~

විශාඛා විදුහල්පතිනිය, මනුෂ්‍යත්වය සහ මේ ගසේ බොහෝ පැණි දොඩම් තිබේ

(ලංකා ඊ නිව්ස් -2015.අප්‍රේල්.26, ප.ව. 8.30) ප්‍රශංසා ලක්මිණි  විශාඛා විදුහලේ සිසුවියකි. ