(ලංකා ඊ නිව්ස් -2015.දෙසැ.22, පෙ.ව.6.25) යාපනයේ කරෙයිනගර් පළාතේ ධීවරයින් පිරිසකට මහමුහුද මැදදී පහර දුන් ඉන්දීය ධීවරයින් හතර දෙනෙකු නාවික හමුදාව විසින් අත් අඩංගුවට ගෙන තමන්වෙත බාරදුන් බව යාපනයේ සහකාර ධීවර අධ්‍යක්ෂක බාලසුබ්රමනියම් රමේෂ්කන්නා පැවසීය.
එම ධීවරයින් පිරිස පොලීසිය හරහා කන්කසන්තුරය මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව ඔවුන්ව ලබන 30 වෙනිදා දක්වා රිමාන්ඩ් බාරයේ තබන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කළ බවද ඔවු පැවසීය.
පහරකෑමට ලක්වූ ධීවරයින් අතර සිටි කදිරමලෙයි යෝගනාදන් පැවසුවේ පසුගිය බ්‍රහස්පතින්දා රාත්‍රී දහයට පමණ ටෝලර් යාත්‍රා විසිපහක් පමණ තමන්ගේ බෝට්ටු වට කළ බවයි. නාවික හමුදාවේ බෝට්ටු යයි සැක සිතා තම බෝට්ටු වල සිට ආලෝක සංඥා නිකුත් කළත් එක්වරම වේගයෙන් පැමිණි යාත්‍රාවක් බෝට්ටු දෙකක හප්පවා ඉන්දීය ධීවරයින් පිරිසක් තම බෝට්ටුවලට ගොඩවූ බවයි.
ඉන්දීය ධීවරයින් තමා සමග සිටි හතර දෙනෙකුට පහරදෙන විට සෙසු ධීවරයෝ මහ හඬින් කෑකෝ ගැසීම නිසා බෝට්ටුවල තිබූ දැල් 28 ක් ද රැගෙන ඔවුන් පලාගිය බවද යෝගනාදන් කියා සිටියා.
කෑ ගසන ශබ්දය ඇසී නාවික හමුදාවේ පිරිසක් එතැනට පැමිණි අවස්ථාවේදී සිද්ධිය සැලකිරීමෙන් පසුව ඔවුන් යාත්‍රාවකින් හඹා ගොස් ඉන්දීය ධීවරයින්ගේ එක් ටෝලර් යාත්‍රාවක් සමග ධීවරයින් හතර දෙනෙකු අත් අඩංගුවට බවද ඔවු පැවසීය.
යාපනයේ සහකාර ධීවර අධ්‍යක්ෂකවරයා කියා සිටියේ මෙම සිද්ධියෙන් කරෙයිනගර් ධීවරයින්ට රුපියල් දෙලක්ෂ පණස් දහසක පමණ අලාභයක් සිදුව ඇති බවයි.
යාපනයේ ධීවරයින්ට පමණක් ඉන්දීය ධීවරයින්ගේ මෙවැනි ක්‍රියා නිසා මේ වසරේ ගතවූ කාලය තුළ රුපියල් මිලියන 3.73 ක අලාභයක් සිදුව ඇතැයිද ඔහු වැඩිදුරටත් පැවසීය.
නාවික හමුදාවේ මාධ්‍ය මධ්‍යස්ථානයෙන් මේ ගන විමසූවිට එහි නිලධාරියෙකු කියාසිටියේ එදින උතුරු මුහුදට ඉන්දීය යාත්‍රා රැසක් පැමිණ තිබු නමුත් නාවික හමුදාව එහි යන විට ඔවුන් පලාගොස් ඇති බවයි.
එක් යාත්‍රාවක් සමග ඉන්දීය ධීවරයින් හතරදෙනෙකු අත් අඩංගුවට ගත් බව කී එම නිලධාරියා ගතවූ දින දහය ඇතුළත ඉන්දීය ධීවරයින් 29 දෙනෙකු අත්අඩංගුවට ගෙන අදාල ප්‍රදේශවල ධීවර පරීක්ෂක නිලධාරීන්ට බාරදුන් බවද පැවසීය.
(දිනසේන රතුගමගේ වවුනියාවේ සිට)
---------------------------
by (2015-12-22 01:03:19)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි