(ලංකා ඊ නිව්ස් -2015.ජුනි.30, ප.ව.11.45) යම් දේශපාලන දහරාවකට තම විරුද්ධවාදී දේශපාලන බලවේග බෙදී වෙන්වුවහොත් වාසි සහගත වීම පුදුමයට කාරණයක් නොවුනද තම විරුද්ධවාදී බලවේගය සමගි වුවහොත් එය වාසි සහගත සිදුවීමක් වන්නේ ලෝකයේ කලාතුරකිනි. මේ ලියුම්කරු කියවා ඇති ලෝක දේශපාලනයේ ඉතිහාස සිදුවීම් වලදී නම් එවැන්නක් කියවා අසා නැත.
නමුත් එවැනි අභව්‍ය සිදුවීමක් මේ දිනවල ලංකාවේ සිදුවෙමින් පවතී. ඒ පිලිබඳ සරල විග්‍රහයක් කිරීම මේ ලිපියේ අරමුණය.
අද වන විට ලංකාවේ දේශපාලන තලයේ ප්‍රධාන කතා බහ වී ඇත්තේ මීට මාස 5 කට පෙර ජනතාව විසින් පරාජයට පත් කරන ලද රාජපක්ෂ දූෂිතයන්ට ඔවුන් පරාජයට පත් කරන ලද පොදු අපේක්ෂකයා වූ මෛත්‍රීපාල සිරිසේන නායකත්වය බාර ගත් ශ්‍රීලනිපය හෝ එජනිසය යටතේ නාම යෝජනා ලැබේද නොලැබේද යන්නයි.
සත්‍ය වශයෙන්ම මේ වන විට ශ්‍රීලනිපය දෙකඩ වී අහවරය. එය වූයේ මහින්ද රාජපක්ෂගේ පරාජයට වඩා ශ්‍රීලනිපයේ ලේකම් ඉන් ඉවත්වී විපක්ෂයේ බලවේග සමග එක්ව තම පක්ෂ නායකයාටම අභියෝග කර ජය ගැනීමත්, ජය ගැනීමෙන් පසු නිර්පාක්ෂික වනවා යයි ඔහු ‘දුන් පොරොන්දුව කඩ කර‘ ජනතාව විසින් මහින්ද රාජපක්ෂ සමගම පරාජයට පත් කළ ශ්‍රීලනිප ප්‍රමුඛ එජනිසයේ නායකත්වය කාටත් හොරා බාර ගැනීමත් සමග ය.
‘දුන් පොරොන්දු කඩ කර‘ යැයි අප කියන්නේ මෛත්‍රී ශ්‍රීලනිප ලේකම් ධූරයෙන් ඉවත්ව පොදු අපේක්ෂකත්වය ලබා ගැනීමේදී ජය ගතහොත් ශ්‍රීලනිපයේ නායකත්වය එම පක්ෂ ව්‍යවස්ථාව අනුව ජනාධිපති ධූරයට පත්වන පුද්ගලයාට ලැබෙන බව දන්නා බැවින් පූර්ව සාකච්ඡා වලදී පොරොන්දු වී සිටියේ එකී නායකත්වය වසර ගණනක් පැරදි පැරදී තිබියදී ශ්‍රීලනිපය ජයග්‍රාහී මාවතට ගෙනැවිත් වසර 12 ක්ම ඊට නායකත්ව දුන් චන්ද්‍රිකා බණ්ඩාරනායකට යලි බාර දෙන බවට ය. චන්ද්‍රිකා විසින් පොදු විපක්ෂයක් ගොඩ නැගීමට කරන ලද කාර්ය භාරය ලෙස ඉල්ලා සිටියේ ද කිසිදු තනතුරක් නොව රාජපක්ෂලා විසින් දූෂිත පක්ෂයක් බවට පත් කරන ලද තම දෙමාපියන් විසින් පරිත්‍යාගයෙන් ගොඩ නැගූ පක්ෂය යලි ප්‍රතිනිර්මාණය කිරීමට එහි නායකත්වය පමණි. නමුත් මෛත්‍රීපාල සිරිසේන කෙළේ මහනුවරදී ‘සියල්ල අත්හරින්න පුරුදුවන්නැ‘යි කියා ශ්‍රීලනිප සහ එජනිස නායකත්වය බදා ගැනීම ය.
