(ලංකා ඊ නිව්ස්- 2015.අගෝ.09, ප.ව. 11.50) යුද හමුදා සාමාජිකයන්ට මැතිවරණ සහ සමාජීය කටයුතු වල යෙදීම තහනම් කරමින් යුද හමුදා මූලස්ථානය විසින් නියෝගයක් නිකුත් කර තිබේ.
පසුගිය අගෝස්තු 07 වෙනිදා AO09/2015 ලෙස නිකුත් කර ඇති මෙම නියෝගයට අත්සන් තබා ඇත්තේ පරිපාලන අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් එන්.ඒ.ධර්මරත්න විසිනි.
1947 අංක 17 දරණ යුද හමුදා පණත අනුව මෙකී නියෝග පනවන බව දන්වා ඇති අතර ඒ අනුව යුද හමුදාවේ නිත්‍ය, අතිරේක සහ ස්වේච්ඡා බලකායන් කිසිවක නිලධාරියෙකුට සෙබලෙකුට ඡන්දය දීම හැරුණු කොට ඡන්ද ව්‍යාපාරය කටයුතු වල යෙදීම තහනම් කර ඇත. අන්තර් ජාල සමාජ මාධ්‍යයක හෝ ප්‍රචාරක කටයුත්තක යෙදීම තහනම් වේ. නිලධාරියෙකුගේ බිරිඳ ඡන්දය ඉල්ලනවා නම් ඔහු මේ කාලය තුල තම නිල නිවසේ බිරිඳගේ ඡන්ද කටයුත්තක හෝ යෙදීම තහනම්ය. දේශපාලන අරමුණු වෙනුවෙනු ආධාර එකතු කිරීම්, සාකච්ඡා, රැස්වීම් ආදියට නිල ඇඳුමින් හෝ නිල ඇඳුමින් තොරව සහභාගී වීම පවා තහනම් කර තිබේ.
ගැටළුව පැන නගින්නේ මෙම තහනම් නියෝග මත නොවේ. 1947 සිට මෙම පනත ක්‍රියාත්මක වූවා නම් පසුගිය ජනවාරි 08 වෙනිදා අමු අමුවේ ඡන්ද ප්‍රචාරයේ යෙදුනු නිලධාරීන්ට එරෙහිව යුද හමුදාපතිවරයා සේම ආරක්ෂක ඇමැති මෛත්‍රීපාල සිරිසේන ගන්නා ක්‍රියා මාර්ගය කුමක්ද යන්නයි. මන්ද යත් 07 වෙනිදා නිකුත් කරන ලද නියෝගය අනුව මේවා උල්ලංඝනය කරන අයට යුද හමුදා විනය කැඩීම යටතේ දඬුවම් දෙනවා යැයි සඳහන් කර ඇති නිසා 1947 සිට පැවැති විනය නීති ජනවාරි 08 වෙනිදාට වලංගු නොවීද?
අනෙක් අතට මෙහිදී තවත් ප්‍රශ්නයක් පැන නගී ඉහත කී නියෝග පනවා ඇත්තේ අගෝස්තු 12 වෙනිදා සිට ක්‍රියාත්මක වන බව කියමිනි. 1947 සිට යුද හමුදා පනත ක්‍රියාත්මක වන්නේ නම් අගෝස්තු 12 වෙනිදා සිට ක්‍රියාත්මක වන පරිදි නියෝග පනවන්නේ අහවල් එකකට ද? රටේ මැතිවරණ නීතිය ක්‍රියාත්මක වන්නේ නාමයෝජනා බාරගත් දිනයේ සිට වුවද යුද හමුදාවට විනය නීති පවතින්නේ මැතිවරණ නීතිය යටතේ නොවේ. එය 1947 සිටම සදා පවතින්නකි. ඒ එසේ නම් මෙකී නියෝගය අගෝස්තු 12 දක්වා කල් දමා ඇත්තේ මන්ද?
-අදාල නියෝගයේ පිටපතක් මෙහි දැක්වේ.-
---------------------------
by (2015-08-10 00:25:22)
Leave a Reply
මේක මෙහෙම වෙලා තියෙන්නෙ මොකද ආසියාවේ ආශ්චර්යය අපි හිතුවට ජනවාරි 8 වෙනිදයින් පස්සෙ ඉවරයි කියල එහෙම උනේ නෑනෙ. මිනිය වලදාල දවස් හතේ දානෙ ඉවරවෙන්න ඔනෙ හොලමනට යන දිහාකට යන්න. මෙදමූලන හොල්මන තවම ඉන්න නිසා අනිත් යක්කු තවම හොල්මන් කරනවා. අගොස්තු 18 වෙනිදයින් පස්සෙ ඔක්කොම හරියයි.
-- by pachaya on 2015-08-10
I feel this is a really very good move. Since we did wrong in the past we should not continue it. Where ever we could avoid bad and do good on that point on wards we should do it. I feel this is a very serious issue though may not have implemented yet.
-- by Sriyani Mangalika on 2015-08-12
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි