~

වොෂින්ටනයේ නිල නොලත් ශ්‍රී ලංකා තානාපති දිවියෙන් සමුගනී

(ලංකා ඊ නිව්ස් -2015.නොවැ.09, ප.ව.10.30)  දශක 4 කට අධික කාලයක් ඇමරිකාවේ ජීවත් වෙමින් එහි ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් අමිල මෙහෙවරක යෙදුනු සත්‍ය වශයෙන්ම ශ්‍රී ලාංකිකයන්ගේ නිල නොවන තානාපති වරයා ලෙස කටයුතු කළ අචල දේශප්‍රේමියෙක් වූ සනත් ද සිල්වා මහතා හෙවත් කවුරුත් දන්නා ‘සනත් අයියා‘ දිවියෙන් සමුගත්තේය. 

අවාසනාවන්ත රෝගී තත්ත්වයකට මුහුණ දුන් ඔහු ජීවිතය සමග පොර බදිමින් සිට පසුගිය සිකුරාදා වොෂින්ටනයේ පමණක් නොව නිව්යෝර්කයේද, ලන්ඩනයේද, ශ්‍රී ලංකාවේ ද දේශප්‍රේමී ශ්‍රී ලාංකික හදවත් සෝ සයුරේ ගිල්වා සමුගෙන ගියේ ය. 

පසුගිය කාලයේ එල්ටීටීඊ ත්‍රස්තවාදය සමග අවසන් සටනේදී උතුරු ඇමරිකාවේ තිබූ ශක්තිමත් එල්ටීටීඊ ඩයස්පෝරාවට එරෙහිව ඔහු නිර්භීතව සටන් කෙළේය. ශ්‍රී ලාංකික සමාජ ක්‍රියාකාරියෙකු ලෙස ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සමග ඔහුට තිබූ දුර්ලභ ඝනයේ සම්බන්ධතා භාවිතා කරමින් එල්ටීටීඊ විරෝධී මතවාදය සාර්ථක ලෙස එක්සත් ජනපද සෙනේට් සභිකයන්ටත් කොන්ග්‍රස් සභිකයන්ටත් ඉදිරිපත් කිරීමට සනත් ද සිල්වාට හැකිවිය. ඔහු විසින් එල්ටීටීඊ විරෝධී සාර්ථක උද්ඝෝෂන කිහිපයක් ඇමරිකානු අග නගර වල සංවිධානය කිරීමද අමතක කළ යුතු නැත.

ඉන්පසුව ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා සිරගත කීරීම නිසා ඔහු නිදහස් කර ගැනීමේ සටන ඇමරිකානු අග නගර සිසාරා ගෙන ගියේ ද සනත් ද සිල්වාම ය. ඇමරිකානු සෙනේට් සභිකයන් සමග ඔහුට තිබූ සම්බන්ධතා භාවිතා කරමින් ජෙනරාල් ෆොන්සේකා නිදහස් කිරීමට ශ්‍රී ලංකාවේ රාජපක්ෂ ආණ්ඩුවට ඇමරිකාව ලවා බලපෑම් කරවා ගැනීමට හේ සමත් වීමද කැපී පෙනෙන්නකි. 

ඔහු කොළඹ ආනන්ද විදුහලේ කීර්තිමත් ආදි සිසුවෙක් වෙනවා සේම එහි උගෙන ගත් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාගේ එක පන්තියේ මිතුරෙකු විය. සරත් ෆොන්සේකා මහතා තම දීර්ඝ කාලීන මිතුරාගේ අභාවය වෙනුවෙන් ඊයේ ශෝක පණිවුඩයක් එවා තිබිණ. තමාගේ ජීවිතයේ අසීරුතම කාලයේදී සනත් ද සිල්වා බිය නොමැතිව ඔහුගේ ජීවිතයද අනතුරේ දමා ගෙන තමාගේ නිදහස වෙනුවෙන් කළ සටන කවදාකවත් අමතක නොවන්නක් බව ෆොන්සේකා මහතා සඳහන් කර ඇත. සැබෑ දේශප්‍රේමියෙක් වූ සනත් ද සිල්වා තම දේශයට යහපත් හෙට දවසක් උදාවෙන තුරු නොනවත්වා ක්‍රියාත්මක වූ පුද්ගලයෙකු බවත් එවන් මිතුරෙකු අහිමි වීම තමාටත් තම පවුලටත් ඉමහත් දුකක් බවත් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පවසා තිබේ. 

ජීවිතාරක්ෂාව පතා ඇමරිකාවට ගිය ශ්‍රී ලංකාවේ ජනමාධ්‍යවේදීන්ට සමාජ ක්‍රියාධරයන්ට ද සනත් ද සිල්වා මහතා විසින් කරන ලද උපකාර මෙතකැයි කිව නොහැකිය. 

ජීවිතය අනියතය මරණය නියතය යන ලෝක සත්‍ය අනුව සනත් ද සිල්වා මහතා ලබන 11 වෙනිදා සවස අප අතරින් සදහටම වෙන්ව යනු ඇත. ඔහුගේ දේහය Collins Funeral Home, 500 University Blvd W, Silver Spring, ස්ථානයේ ඒ දක්වා මහජන ගෞරවය සඳහා තැන්පත් කර තැබෙනු ඇත.

---------------------------
by     (2015-11-09 21:20:54)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  1 discussion on this news

Unlike political stooges, People of this nature should be honoured, worshiped & remembered by the real Sri Lankans during the generations.We wish him to attain Nibbana!
-- by I. Wimalasekara on 2015-11-10

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links