යම් දේශපාලකයෙකු පක්ෂයකට බැඳී එහි නායකත්වය සඳහා සටන් කරන්නේ මන්ද? පක්ෂ නායකත්වය ගෙන එම පක්ෂය බලයට පත්කරවීම සඳහා මෙහෙයවා පසුව තමන් රටේ නායකයා වීමට ය. සරල සත්‍ය එයයි.
යමෙකුට පක්ෂයක නායකත්වයක් නොමැතිව වුව රටේම පක්ෂ සහ සංවිධාන සියල්ල එකතු වී තමා රටේ නායකයා කිරීමෙන් පසුවත් තවදුරටත් ඔහුට පක්ෂයක නායකත්වයක් අවශ්‍ය වන්නේ නම් ඔහු ඔල්මොරොන්දම් කාරයෙකි. තමා ඒ බදා පැන බාර ගන්නා නායකත්වය තමා බලයට ගෙන ආ පක්ෂයක නම් කම් නැත. නමුත් බදා පැන බාරගන්නේ තමා විසින්ම පරාජය කරන ලද පක්ෂයක නායකත්වය නම් එවැනි නායකත්වයක් ලබා ගන්නා ඔහු ඔල්මොරොන්දම් කාරයෙක් පමණක් නොව මන්ද බුද්ධිකයෙකි.
පොදු අපේක්ෂකයාව සිටි මෛත්‍රීපාල සිරිසේන තීරණ ගැනීමේදී චන්ද්‍රිකා රනිල් දෙදෙනා සමග සාකච්ඡා කළද ශ්‍රීලනිප නායකත්වය ගැනීමට මහින්ද රාජපක්ෂ හමුවීමට කතානායක නිවසට ජනවාරි 10 දා රාත්‍රියේ ගියේ ඒ කිසිවෙකුට නොදන්වා ය. එක්තරා වෙබ් අඩවියක කතු වරයෙකු පවසන තුරු අනෙක් අය එවැන්නක් දැන සිටියේ හෝ නැත. මෛත්‍රීපාල සිරිසේන එවැන්නක් කෙළේ ඔහු ඔල්මොරොන්දම් කාරයෙක් හෝ මන්ද බුද්ධිකයෙක් හෝ නිසා නොවේ. ඒ ඔහු තුල තිබූ කපටි අදහස මුදුන් පමුණුවා ගැනීමට ය. ඒ නම් පොරොන්දු වූ පරිදි විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමට නොව සංශෝධනයක් පමණක් කර තමන්ට විධායක බලතල තබා ගැනීමට ය.
පොරොන්දු වූ පරිදි විධායක බලතල අහෝසි කර දේශපාලනයෙන් මහත්මයෙකු ලෙස විශ්‍රාම ගැනීමට කැප වූවෙකුට නම් තව දුරටත් පක්ෂයක නායකත්වයක් අවශ්‍ය නැත. කළ යුත්තේ පොරොන්දු වූ පරිදිම නිර්පාක්ෂික ලෙස ජනාධිපති ධූරය අහෝසි කර නිර්පාක්ෂික ලෙස රටේ ප්‍රජාතන්ත්‍රවාදය ගොඩ නැගීමට අවශ්‍ය ඉතිරි ප්‍රතිසංස්කරණයන්ද කර අනභිබවනීය ජාතික නායකයෙකු ලෙස දිනෙක පුටුවෙන් බැස යෑමය. නමුත් මෛත්‍රීපාල සිරිසේනගේ බොක්ක ඒ තරම් අවංක එකක් නොවුනේය.
එය එලි දැක්කේ ‘අත්තනෝමතික විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම‘ යන්නෙහි පද පෙරලි හදමින් ‘විධායක ජනාධිපතිධූරයේ අත්තනෝමතික බලතල අඩු කිරීම‘ යනුවෙන් විකෘති කරමින් ගෙන ආ 19 වෙනි සංශෝධනයෙනි. එම පද පෙරලි වල නිර්මාතෘන් ජාතික හෙල උරුමය යයි ජනතාව සිතුවද ඒ එසේ නොවූ බව තහවුරු වූයේ 19 වෙනි සංශෝධනය අනුව පත් කිරීමට යෝජිත වූ ව්‍යවස්ථාදායක සභාවේ ජනාධිපතිගේ නියෝජිතයා ලෙස ජාතික හෙළ උරුමයේ චම්පික රණවකව පත් කිරීමෙනි. 19 යේ කකුලෙන් ඇද්දේ චම්පිකලා පමණක්ම නොව එහි සැබෑ කකුල් මාට්ටු කාරයා මෛත්‍රීපාල සිරිසේනම බව ඉන් හෙලි විය. කපටි කම හෙලිවීමෙන් පසු ඔහු බලයට ගෙන ආ බලවේගයන්ගේ වෛරයට පාත්‍රවෙද්දී ඔහුගේ ආරක්ෂාවට පක්ෂයක් තිබිය යුතුය. පරාජයට පත්කරන ලද දූෂිත ශ්‍රීලනිපයේ නායකත්වය බදා ගැනීමට ඔහුට අවශ්‍ය වූයේ එනිසාය.
නායකත්වය ගැනීමෙන් පසුවද ඔහුට රාජපක්ෂලාගේ දූෂිත ශ්‍රීලනිපය අවංක ශ්‍රීලනිපයක් බවට පත් කර තමාට පක්ෂපාතී බලවේග ශක්තිමත් කර ගැනීමට සැබෑ වුවමනාවක් තිබුනාද යන්න සැක සහිතය. මන්ද යත් එසේ වී නම් නායකයෙකු ප්‍රථමෙයන්ම කරන්නේ පරාජිත රාජපක්ෂලා තම බලය පෙන්වීමට ප්‍රථමයෙන්ම පැවැත්වූ නුගේගොඩ රැලියට නිසි ප්‍රතිචාර දැක්වීමය. තමා බලයට ගෙන ආ හංසයා සමග එකමුතු වූ බලවේග සියල්ල සමග නුගේගොඩ නොව ගෝල් ෆේස් පිට්ටනියේ අති දැවැන්ත රැලියක් පවත්වා රටටත් ලෝකයාටත් ජයග්‍රාහයකයන් කව්දැයි පෙන්වීමට හැකියාවත් තිබුනද මෛත්‍රීපාල සිරිසේනට එවැන්නක් වුවමනා වූයේ නැත. ඊටද හේතුව ඔහු තමන් ජනතාවට දුන් විධායක බලතල අහෝසි කිරීමේ පොරොන්දුවට කටුව ගසන බවට ඔහු තුල තිබූ කපටි සිතුවිල්ලත් ඒ සඳහා තමන් බලයට පත් කළ බලවේග වෙනුවට අන්තවාදී කපටි ආරක්ෂකයන් වූ ජාතික හෙළ උරුමය ළං කරගෙන සිටීමත් ය.
මෛත්‍රීපාල සිරිසේනට රාජපක්ෂලාගේ පරාජිත බලවේග සමග සටන් කර ජය ගැනීමට අවශ්‍ය වී නම් කළ යුතු තවත් දෙයක් තිබිණ. එනම් ශ්‍රීලනිපයේ සම්මේලනයක් කැඳවා තම නව ප්‍රතිසංස්කරණ ප්‍රතිපත්ති ඉදිරිපත් කර එය ජයග්‍රහණය කරවා ඒ ප්‍රතිපත්ති ඉදිරියට ගෙන යාමට අවශ්‍ය නව නායකයන් පත් කර ගැනීමයි. සුද්ද පක්ෂයක් හදා ගැනීමයි. නැතිව පොඩි පොතක් අච්චු ගස්වා බෙදීම නොවේ. අඩුම ගණනේ තමා ලේකම් ධූරය හැරදා පැමිණීමෙන් පසුව රාජපක්ෂලා පත් කර ගත් රාජපක්ෂලාට හිතවත් ශ්‍රීලනිප ලේකම් වරයා සහ ඩබල්ගේම් එජනිසයේ ලේකම් වරයා හෝ වෙනුවට තමාට හිතවත් ලේකම් වරුන් දෙදෙනෙක් පත් කර ගැනීම හෝ කළ යුතුය. ඔහු එවැන්නක් කෙළේ ද නැත.
