(ලංකා ඊ නිව්ස් -2015.සැප්.12, ප.ව.7.00) අමාත්‍යාංශ ලේකම්ලා පත් කිරීමේ දී සලකා බලන්නැයි මාදුළුවාවේ සෝභිත හිමියන් දුන් නම් ලැයිස්තුව ජනාධිපති වරයා හෝ අගමැති වරයා හෝ නොසලකා ඇතැයි ලංකා ඊ නිව්ස් වෙත වාර්තා වේ.
විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමට පොදු අපේක්ෂකයෙක් ජනාධිපති ලෙස ජනවාරි 8 දා පත් කර ගැනීමේ දී සාධාරණ සමාජයක් වූ ජනතා ව්‍යාපාරයේ ප්‍රධානියා ලෙසත්, අගෝස්තු 17 යහපාලන ආණ්ඩුවක් පත් කර ගැනීමේ දී සිවිල් සංවිධාන 110 ක් එක් කොට අගමැතිවරයා සමග ජනතා ගිවිසුමක් අත්සන් තබමින්ද මාදුලුවාවේ සෝභිත හිමියන් අනුපමේය කාර්ය භාරයක් ඉටු කළ පැවිදි නායකයෙකි.
අමාත්‍යාංශ ලේකම් ලා පත් කිරීමේ දී සලකා බලන්නැයි රටේ යහපත් ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන් 17 කගේ නම් ලැයිස්තුවක් සෝභිත හිමියන් විසින් අගමැතිවරයා වෙත ඉදිරිපත් කර තිබී ඇත.
අවසානයේ පත් කරන ලද අමාත්‍යාංශ ලේකම්වරුන් අතර සෝභිත හිමියන් හොඳ යැයි කී නම් ලැයිස්තුවේ එකදු පුද්ගලයෙක් හෝ අයත් නොවීම කණගාටුදායක යැයි සාධාරණ සමාජයක් සඳහා වූ ව්‍යාපාරයේ ප්‍රකාශකයෙක් ලංකා ඊ නිව්ස් සමග පැවසීය.
---------------------------
by (2015-09-12 14:01:23)
Leave a Reply
Ape Hamuduruwane apita jeewath wenna wela thiyenne me wage gunamakuwan ekkai.
Meka Jaathiyema Awasanawak
-- by Pradeep on 2015-09-12
අපට දැනගන්න පුලුවන්ද ඔය හොද 17 දෙනා කවුද කියල
-- by Sin on 2015-09-13
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි