~

ජවිපෙ ප්‍රජාතන්ත්‍රවාදයට කොකා පෙන්වයි: ජාතික ලැයිස්තු අර්බුදය උග්‍ර වෙයි: ලාල්කාන්ත කපා හඳුන් ඇතුලට ගනී: කළකිරුනු ලාල්කාන්ත දැරූ පළාත් සභා මන්ත්‍රීධුරයත් අත හරී

(ලංකා ඊ නිව්ස් -2015.අගෝ.20, ප.ව.4.30) ජනතා විමුක්ති පෙරමුණ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදයට කොකා පෙන්වා තිබේ. අන් සියළු ශිෂ්ඨාචාරගත දේශපාලන පක්ෂ ඡන්දය ඉල්ලා පරාජයට පත්වූ අපේක්ෂකයන් යලිත් ජාතික ලැයිස්තුව හරහා පාර්ලිමේන්තුවට පත් කිරීම ප්‍රතික්ෂේප කර තිබියදී කොළඹ සිට මාතරට ගොස් මාතර දිස්ත්‍රික්කයෙන් ඡන්දය ඉල්ලා ජනතාව ප්‍රතික්ෂේප කළ ජවිපෙ හිටපු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති ජාතික ලැයිස්තුවෙන් යලි පාර්ලිමේන්තුවට පත් කර තිබේ.

ඡන්දයට පෙර ජනතා විමුක්ති පෙරමුණ කියා සිටියේ ලෝකයේ හොඳම ජාතික ලැයිස්තුව තිබෙන්නේ තම පක්ෂයට බවයි. ඒ එසේනම් ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රී ධූර දෙකක් හිමි වූ විට එය ජාතික ලැයිස්තුවෙන් පත් නොකර ප්‍රජාතන්ත්‍රවාදයට විරුද්ධව පරාජිතයන් පත් කරන්නේ මන්දැයි ප්‍රජාතන්ත්‍රවාදයට ලැදි ජවිපෙ පිරිස් ප්‍රශ්න කරති.

ජාතික ලැයිස්තුවෙන් පත් කර ඇත්තේ එක් පුද්ගලයෙක් පමණක් වන අතර ඒ හිටපු විගණකාධිපති මායාදුන්නේ මහතා ය.

‘ජාතික ලැයිස්තු උගතුන් ෂෝ කේස් එකේ දමා විකිණීමට විතරයි‘

ජවිපෙ නඩු වෙනුවෙන් නොමිලේ පෙනී සිටින ජවිපෙ ජාතික ලැයිස්තුවට නම දමා තිබූ ප්‍රකට නීතිවේදියෙක් ලංකා ඊ නිව්ස් වෙත පවසා සිටියේ ජනතා විමුක්ති පෙරමුණ ජාතික ලැයිස්තුවේ සිටි කීර්තිමත් උගතුන්ව ෂෝ කේස් එකක දමා විකිණුවා පමණක් බවත් ඔවුන්ට නීත්‍යාණුකූල ලෙස මන්ත්‍රීධූරයක් ලැබූ විට එය නොදී තම පක්ෂයේ හිතවතුන් අතර බෙදා ගන්නා බවත්ය. මෙය ජවිපෙට ඡන්දය දුන් ජනතාවගේ ඡන්දය බාල්දු කිරීමක් බවද ඔහු පැවසීය. මන්ද යත් ජවිපෙට ඡන්දය දුන් සියළු දෙනා ජවිපෙ සාමාජිකයන් නොවන අතර ඔවුන් අතර ජාතික ලැයිස්තුව දෙස බලා අපේක්ෂකයන්ට මනාප නොදී පක්ෂයට පමණක් ඡන්දය දුන් විශාල පිරිසක් සිටි බවත් ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රී ධූර හිමිවන්නේ එසේ ඡන්දය දුන් අයගේ ඡන්දය නිසා බවත් පරාජිතයෙකු යලි පාර්ලිමේන්තුවට පත් කිරීම ඒ ඡන්දය දුන් ජනතාවගේ කම්මුලට ගැසීමක් බවත් නීතිවේදියා වැඩි දුරටත් කීය.

‘අනුර ලාල්කාන්තව කැපීමේ තුච්ඡතම අවස්ථාව‘

මේ අතර ජනතා විමුක්ති පෙරමුනේ නායකයා පරාජිත සුනිල් හඳුන්නෙත්ති පාර්ලිමේන්තුවට ගෙන ලාල්කාන්ත කපා දමා මායාදුන්නේට ඒ අවස්ථාව දුන්නා කියා කලකිරුණු කේ.ඩී.ලාල්කාන්ත තමන් දැරූ පළාත් සභා මන්ත්‍රී ධූරයෙන්ද ඉල්ලා අස්වී තිබේ. නමුත් තමන් දැරූ වෘත්තීය සමිති නිල තල වලින් ඉවත් වී නැත. පක්ෂයකට ප්‍රතිපත්තියක් තිබිය යුතු බවත් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර ජාතික ලැයිස්තුවේ නම් සඳහන් අයට පමණක් දෙනවා නම් එය එසේ විය යුතු බවත් පරාජිත අයට දෙනවා නම් එය එසේ විය යුතු බවත් මෙය ලාල්කාන්ත මහතා කපා දැමීමට අනුර දිසානායක දීර්ඝ කලක් තිස්සෙ කරගෙන යන කුමන්ත්‍රණයේ තුච්ඡතම අවස්ථාව බවත් ලාල්කාන්තට පක්ෂ වෘත්තීය සමිති නායකයෙකු ලංකා ඊ නිව්ස් සමග පැවසීය. 

---------------------------
by     (2015-08-20 11:10:32)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links