බොක්ෂිං ජුඩෝ කරාටේ වැනි සටන් ක්‍රීඩා වලදී පළමු වටයේදී තමන්ගේ ප්‍රහාර හේතුවෙන් ප්‍රතිවාදියා අඩ පණ වී ඇති නම් හෝ තමන්ට වැඩියෙන් ලකුණු ලැබී ඇති නම් සටන් කරුවා කරන්නේ ඉතිරි වටයන්හිදී සතුරාට පහර දීමට වැඩි උත්සාහයක් නොගෙන සතුරා මහන්සි කරවා තමන් ගුටි නොකා සටනේ ඉතිරි කාලය ගෙවා දැමීමයි. හැකියාවක් ලැබුනොත් පමණක් නොකවුට් වෙන්නම පහරක් දීමයි. නියමිත කාලය ගෙවුනු පසු සමස්ත සටනින් තමන් ඉබේම ජය ගන්නා බව දන්නා බැවින් තමන්ගේ ශක්තිය ඉතිරි කර ගැනීමට සටන් කරුවන් පෙලැඹේ. මෛත්‍රී ඒ පාඩමවත් ඉගෙන ගෙන තිබී නැත. නැතිනම් දින සියයේ කාලය ගෙවී ගිය පසුවත් සතුරාට අවස්ථා දෙමින් මාස 2 ක් කල් මරමින් 20 වෙනි සංශෝධනයකට ශක්තිය නාස්ති කර ගන්නේ නැත. අවසානයේ ගෙනා විස්සකුත් නැත. ලැබූ ජයග්‍රහණයකුත් නැත. ජනතාව නමැති විනිසුරුවන් විසින් ලබා දී තිබූ දින සීයේ කාලය තම වාසියට භාවිතා කෙළේද නැත. සිදුකරගත්තේ සතුරාට ශක්තිමත් වීමට අවස්ථා නිර්මාණය කර දීම පමණි. නොකවුට් වෙන්න ගහන්නට අවස්ථා ලැබුනද නොකවුට් කෙළේද නැත. ඒ වෙනුවට කෙළේ රත්තරන් සිරිලිය ගෙන් ප්‍රශ්න කිරීමට කතානායක නිවසේ පහසුකම් සලසා දීම වැනි ජනතාවගෙන් තමන් නොකවුට් කරගන්නා වැඩ ය.
දැන් අප මේ ලිපියේ මුලින්ම කී කාරණාවට පැමිණෙමු. මේ වන විට මෛත්‍රීපාල සිරිසේන තමන් බලයට පත්කළ බලවේගයන්ට පොරොන්දු වූ පරිදි විධායක ජනාධිපති ක්‍රමය අහෝසි නොකිරීමත්, එහි කකුලෙන් ඇදීමත්, දින සියය සම්පූර්ණ වූ පසුව පොරොන්දු වූ පරිදි පාර්ලිමේන්තුව විසිරුවන්නේ නැතිව කාල් ගෑමත්, රාජපක්ෂ පරාජිතයන්ට නොකවුට් වෙන්නට නොගැසීමත්, ආදී දහසකුත් හේතු නිසා මෛත්‍රී බලයට පත් කළ බලවේග ඔහු පිලිබඳව කලකිරීමකට පත්ව සිටිති.
ජනතාව පරාජය කරන ලද සතුරා සමග කෝලිත්තං කරමින් හොරුන්ට නාම යෝජනා දෙනවාද නොදෙනවාද යන්න ගැන ස්ථිර ප්‍රතිපත්තියක් නොමැති කම නිසාම අද වන විට තව දුරටත් ඔහු බලයට ගෙනා බලවේග වල කළකිරීමට එහා ගිය වෛරයකටද පාත්‍රවෙමින් සිටී.
