~

ස්ත්‍රී දූෂක ආබෘෘ විනි-සොරා බේරා එමගින් රාජපක්ෂලාද බේරා ගැනීමේ ශ්‍රේෂ්ඨාධිකරන විනිසුරු කුමන්ත්‍රණයේ දෙවන අදියර මෙන්න: ආබෘෘ වතුර බෝතලෙන් ගැසූ උපාලි අබේරත්න විනිසොරාත් කුමන්ත්‍රණ හවුල්කරුවෙක් කරගනී

(ලංකා ඊ නිව්ස් -2015.දෙසැ.29, පෙ.ව.10.45) ස්ත්‍රී දූෂක ශ්‍රේෂ්ඨාධිකරණ විනි-සොරා සරත් ආබෘෘ ට සහන සලසා ඒ මතින් චෞර රාජපක්ෂලාට ද සහන සැලසීමේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කුමන්ත්‍රණයක් පිලිබඳ පසුගිය දෙසැම්බර් 20 වෙනිදා ලංකා ඊ නිව්ස් අධිකරණ අභ්‍යන්තර තොරතුරු සේවය කළ හෙලිදරව්වේ දෙවන අදියර දක්වා මේ වන විට තත්ත්වය වර්ධනය වී තිබේ. 

ඒ මෙසේය

පහල අධිකරණයේ අපරාධ චෝදනා දෙකක් සහිත සරත් ආබෘෘ විනි-සොරා විසින් ශ්‍රේෂ්ඨාධිකරනයට මේ වන විට ඉදිරිපත් කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගය කිරීමට අදාල විනිසුරුවරුන් මේ වන විට තීන්දු කර තිබේ.

ආබෘෘගේ පෙත්සමින් දක්වා ඇත්තේ තමාට එරෙහිව නගන චෝදනා දේශපාලන පලිගැනීමකින් කරන  චෝදනා බවයි.

පහල අධිකරණයක අපරාධ චෝදනා එල්ල වූ අයෙකු ඒ ගැන මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කරන්නේ නම් එහිදී සිදුවන සාමාන්‍ය නීති ක්‍රියාවලිය වන්නේ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාග කළ යුත්තක් වුවත් එය පහල අධිකරණයේ අපරාධ නඩුව විභාග වන තුරු කල් දැමීමයි. එනම්  පහළ අධිකරණයේ තීන්දුවෙන් පසුව ගන්නා වූ අධිකරණ ක්‍රියාවලියේ අවසානය වන ශ්‍රේෂ්ඨාධිකරණය දක්වා අභියාචනා කිරීමට ඉඩ කඩ තිබෙන නිසා මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයකින් පහල උසාවියේ අධිකරණ ක්‍රියාවලියට බාධා නොකිරීමයි. 

දැන් සරත් ආබෘෘගේ පෙත්සම සම්බන්ධයෙන් ඉහත කී සාමාන්‍ය ක්‍රමවේදය විකෘති කිරීමට බලයෙන් විසිවුවද තවමත් අධිකරණ ක්ෂේත්‍රයේ බලය ඇති රාජපක්ෂ බලාධිකාරය ක්‍රියාත්මක වී තිබේ.

සරත් ආබෘෘගේ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගය කිරීමට අදාල විනිසුරුවරුන් ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ රෙජිස්ට්‍රාර්වරයා විසින් තෝරා ගෙන ඇති විනිසුරුවරුන් තිදෙනා මෙසේය. සභාපති ලෙස අගවිනිසුරුද,  ලංකා ඊ නිව්ස් පෙර දී පළ කළ ප්‍රවෘත්තියේ සඳහන් කුමන්ත්‍රණ නිර්මාතෘ රාජපක්ෂ සට්ටැඹි විනිසුරු ප්‍රියන්ත ජයවර්ධන ද, සරත් ආබෘෘ සමග ආරෝවක් සහිත විනිසුරෙක් වූ උපාලි අබේරත්න විනිසුරාද සරත් ආබෘෘගේ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයේ විනිසුරු මඬුල්ල ලෙස නම් කර තිබේ.

