~

අල්ලසට හා දූෂනයට එරෙහිවීම ඔබේ වගකීමයි..! ඩිල් පිටකොටුවේ ස්ටිකර් අලවයි..!!

(ලංකා ඊ නිව්ස් -2015.දෙසැ.05, ප.ව‍. 11.30) දෙසැම්බර් 9 වනදාට යෙදී තිබෙන ජාත්‍යන්තර දුෂණ විරෝධී දිනය ඉලක්ක කරමින් අල්ලස් හා දූෂණය තුරන් කීරීම පිලිබඳ ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් අල්ලස් හෝ දූෂණ කොමිසම සහ සිවිල් සංවිධාන එකමුතුව විසින් දියත් කර තිබේ. 

මෙහි ආරම්භක පියවර පසුගිය දෙසැම්බර් 3 වන දින උදෑසන 8.30 ට කොළඹ බැස්ටියන් මාවත බස් නැවතුම්පළේ දී ආරම්භ වූ අතර ඊට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ෂණ කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල් ඩිල්රුක්ෂි ඩයස් වික්‍ර‍මසිංහ මහත්මිය , එම කොමිසමේ කොමසාරිස් වරුන්, ප්‍රවාහන නියොජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ, කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන්, ට්‍රාන්සපේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනයේ ශාන් විජේතුංග, ලංකා පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න ඇතුළු සිවිල් සංවිධාන නියෝජිතයෝ එක්ව සිටියහ.

ආරම්භක ප්‍රචාරක වැඩ පිලිවෙල ලෙස පිටකොටුව බැස්ටියන් මාවත බස් නැවතුම් පළේ බස් රථවල  ස්ටිකර් ඇලවීමේ ව්‍යාපාරයක් ක්‍රියාත්මක් කෙරිණ. මෙම වැඩසටහන එදිනම පස්වරුවේ ගාල්ල සහ මාතර ප්‍රදේශවලද ක්‍රියාත්මක කෙරිණ.ඊට පසුදා එනම් 4 දා වැඩසටහන යාපනය, කිලිනොච්චි, වව්නියා  යන ප්‍රදේශවලද ක්‍රියයාත්මක කෙරිණ.
 
දෙසැම්බර් 9 වනදාට යෙදී තිබෙන ජාත්‍යන්තර දුෂණ විරෝධී දිනය වෙනුවෙන් කොළඹ විහාරමාහාදේවී උද්‍යානයේ සිට  පාගමනක්  සංවිධානය කර ඇති අතර එම පා ගමන නිදහස් චතුරස්‍රයෙන් අවසන් වෙයි. නිදහස් චතුරස්‍රයේදී ජාත්‍යන්තර දුෂණ විරෝධී දින ජාතික උත්සවය පැවැත්වීමට නියමිතව තිබේ.

සේයාරූ වල දැක්වෙන්ලේ ලංකාවේ පළමු වතාවට අල්ලස් හෝ දූෂණ කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල් වරියක් බස් රථ වල ස්ටිකර් ඇලවීමට සහභාගී වූ අවස්ථාවයි. 

---------------------------
by     (2015-12-05 23:12:28)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  3 discussion on this news

වරාය තාවකාලික බලපත්‍ර නිකුත් කිරීම අවිධිමත් හා කාලය නාස්ති කරන ක්‍රමයකි. එසේම එතන ඉතාමත් ධුෂිත අල්ලස් ගන්න තැනකි. ගැනුන්න්ට රුපියල 50ක් දුන්නේ නැතිනම් වැඩ කරවා ගත නොහැක. ලංකා බැංකු නිලධාරියාද මාටියා ගසයි.
-- by soyisa on 2015-12-06

“A mobile phone that rings violates the court order and is punishable by the Civil Procedure Law.” http://gulfnews.com/news/uae/crime/ringing-cell-phones-during-court-hearings-can-be-confiscated-as-per-law-1.167294 ජනාධිපති නීතීඥවරැ කඩේ යන්නේ කාටද?
-- by sekara on 2015-12-06

Three cheers to the Commissioner.
-- by Indrajith on 2015-12-06

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links