~

බෑඩ්-දන්දෙනිය ටොන්..! = බැඩ්මින්ටන්..!!

(ලංකා ඊ නිව්ස් -2015.ජුනි.11, ප.ව.11.10) පසුගිය ඉරිදා(07) කොළඹ සුගතදාස ක්‍රීඩාංගනයේ අවසන් වූ සන්රයිස් යෝනෙක්ස් ජාත්‍යන්තර බැඩ්මින්ටන් තරගාවලියෙන් බැඩ්මින්ටන් සංගම් සභාපති සුරාජ් දන්දෙනිය හතර වරම් ගැහිල්ලක් ගසා ඇති බව වාර්තා වේ.

මෙයට පෙර පසුගිය වසරේද මෙම තරගාවලිය පැවති අතර අද දක්වා එම තරගාවලිය පිළිබඳවද එකදු සවිස්තරාත්මක විගණන වාර්තාවක් ලබා දී නොමැති සුරාජ් මෙවරද තරගාවලිය පැවැත්වූ ආකාරය පිළිබඳව දැඩි ආන්දෝලනයකට ලක්ව තිබේ.

මෙවර තරගාවලිය සඳහා රටවල් 23 කින් ක්‍රීඩකයන් 200 කට අධික පිරිසක් සමග දේශීය ක්‍රීඩකයන් රැසක්ද සහභාගී වූහ. තරගාවලියට සහභාගී වූ විදෙස් ක්‍රීඩකයන් ඒ සඳහා සියලු වියදම් ඔවුන් විසින්ම දරනු ලබයි. අනුග්‍රාහක යෝනෙක්ස් සමාගම තරගාවලියට අවශ්‍ය ශටල් හා ත්‍යාග මුදල් ලෙස ඇමරිකානු ඩොලර් 15,000ක් ලබා දී ඇත. මීට අමතරව ආසියානු බැඩ්මින්ටන් සංගමය ඩොලර් 8000 ක් ලබා දී ඇති අතර දේශීය සමාගම් කිහිපයක්ද අනුග්‍රහය දක්වා තිබේ.

එසේ තිබියදී ක්‍රීඩා ඇමතිවරයා රවටා මොහු තවත් රුපියල් ලක්ෂ 33 ක් ක්‍රීඩා අමාත්‍යංශයෙන් ලබා ගෙන තිබේ. තරග අවසානයේ ත්‍යාග ප්‍රදානයටද ගෙන්වා ඇත්තේ ක්‍රීඩා ඇමැතිවරයාය. ක්‍රීඩා ඇමතිවරයාට මොහු බලපෑම් කර ඇත්තේ කලක් ලෝක කුසලාන ක්‍රිකට් කාර්යාලයේද එකට වැඩ කල හා දැනට බැඩ්මින්ටන් සංගමයේ උප භාණ්ඩාගාරික ලෙස කටයුතු කරන රුවන් ගාල්ලගේ හරහාය.

ගාල්ලගේ යනු රවී කරුණානායක ඇමතිවරයා සමග සමීපව කටයුතු කරමින් නව රජය යටතේ මර්චන්ට් බැංකුවේ සභාපති ධුරයට පත් වූ අයෙකි.

2011 ශ්‍රී ලංකාවේ පැවැති ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී එහි ශ්‍රී ලංකා තරග අධ්‍යක්ෂකවරයා ලෙස සුරාජ් දන්දෙනිය කටයුතු කරද්දී එහි මුල්‍ය කටයුතු භාරව කටයුතු කලේ රුවන් ගාල්ලගේය.

ක්‍රීඩා පිටි ඉදිකිරීමේදී ඇස්තමේන්තු ප්‍රමාණය ඉක්මවා විශාල ලෙස වියදම් කල බවට මොවුන්ට විරුද්ධව චෝදනා එල්ල වී තිබිණ. අදටත් එසේ වියදම් කල රුපියල් බිලියන් 2 ක් වරාය අධිකාරියටද මිලියන් 500 ක් රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවටද ගෙවිය යුතුව තිබේ.

ඒ සුරියවැව , පල්ලෙකැලේ හා ඛෙත්තාරාම ක්‍රීඩා පිටි ඉදි කිරීම් වෙනුවෙනි. එම ලෝක කුසලාන සමයේ ප්‍රවේශ පත් අනිසි ලෙස මුද්‍රණය කල බවටද චෝදනා එල්ල වූ අතර ඒ පිලිබඳ දත්ත ඇතුලත් පරිඝනක වල හාඩ් ඩිස්ක් හෙවත් දෘඪ තැටි අතුරුදන් විය.