මෙහි සූක්ෂම කුමන්ත්‍රණය වන්නේ සරත් ආබෘෘගේ තරහා කරුවා වූ උපාලි අබේරත්න මෙහි විනිසුරු මඬුල්ලට නම් කිරීමයි. රාජපක්ෂලාගේම බච්චෙක් වූ උපාලි අබේරත්න විනිසුරා තවත් එවැනිම රාජපක්ෂ බච්චෙක් වූ සරත් ආබෘෘ සමග ආරෝවක් හදා ගන්නේ අදක ඊයේක නොවේ. රාජපක්ෂ රෙජීම යුගයේදී විනිසුරුවරුන් වෙනුවෙන් විදේශයක පැවැති සම්මන්ත්‍රණයකට මේ දෙදෙනා ඇතුළු තවත් විනිරුසුරුවරුන් සහභාගී වූහ. සම්මන්ත්‍රණයේදී ලංකාවේ නම ද සවුත්තු වන ආකාරයෙන් ගොං ප්‍රශ්න නැගුවේ සරත් ආබෘෘ ය. ඊට උපහාස කතා කීවේ උපාලි අබේරත්නය. එබැවින් සම්මන්ත්‍රණයේදී සරත් ආබෘෘ ප්‍රසිද්ධියේ අවමානයට පත් විය. සම්මන්ත්‍රණය අවසානයේදී විනිසුරු පිරිස ලංකාවට පිටත්ව ඒමට යද්දී ගුවන් තොටුපොලේදී සරත් ආබෘෘ තම පළිය ගනිමින් උපාලි අබේරත්නට වතුර බෝතලයකින් හිසට පහර දෙමින් “ දැන් තෝ පලයන්කෝ ලංකාවට. මං ගොඨාභයට කියලා තෝව සුදු වෑන් එකකින් උස්සනවා. බලා ගනිං කරන දේ. උඹ දන්නෙ නෑ මං කවුද කියලා “  යි තර්ජනය කෙළේය. මෙයින් පසු සරත් ආබෘෘ කව්දැයි දන්නා උපාලි අබේරත්න භීතියට පත් වූ අතර ලංකාවට ආ සැනින් එවක ජනාධිපති මහින්ද රාජපක්ෂට මේ පවත් සැල කෙළේය. මහින්ද රාජපක්ෂ දෙදෙනාගේ ආරෝව සමාදාන කෙළේය. කෙසේ වෙතත් මේ සිද්ධිය නිසා උපාලි අබේරත්න සරත් ආබෘෘ සමග ආරෝවක් තිබෙන අයෙකු ලෙස අධිකරණ ක්ෂේත්‍රෙය් ප්‍රසිද්ධය. (ඉහත කී පහර දීමේ සිද්ධිය ප්‍රධාන මුද්‍රිත මාධ්‍යද නම ගම නැතිව වාර්තා කෙළේය)

මේ තත්ත්වය පසුබිමේ මෙකී සරත් ආබෘෘගේ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාග කිරීමට තමාව නම් කිරීම ගැන උපාලි අබේරත්න අකමැති වී තමාව ඉන් ඉවත් කරන ලෙස ඉල්ලා සිටි නමුත් පෙර කී ලෙසම තවමත් රාජපක්ෂ බලාධිකාරය ශ්‍රේෂ්ඨාධිකරණය තුල ක්‍රියාත්මක වන බැවින් මහින්ද රාජපක්ෂ උපාලි අබේරත්නට උපදෙස් දී ඇත්තේ කලබල නොවී තමුන් මේ විනිසුරු මඩුල්ලේ හිඳිමින් තමා කියන ලෙස වැඩ කටයුතු කරන ලෙසයි. උපාලි අබේරත්න විනිසුරා අද දවසේද H. E. කියා අමතන්නේ මෛත්‍රීපාල සිරිසේනට නොව මහින්ද රාජපක්ෂට බැවින් රාජපක්ෂගේ ඉල්ලීම මත සරත් ආබෘෘගේ නඩුව විමසීමට  සහභාගී වීමට තීරණය කර ඇත. සහභාගී වී රාජපක්ෂ කියන ආකාරයට වැඩ කටයුතු ටිකද කිරීමට පොරොන්දු දී ඇත. මෙපවත් හෙලිකරමින් උපාලි අබේරත්න කියන්නේ “මං කොහොමද H.E. ට පිටුපාන්නේ“ කියාය. (ඔහුගේ එච්.ඊ. මහින්ද රාජපක්ෂ ය) 

