(ලංකා ඊ නිව්ස් -2015.ඔක්.19, ප.ව.4.00) පසුගිය සිකුරාදා බරපතල අපරාධ දූෂණ පිළිබඳ විශේෂ ජනාධිපති විමර්ශන කොමිසමේ දී අවිනීත ආකාරයෙන් කලහකාරී ලෙස හැසිරෙමින් කොමිසමේ රාජෙකාරි වලට බාධා කළ බස්නාහිර පළාත් මන්ත්‍රී උපාලි කොඩිකාර ලබන 23 වැනිදා තෙක් රිමාන්ඩ් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අද නියෝග කළේය.
කුරුණෑගල දිස්ත්‍රික් එජනිස මන්ත්‍රී මහින්ද රාජපක්ෂගෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා පසුගිය සිකුරාදා ජනපති කොමිසමට කැඳවූ අවස්ථාවේ රාජපක්ෂ සමග පැමිණි උපාලි කොඩිකාර කොමිසමේ සහ පොලිසියේ රාජකාරියට බාධාවන අයුරින් හැසිරුණු බවට චෝදනා කරනු ලැබූ කොඩිකාර අද කුරුඳුවත්ත පොලිසිය මගින් අත් අඩංගුවට ගත් අතර පසුව අධිකරණය ඉදිරිපත් කෙරුණි.
මීට පෙර අල්ලස් කොමිසම ඉදිරිපිට විරෝධයකට එක්වීම සම්බන්ධයෙන්ද මහේස්ත්‍රාත්වරයා ඔහුට අවවාද කළේය.
සේයාරූ වල දැක්වෙන්නේ උපාලි කොඩිකාර සිකුරාදා කොමිසමට බාධා කළ අවස්ථාවත් අද කුරුඳුවත්ත පොලිසියේ පොලිස් කූඩුවේ රඳවා සිටි ආකාරයත්ය. සේයාරූ ලංකාදීපයෙනි.
---------------------------
by (2015-10-19 10:44:40)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි