(ලංකා ඊ නිව්ස් -2015.සැප්.12, ප.ව.9.30) කොළඹ දිස්ත්‍රික්කයෙන් එක්සත් ජාතික පක්ෂයෙන් ඡන්දය ඉල්ලූ නමුත් අවශ්‍ය මනාප ලබා ගැනීමට අවාසනාවන්ත වූ එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ කාන්තා දේශපාලනඥවරියක් වූ බර්නඩීන් රෝස් සේනානායක හෙවත් රෝසි සේනානායක මහත්මිය අග්‍රමාත්‍යවරයාගේ නිල ප්‍රකාශිකාව ලෙස පත් කර තිබේ. ඒ සමගම ඇය අගමැති නිල කාර්ය මණ්ඩලයේ දෙවැනියා ලෙසද පත් කර ඇත.
ලංකාවේ රාජ්‍ය නායකයෙකුගේ ප්‍රකාශක ධූරයට කාන්තාවක් පත් වූ පළමු අවස්ථාව මෙයයි.
රෝසි සේනානායක මහත්මිය චතුර ලෙස ද්විභාෂා හැසිරවීමේ දක්ෂතාවයක් ඇති තැනැත්තියක් වන අතර තරුණ අවදියේ ලෝක විවාහක රූ රැජින ලෙස ජය ගැනීමෙන් පසුව ශ්‍රී ලංකාවේ නාමය විදේශයන්ති ප්‍රචලිත කිරීමේ තානාපති කාර්යයේ යෙදී අත් දැකීම් ඇති තැනැත්තියකි. ඇය මලයාසියාවේ තානාපතිනිය ලෙසත් එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ නියෝජිත වරියක් ලෙසත් කටයුතු කර තිබේ. දින සීයේ ආණ්ඩුවේදී ඇය ළමා කටයුතු පිලිබඳ රාජ්‍ය ඇමැතිධූරයද දැරුවාය.
පසුගිය මැතිවරණයේදී රෝසි සේනානායකට අදාල මනාප නොලැබුනේ ඇය කිලී මහාරාජාගේ මාධ්‍ය සමග පයුරු පාසානම් පැවැත්වීම නිසා යැයි දේශපාලන විචාරකයෝ කියති. මන්ද යත් එක්සත් ජාතික පක්ෂයට කිලී මහාරාජා කළ හතුරු කම් දන්නා එජාප පාක්ෂිකයා කිලීගේ මාධ්‍ය විසින් පුම්බලන ලද බොහෝ දේශපාලනඥයන්ව ඉතා දරුණු ලෙස ප්‍රතික්ෂේප කර තිබීම නිසා ය.
---------------------------
by (2015-09-12 16:58:37)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි