~

‘කප්පම් චමින්ද‘ නාමල් බබාගේ ‘කුඩු බබා‘ ගැන වමාරයි..! නාමල්ගේ කොටස 60% යි: කුඩු කන්ටේනර් 48 ක් පන්නලා: එදා උදව් කළ රේගු අධ්‍යක්ෂ අද පොලිසිය බාර ලේකම්

(ලංකා-ඊ-නිව්ස් -2015.නොවැ.20, පෙ.ව.9.15) දේශමාන්‍ය ලලිත් කොතලාවල මහතාගෙන් පවා කෝටි 2 ක් කප්පම් ගත්,  නාමල් රාජපක්ෂගේ අංක එකේ කප්පම් ගෝලයා වන චම්පික කරුණාරත්න හෙවත් ‘කප්පම් චම්පික‘ රහස් පොලිසිය විසින් අත් අඩංගුවට ගැනීමෙන් පසු නාමල් රාජපක්ෂගේ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙක් වූ ඉර්ෆාන් ඩීන් හෙවත් ‘කුඩු බබා‘ නමැත්තෙක් ගැන තොරතුරු රැසක් හෙලිදරව් කර තිබේ. 

කප්පම් චම්පික විසින් කරන ලද පාපෝච්චාරණයන් අනුව කප්පම් චම්පික කුඩු බබාගේ කොකේන් සහ එක්ස්ටසි මත්පෙති අඩංගු කන්ටේනර් 48 ක් පසුගිය වසර 5 ක කාලය මුළුල්ලේ කොළඹ වරායෙන් කිසිදු සෝදිසියක් නොමැතිව නිදහස් කරගෙන තිබේ. මෙම කන්ටේනර් අධි වටිනාකමින් යුත් භාණ්ඩ ලෙස පෙන්වා ඇති අතර එක් කන්ටේනරයක් නිදහස් කර ගැනීම සඳහා රුපියල් මිලියන 15 ක් කුඩු බබා විසින් කප්පම් චම්පිකට ගෙවා ඇත.

කප්පම් චම්පිකගේ ප්‍රකාශ මත පොලිසිය බාර ලේකම් අත් අඩංගුවට නොගන්නේ ඇයි?

කප්පම් චම්පික මෙම කන්ටේනර් ‘නාමල්ගේ බඩු‘ ලෙස කියා පරීක්ෂාවෙන් තොරව නිදහස් කරගෙන ඇති අතර ඒ සඳහා හිටපු රේගු අධ්‍යක්ෂ ජගත් ප්‍රේමලාල් විජේවීර වෙත අල්ලස් ලෙස වරින් වන ලක්ෂ 200 ක් මුදලින් සහ භාණ්ඩ වලින් ගෙවා තිබේ. ජගත් ප්‍රේමලාල් මේ කන්ටේනර් වල ඇත්තේ මත්ද්‍රව්‍යදැයි දැන ගෙන සිටියාද නොදැන සිටියාද නොදන්නා නමුත් ‘මේවා නාමල්ගේ බඩු‘ යැයි කීමෙන් පසු ඔහු විසින් ඒවා පරීක්ෂාවකින් තොරව නිදහස් කරගෙන යෑමට ඉඩ දී තිබේ. ඉතාමත් බරපතල ප්‍රශ්නය නම් මෙකී ජගත් ප්‍රේමලාල් විජේවීර මේ වන විට පොලිසිය බාර නීතිය හා සාමය අමාත්‍යාංශයේ ලේකම් වරයා වීමයි. එය මෙම පරීක්ෂණ සිදුකිරීමට රහස් පොලිසියට ඉමහත් බාධාවක් ද වී තිබේ. කප්පම් චම්පිකගේ ප්‍රකාශ මත පොලිසිය බාර අමාත්‍යාංශයේ ලේකම් අත් අඩංගුවට ගත යුතු වුවද මෙතෙක් එවැන්නක් සිදුවී නැත. මීට පෙර වතාවකදී ලංකා ඊ නිව්ස් මේ සම්බන්ධයෙන් ජගත් ප්‍රේමලාල් විජේවීර මහතාගෙන් විමසා සිටිය විට ඔහු කීවේ තමා චම්පික කරුණාරත්න හෝ කප්පම් චම්පික හෝ නමැත්තෙක් නොදන්නා බවයි.
 
කප්පම් චම්පික හෙලිකර ඇති තොරතුරු අනුව ඉර්ෆාන් ඩීන් හෙවත් කුඩු බබාගේ මත්ද්‍රව්‍ය ජාවාරමෙන් සියයට 60 ක් නාමල් රාජපක්ෂ වෙත ගෙවා ඇත.

‘කුඩු බබා‘ගේ වත්කම්

ඉර්ෆාන් ඩීන් හෙවත් කුඩු බබා නාමල් රාජපක්ෂ සමග මිතුරු වී ඇත්තේ 2010 ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂගේ රුව රැගත් කී ටැග් 10,000 ක් පරිත්‍යාග කිරීමෙනි. ඒ වනවිට ඔහු වැල්ලවත්තේ කුඩා නිවසක සහ කොරොල්ලා 121 කාරයක් පමණක් හිමි පුද්ගලයෙක් වුවද මේ වන විට වැල්ලවත්තේ සුඛෝපභෝගී නිවාස 3 ක හිමිකරුවෙක් වන අතර අවුඩි ඒ6 කාරයක්ද, ප්‍රාඩෝ ජීප් රථයක්ද, ටොයෝටා ඇලියොන් කාරයක්ද, බීඑම්ඩබ් x5 කාරයක්ද හිමි මහා ධනවතෙකි. 

