත්ත ගබඩා උපාංග, වටිනා කැමරා, පටිගත කරන යන්ත්‍ර, ඩිජිටල් වීඩියෝ සංස්කරණ උපාංග, ෆොටෝකොපි, ෆැක්ස් ඇතුළු කාර්යාලීය උපකරණ ද තිබුනේ එම ගොඩනැගිල්ලෙහි ය. එ් සියල්ල ඒ අකාරුනික ගින්නට හසු වී දැවි හළු වී ගියේ ය. ගොඩනැගිල්ලටද බරපතල හානි සිදුවිය. ගොඩනැගිල්ලේ වහලය සම්පූර්ණයෙන්ම විනාශ විය. 

එම ගිනි තැබීම සිදු වන විට අප වෙබ් පුවත් පත මාසිකව රුපියල් ලක්ෂ 5 පමණ මාසික අදායමක් ලබමින් සිටියේ ය. ගිනි තැබිමත් ඉන්පසුව සිදුකළ අහේතුක තහනමත් නිසා ඒ සියල්ල ද අහිමි විය.

මෙම ගිනි තැබීමේ සැබෑ අපරාධකරුවා මහින්ද රාජපක්ෂ රජය බවට මට සැකයක් නැත. පොලීසිය සැබෑ අපරාධකරුවන් අත් අඩංගුවට ගන්නවා වෙනුවට නන්නත්තාර සමාජ කණ්ඩායමට අයත් පුද්ගලයින් දෙදෙනෙකු මවා පෙන්වීමක් පිණීස අත් අඩංගුවට ගෙන පසුව නිදහස් කරන ලද්දේය. ඉන් වසර 5 ක් ගතව  තිබියදීත් එ් සම්බන්ධයෙන් කිසිදු නඩු විභාගයක් පවත්වා නැත. 

ශ්‍රී ලංකාව තුල නීත්‍යානුකූළව පවත්වා ගෙන ගිය අප ලංකා ඊ නිව්ස් වෙබ් අඩවි කාර්යාලය ගිනි තබා විනාශ කිරීම ගැන කඩිනම් පරික්ෂණයක් පවත්වා වරදකරුවන් නීතියේ රැහැනට හසු කරන ලෙස ද එම අපරාධය නිසා අප වෙබ් අඩවියට සිදු වූ මූල්‍යමය  හානිය සහ අහේතුකව තහනම් කරන ලද කාලය තුල අපට අහිමි වූ ආදායමද සළකා ඊට සරිලන වන්දියක් ලබා දෙන ලෙසද කාරුණිකව ඉල්ලා සිටිමි.

මීට
විශ්වාසී

සඳරුවන් සේනාධීර

ලංකා ඊ නිව්ස් කර්තෘ සහ අයිතිකරු
ලන්ඩන් නගරයේ සිට
[email protected]

---------------------------
by     (2016-01-30 12:39:06)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  2 discussion on this news

The request is quite reasonable. Hon President , Hon Prime Minister & Hon Media Minister should pay their attention on this.
-- by Sisira on 2016-01-30

Hon. RW, please take steps for an inquiry and also for suitable compensation. LEN is the only web site that has stood steadfastly over the years without relent for the good of the people, country and against rogues like Rajapakshas. Millions of LEN readers will applaud if you take steps to suitably compensate enews. LEN was probably the only source that revealed robberies and crimes of the Rajapaksha regime. It also vanguard the efforts to raise awareness of the great statesman in RW.
-- by silva on 2016-01-31

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links