මෙවර යෝනෙක්ස් ජාත්‍යන්තර බැඩ්මින්ටන් තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට ඒ සඳහා පුහුණුවට අවස්ථාවක් දී තිබුනේ තරගාවලියට දින දෙකකට පෙරය. පුහුණුව සඳහා තරගාවලියට යොදා ගන්නා ෂටල ලබා දී ඇත්තේ දෙදෙනෙකුට තුන බැගිනි. තරගාවලියට යෝනෙක්ස් සමාගමෙන් එවන ලද විශේෂිත ෂටල රුපියල් 3500 ගන්නේ එහිදීම විකුණා ඇති බව ඒවා මිලදී ගත් ක්‍රීඩකයෝම පවසති.

තරගාවලිය සඳහා යොදා ගන්නා ලද තීරක වරු හා විනිශ්චයකරුවන්ට කිසිදු දීමනාවක් ගෙවා නොමැති අතර ඒ වෙනුවට අවසන් දිනයේ ග්රෑන්ඩ් ඔරියන්ටල් හෝටලයේ සාදයක් පවත්වා හොඳට බොන්න දී ඇත.

මෙම හෝටලයේම සමහරුන්ට පමණක් නවාතැන් ලබා දී ඇති අතර එහි ප්‍රමුඛතාව ලබා දී ඇත්තේ එළඹෙන බැඩ්මින්ටන් නිලවරනයෙදී සුරාජ්ට හිතවත් නිලධාරීන්ටය.

මේ වන විට නැවත වරක් තරග වැදීමට සුරාජ් ක්‍රීඩා ඇමති අනුමැතිය ලබා ගෙන ඇතත් විගණන වාර්තා නිසි පරිදි ලබා නොදීම නිසා සිව් වතාවක්ම නිලවරණය නොපවත්වා කල් තැබිණ. මේ මස 30 දිනට පෙර එය නොපැවැත්වුවහොත් ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමයට ජාත්‍යන්තර තහනමක් පනවන බවට ජාත්‍යන්තර බැඩ්මින්ටන් සංගමය පසුගියදා අනතුරු අඟවා ඇත.

නිලුක කරුණාරත්න වැනි ජාත්‍යන්තර තලයට පිවිසි ක්‍රීඩකයන්ටද අභූත චෝදනා එල්ල කරමින් ඔවුන්ගේ මානසිකත්වය දුර්වල කරන සුරාජ් බැඩ්මින්ටන් සංගමය තුල ගෙන යන ඒකාධිපති පාලනය ගැන මාධ්‍ය වල පවා තොරතුරු පල නොවන්නේ බොහෝ බැඩ්මින්ටන් ආවරණය කරන ක්‍රීඩා මාධ්‍යවේදීන්ට සන්තෝසම් ලබා දෙන නිසා බව වාර්තා වේ.

මේ අතර අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් බැඩ්මින්ටන් සංගමයේ අක්‍රමිකතා ගැන සොයා බලන ලෙස ක්‍රීඩා ඇමතිවරයාට උපදෙස් දුන් බවද දැනගන්නට ඇත.

---------------------------
by     (2015-06-12 00:11:49)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  4 discussion on this news

Suraj dandeniya yanu loka horek. Denata Aurudu 20-25 kata pera Amerikawe Los Angeles wala Rosemead city eke taxi driver kenek ekale ema taxi associasion eke bhandagarika (treasure) wela indala assosiation eke mudal $80,000 horakam karala penalagiya . Ekale hitiye Rosemead Buddhist assosiation kiyana pansale. Iita passe noyek takkadikan karala mohuge njati D.S. Silva margayen Criket walata ringala Lankawe tibba World cup eke kale koti ganan horakam kala. Eka ratama dannaya. Me wage loka horu ekka wedakoloth Yahapalaneta Abasaranai. Chandana
-- by Chandana on 2015-06-12

This guy made money during mara time becoming closer shiranthi. Spread rumours he is relative to Mara. His relative told me they what relationship he has got with mara family
-- by Ajith Perera on 2015-06-12

You may want to think about another Dandeniya who headed the Cricket Board some time ago. he is Dandeniyage Somachandra de silva (D s de silva who played for Sri Lanka some time ago.
-- by Shanthi . on 2015-06-12

I appeal Hon. Sportminister to make through enquary about Suraja Dandeniya. His robaries as a Taxi Driver in LA, then during the world cup, in badmington assosiation and so on. I am assure that he is a born rober. Please be careful from Suraj. Chandana
-- by Chandana on 2015-06-12

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links