දැනටමත් දෙකඩ කැඩී ඇති ශ්‍රිලනිපය නිල වශයෙන්ම කැඩී යන්නේ මේ නාමයෝජනා සෙල්ලමෙනි. මෛත්‍රී රාජපක්ෂවරුන්ට නාමයෝජනා දුන්නොත් ජනවාරි 8 දා මෛත්‍රී දිනැවූ බලවේග වලට මෛත්‍රී යනු කාරා කෙළ ගසන කැහි පිඩක් වනවා ඇත. මෛත්‍රී රාජපක්ෂවරුන්ට නාමයෝජනා නොදුන්නොත් ඔවුන් වෙනම කන්ඩායමක් සේ තරඟ කරමින් මෛත්‍රීට අභියෝගයක් වනවා ඇත. මෛත්‍රී මග හිටියත් නසීය. ගෙදර ගියත් නසීය. මේ අවසනාවන්ත තත්ත්වයට මෛත්‍රී පත් වූයේ ඉහත කී ලෙස තමා විසින්ම ය.
රාජපක්ෂ රෙජීමය පරාජය කළ අවංක ජනතා බලවේගයන්ට මේ දෙකෙන් කොයිකත් එකය. මන්ද යත් ඔවුන් ජනවාරි 8 දා පරාජය කෙළේ මහින්ද රාජපක්ෂ පමණක් නොව මෛත්‍රී රාජිත දුමින්ද දිසානායක ගුණවර්ධන ආදී කිහිප දෙනෙක් පමනක් හැරි අනෙකුත් සියල්ලෝම සහිත ශ්‍රීලනිපය ප්‍රමුඛ එජනිසය නිසාය. ජනවාරි 8 ජය ගත් ජනතා බලවේගයට මහින්ද රාජපක්ෂ පමණක් නොව නාමල්ද හොරෙකි. සුසිල්ද හොරෙකි. අනුර යාපා ද හොරෙකි. නිමල් සිරිපාලද හොරෙකි. එස්බීද හොරෙකි. ඩිලාන්ද හොරෙකි. මෛත්‍රී මහින්ද රාජපක්ෂ හැර ඔය කොයි එකාට නාම යෝජනා දුන්නත් මෛත්‍රී තවදුරටත් ඔහු බලයට ගෙන ආ ජනවාරි 8 බලවේග වල අපේක්ෂා සන්තර්පනය නොකරයි. ඔහු තමන්ගේ පක්ෂය සුද්ද කරගත්තේ නැති අතර අද නායකත්වය දෙන්නේ ඒ හොරුන්ටමය. අඩුම ගණනේ සම්මේලනයකින් නව ප්‍රතිපත්තියක් සම්මත කරවා හොරුන් සුදනන් ලෙස වෙස් ගැන්වූයේ හෝ නැත.
එබැවින් මේ ලිපියේ ප්‍රථමෙන්ම කී කාරණය වන ජනවාරි 8 දා ජයගත් දේශපාලන දහරාවට තම ප්‍රතිවිරුද්ධ බලවේගය බෙදී වෙන්වුවත් වාසිය. සමගි වුවත් වාසිය. රාජපක්ෂලා බලයේ සිටි කාලය පුරාම විපක්ෂයේ පක්ෂ කඩා බිඳ දැමුවාට අද පව් පඩිසන් දෙමින් තිබේ. ජනතාව කළ යුත්තේ ජනවාරි 8 න් පසු අර්ධ වශයෙන් ජයගත් ජයග්‍රහණ පරිසමාප්ති ජයග්‍රහනයක් දක්වා ගෙන යෑමය. ඒ සඳහා විශ්වාසය පළුදු කළ විධායකය නොව පාර්ලිමේන්තුව ශක්තිමත් කළ යුතුය.
-විමල් ධීරසේකර විසිනි-
---------------------------
by (2015-06-30 23:09:59)
Leave a Reply
wimal,do you want hankercheif???hiiii...hiii..
-- by waruni on 2015-07-01
very good.
thought provoking analysis.
-- by Lanka on 2015-07-01
ඔක්කොම හොරු ? එහෙනම් මේ හොරු එක ඩීල් එකෙන් පැරැද්දුව මහ බැංකු හොරුන් ව ද බලයට ගේන්න කියන්නෙ මේ විමල් නැමැති විහිලු කාරයා ? hi hee
-- by chamal on 2015-07-03
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි