~

නියෝජ්‍ය කතානායක ජොකියාණෙනි..! ස්ථාවර නියෝග යටතේ රේස් ඔට්ටුවක් දාන්නේ කොහොමද?

(ලංකා ඊ නිව්ස් -2015.අගෝ.02, ප.ව.12.20) මළ විලි ලැජ්ජාවයි...! පුදන කොටම කාපි යකා...!! ඒ වුනාට සංගෙ නැති වැඩ දියවන්නාවේ වෙන්නේ නැති එකක් යැයි.

ඇයි ඔය කස්ටියම නේද පාර්ලිමේන්තු රතු පලසෙ ඇඳුම් මාරු කර කර බූරු ගගහ රහමෙර ගිල්ලේ ඕයි.

අර කොළඹ රෑට රෑට රතුපාට ලයිට් දා ගෙන අශ්වයෙක් පනින්නේ. ඕන්න දැන් ඒ අශ්ව ජොකිය දියවන්නාවේ නියෝජ්‍ය කතානායකලු.

අඩුම ගානේ මෑන් මේ පාර ඡන්දෙන් දින්නෙත් නෑ..

දැන් බැලුවාම විරෝධය තියෙන්නේ දුමියගෙ කුඩු වලට විතරයි. ඇයි බුකි නිසා රටේ මිනිස්සු අගාධයට යන්නේ නැතිවද? එකත් එතකට ඒකෙත් වරදක් කියන්න බෑ. රේස් දැමිල්ලෙයි ලොතරැයි ගැහිල්ලෙයි ඇති වෙනසකුත් නෑනෙ. 

ඇත්තටම කිව්වොත් රේස් දාන්න මෝඩකමයි  මොළෙයි දෙකම ඕනේ. ලොතරැයි ගහන්න ඔනේ මෝඩකම විතරයි. වකුගඩු ලොතරැයිය කිව්වත් ඒක සූදුවක් නෙවෙයිද ආයි බොලං.?

ජොකිය නියම පොර. ඒ දවස්වල රාජපක්ෂට විරුද්ධ පෙළපාලි ගිය ඔය දැන් දියවන්නාවෙ ඉන්න හර්ෂ, රංජන්, හිටපු රෝසි වගේ කස්ටියට එලව එලව ගැහුවෙත්, වාහන කුඩු කෙළෙත් මේ ජොකියම කියල තමයි සිරිකොතේ කතා වුණේ.

පාර්ලිමේන්තුවක නියෝජ්‍ය කතානායක තනතුර අශ්ව රේස් ඔට්ටු ගන්න මහත්තයකුට ආපු නිසා  ඊ‍ලඟ පාර රතු පළසේ රෙදි ගලව ගත්තහම පුලුවන් රේස් පිට රේස් දාන්න. මේ පාර මාලිනී නැති උනාට ගීත ඉන්නවනේ! ‘වින් ඇන් ප්ලේස්’ එකක් ඇදුනත් ඇති. ‍‍‍‘වින් වින්’ හරියට එකක් දාගත්තොත් ඉතිං බඩේ බත්.!

නියෝජ්‍ය කතානායකතුමාගෙන් අහන්න ස්ථාවර නියෝග 001 යටතේ කොහොමද දිනන අශ්ව ඔට්ටුවක් අල්ලන්නේ කියල. රේස් පත්තරේ තියෙන සිලෙක්ෂන් වලට ගැහුවොත් දිනුවත් ලැබෙන්නේ 1:2 ක් නැත්නම් 1;3ක්. ගහන්න ඕනේ අප්සැට් වුනත් දුවන අශ්වයකුට. මෛත්‍රීපාල සිරිසේන වගේ අශ්වයකුට. තිලංග ද සුමතිපාලද මහත්තය රේස් සූත්තරේ දන්න නිසානේ අප්සට් අශ්වයට ඔට්ටු අල්ල ජාතික ලැයිස්තුවෙන් ආවේ. 

අශ්වයගේ ජාතකේ බලන්න ඕනෙ, ජොකිය බලන්න ඕනේ, කාළගුණය බලන්න ඔනේ කොටින්ම කියනව නම් හතර පෙර නිමිතිම බලන්න ඔනේ නියෝජ්‍ය කතා නායකතුමාගේ ඔට්ටු පොළට බහින්න.