කප්පම් චම්පික විසින් හෙලිකර ඇති අනෙක් තොරතුරු අතර ඔහු නාමල් රාජපක්ෂගේ තවත් ගජයෙකු වූ ජාතික ලොතරැයි මණ්ඩලයේ ක්‍රියාකාරී අධ්‍යක්ෂ ලෙස නාමල් විසින් පත්කරන ලද ජනක ශ්‍රී වර්ණසිංහ සමග එක්වී ලක්ෂ 350 ක් නීති විරෝධී අයුරින් ජාතික ලොතරැයි මණ්ඩලයේ මුදල් ලබාගෙන තිබෙන බවයි. ලක්ෂ 30 40 බැගින් වරින් වර මෙසේ ලක්ෂ 350 ක් ලබා ගෙන ඇත්තේ නාමල්ගේ විවිධ ප්‍රචාරක වැඩ සටහන් පෙන්වමිනි. ඒ කිසිවක් සඳහා එපමණ මුදල් වියදම් වී නැති අතර එම මුදල්ද කප්පම් චම්පික සහ නාමල් රාජපක්ෂ විසින් බෙදා ගෙන තිබේ. 

මීට අමතරව ලොතරැයි මණ්ඩලයේ ලොතරැයි මුද්‍රණය කිරීමේ මාසික ලක්ෂ 40 ක් වටිනා කොන්ත්‍රාත්තුවක්ද කප්පම් චම්පික විසින් ලබාගෙන තිබී ඇත. එයින්ද කොටසක් නාමල් රාජපක්ෂට ගෙවා ඇත.

රාජපක්ෂලා රටේ රත්තන් ටොන් 40 ක් විකිණූ හැටි 

මෙකී කප්පම් කරුවා නාමල් රාජපක්ෂගේ සහ රාජපක්ෂ පවුලේ කෙතරම් හිතවතෙක් ලෙස කටයුතු කර ඇත්තේද යත් රාජපක්ෂලා විසින් උතුරේ යුද්දයෙන් සහ නිධන් හාරා ලබා ගත් රත්තරන් ටොන් 40 ක් ජපානයට අලෙවි කිරීමට අතර මැදියා ලෙස යොදා ගෙන ඇත්තේද මෙකී චම්පික කරුණාරත්න හෙවත් කප්පම් චම්පික ය. එම රත්තරන් ටොන් 40 විකුණා ඇත්තේ ජපානයේ ජපුගා නමැති සමාගමකට ය. ඒ සඳහා කප්පම් චම්පික ජපානයටද ගොස් තිබේ. (මෙහි දැක්වෙන සේයාරුවේ කප්පම් චම්පික සමග සිටින අනෙක් දෙදෙනා හඳුනාගැනීමට පාඨක සහාය බලාපොරොත්තුවේ) 

මේ අතර කප්පම් චම්පිකට එරෙහිව ස්ත්‍රී දූෂණ චෝදනා දෙකක්ද තිබෙන නමුත් ඒවා රාජපක්ෂලා විසින් වසන් කර දමා ඇත. 

ඉහත තොරතුරු වලට අදාල සේයාරූ සාක්කි මේ සමග පහත දැක්වේ ඒවා මත ක්ලික් කිරීමෙන් විශාල කර බැලිය හැකිය.

(ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවයේ විශේෂ වාර්තාකරුවෙකු විසිනි)

සබැඳි පුවත් - 
මන්ත්‍රී වැටුපක් පමණක් ලැබූ නාමල් කෝටි ගණන් දී සමාගම් මිලදී ගත් හැටි හෙලිවේ: රටේ ප්‍රකට ධනපතියන්ගෙන් කප්පම් ගත් නාමල්ගේ ‘කප්පම් චම්පික‘ ගැන තොරතුරු මෙන්න
නාමල්ගේ ‘කප්පම් චම්පික‘ ගැන තවත් තොරතුරු හෙලිවේ: නාමල් සුජානිව කප්පම්කරුට දීලා: නාමල්ගේ රත්තරන් කිලෝ 25 ක් සීෂෙල්ස් වලට යැවුවේත් කප්පම් චම්පික: හිටපු රේගු අධ්‍යක්ෂ ජෙනරාල් උදව් කරලා
නාමල්ගේ අංක එකේ කප්පම් ගෝලයා “කප්පම් චම්පික“ අත් අඩංගුවට

 

---------------------------
by     (2015-11-21 01:00:06)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  1 discussion on this news

The majority of the secretaries are thieves or supported stealing public funds. There is one secretary who has stolen teacher's subsistence money. How to proceed yahapalanya with this type of politicians and senor public managers.
-- by Shyamalee on 2015-11-20

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links