ලංකා ඊ නිව්ස් පළමු ප්‍රවෘත්තියෙන් කියා සිටියේ ආබෘෘගේ පෙත්සම ප්‍රතික්ෂේප නොකර විභාගයට ගැනීමට තීන්දු කිරීමටත් ඉන්පසුව ආබෘෘට එරෙහිව නගන ලද චෝදනා දේශපාලන පලිගැනීමක් නිසා එල්ල කරන ලද චෝදනා යැයි නිගමනය කරමින් ආබෘෘ බේරා ගැනීමටත්  එම තීන්දුව නිදර්ශනයට ගනිමින් රාජපක්ෂ හොරුන්ට එරෙහිව FCID ය විසින් ඉදිරියේදී ගොනු කරන නඩු වලදී ද චූදිතයන්ට ආබෘෘ ගිය ගමන් මාර්ගයේ ගමන් කරමින් සහන සලසා ගැනීමට ඉඩ ප්‍රස්ථාව සකසා දීමටත් කුමන්ත්‍රණය කර ඇති බවයි.

දැන් සරත් ආබෘෘට සහන සැලසෙන තීන්දුවක් දී සරත් ආබෘෘ වතුර බෝතලයකින් පහර දුන් විනිසුරා උපාලි අබේරත්න පවා ඊට එකඟ වී ඇති බව පෙන්වීමෙන් නඩු තීන්දුවේ සාධාරණීකරණ භාවය පෙන්වීම රාජපක්ෂලාගේ සැලසුම වී ඇත. ඉහත කී සැලසුම අනුව ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ දෙදෙනෙකු වන ප්‍රියන්ත ජයවර්ධන සහ උපාලි අබේරත්න එක මතයක සිටීමෙන් පසු අගවිනිසුරුවරයා හුදකලා වී තමන්ට අවශ්‍ය තීන්දුව රාජපක්ෂලාට ලබා ගැනීමට හැකි වනවා ඇත. 

යහපාලන අගවිනිසුරුවරයාගේ නෝන්ජල් කම භාවිතා කරමින් පරාජිත රාජපක්ෂලා ඉදිරියේදී යහපාලන ආණ්ඩුව බිඳ දැමීමට මේ ආකාරයට තමන් විසින් පත් කරන ලද සට්ටැඹි විනිසුරුවරුන් ලවා තමන්ට පක්ෂපාතී තීන්දු ගැනීමට සැලසුම් රාශියක් කර ඇති අතර ලංකා ඊ නිව්ස් අධිකරණ අභ්‍යන්තර තොරතුරු සේවය ඉදිරියේදී ඒවාද හෙලිදරව් කිරීමට සූදානමින් සිටී.

 

සබැඳි පුවත - ස්ත්‍රී දූෂක ආබෘෘ විනි-සොරා බේරා එමගින් රාජපක්ෂලාද බේරා ගැනීමේ ශ්‍රේෂ්ඨාධිකරන විනිසුරු කුමන්ත්‍රණයක සුල මුල හෙලිවේ

---------------------------
by     (2015-12-30 02:58:13)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  1 discussion on this news

මේව නිකන් ඇස් බැන්දුම්...නංගි පෙන්වා අක්කා දෙනවා කියන්නේ මේවටය. රටේ සාරය උරා බීමට පැමැණෙන ඇමෙරිකන්-එංගලන්ත කල්ලිවලට වැඩේ කරගන්න කරගන්න දෙනකන් මේ වගේ මායාවන් කිහිපියක් අධිකරණයේ රගදක්වන් ලබයි. හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංගට මහාධිකරණයේදී ඇප දෙන්න කටයුතු කරල මහේස්ත්‍රාත් නිෂාන්ත පීරිස් ලව්වා ලකුණා දාගන්න ඒක විවේචනය කළා. ගාල්ල මහාධිකරණයේදී අර්සකුලරත්න ජනාධිපති නීතීඥවරයාට වැටිච්ච අධිකරණයට අපහාස කිරීමේ නඩුව කෝ...කන්න ඕව උණහම කඹරය තලගොයා කර ගැනීමත්....කලදුටු කළ වල ඉහගැනීමත් නීතිපති දෙපාර්තමේන්තුවය සහ අධිකරණ ප්‍රධානීන්නට සුළු දෙයක්. නීතියක් නැති අධිකරණ සේවා කොමිසමත්, වෘත්තීය සමිති පිහිටුවාගෙන ඉන්න විනිසුරැවරැන්ගේ චර්්‍යාවනුත් පාලනය කරන්නේ නැතිව මොනව කළත් වැඩක් නෑ....හැමදේටම රාජපක්ෂ භීතිකාව වපුරවන එකත් රටේ අවාසනාවකි.
-- by Neela on 2015-12-29

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links