අපේ දෙයියෝ..! අපේ තරහක් නිසා නෙවෙයි, එත් අශ්ව රේස් බුකි මුදලාලි කෙනෙකුට රටක උත්තරීතර පාර්ලිමේන්තුවේ කතා නායක පුටුවේ ඉඳගෙන පාර්ලිමේන්තුව පාලනය කරන බලය ගියාම හොඳ මදි නේද? මේ පාර්ලිමේන්තුවේ ඉන්න ජ්‍යෙෂ්ඨයෝ බුකී මුදලාලිට සර් කියන්න ගියාම අප්සැට් එකක් නැතිද? අඩුම ගණනේ මේ මැතිවරණයෙන් දිනපු කෙනෙක්වත් වෙන්න ඕනේ නැද්ද ? නීතිඥ මහත්තයෙක්වත් වෙන්න ඕනේ නැද්ද? ප්‍රින්ටින් ඩිප්ලෝමාවක් ඇතිද..? 

ඇත්තටම සිරිසේන මහත්තයට අර අද කතාවෙදි කිව්ව ප්‍රබුද්ධ, ප්‍රශස්ත ප්‍රජාතන්ත්‍රවාදී ගමනකට ඔබින මංතිරියෙක් උන්නේම නැද්ද මේ තනතුර දෙන්න ? කොහොමත් සිරිසේන මහත්තයට තනතුරු දෙන්න තේරෙන්නේම නෑ. නැතිනම් මැතිවරණ නිති කඩ කළාට හිරේ යන්න ඕනැ එකෙක් තමන්ගේ ලේකම් කර ගනීවියැ. මහින්දවත් ආසන සංවිධායක කමක් නුදුන්න කුඩු ලන්සට ආසන සංවිධායක කමකුත් දීල නාමයෝජනාත් දීල පාර්ලිමේන්තුවට ගනීවියැ.. තමන්ගෙම රැස්වීමක් සංවිධානය කරපු මනුස්සයව මරල හිරේ ඉන්න චොකා මල්ලිට හිරේටම ගිහින් නාම යෝජනා දේවියැ.. 

හැබෑට සිරිසේන මහත්තයෝ ඔහේගෙත් කටේ තියෙන නරිවාදම කෙරුවාවේ නෑ නේද?

කොහොම වුනත් යහ පාලනය බුකී පාලනයක් නොවේවා!
ආයුබෝ වේවා! ආවඩා වේවා! 

-කපුවා විසිනි-

---------------------------
by     (2015-09-02 07:04:41)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  1 discussion on this news

ජොකියෙක් නියෝජ්‍ය කථානායක කරගත්තේ හොර ඇමතිවරැ 45ක් පත්කරගන්නයි. ජාතික ආණ්ඩුව සහ ඇමතිවරැ 30 සීමාවේ නීතිමය පදනම-- ජාතික ආණ්ඩුවක් නොපිහිටුවා ඇමතිවරැ 30ට වැඩිය පත්කර ගත හැකිද? මේ දිනවල සමාජ කනිකාවතක් ඇති වී තිබෙන ජාතික ආණ්ඩුව, ඇමති මණ්ඩලය 30කට සීමාකිරීම සම්බන්ධව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, පාර්ලිමේන්තු විවාද(Hansard) ඇසුරෙන් විමර්ශනාත්මක විග්‍රහයක් කිරීම මෙම ලිපියේ අපේක්ෂාවයි. පනත් කෙටුම්පත(Bill) සහ පනත (Act) අතර ඇති මූලික වෙනස පිළිබදවත් අවබෝධයෙන් තොරව නීති තර්ක ගෙන එමින් 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පනත් කෙටුම්පතේ (Bill) ඇති කරැණු විද්‍යුත් නාලිකා සහ මුද්‍රිත මාධ්‍යයන් විසින් සමාජගත කරන නමුත් 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පනතේ(Act) ඇති ව්‍යවස්ථා නිවැරදිව සමාජගත නො කිරීම හේතුවෙන් සත්‍ය ජනතාව වෙත ගෙනයාම ප්‍රභල අභියෝයක්ද වෙයි. 2015.04.28 දිනැති පාර්ලිමේන්තු විවාද(Hansard) වාර්තාවේ(8වන කලාපය-11 කොටස) 924 සිට 940 දක්වා පිටු අධ්‍යයනය කිරීමේදී ජාතික ආණ්ඩුව සහ ඇමතිවරැ 30 සීමාවේ නීතිමය පදනම සම්බන්ධව පාර්ලිමේන්තුවේ චේතනාව මැනවින් අධ්‍යයනය කර ගත හැකිය.අදුරේ අතපත නොගා නීති මූලාශ්‍ර අධ්‍යයනය කිරීම සමාජ යහපතටම වෙයි.
-- by bala on 2015-09-02

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links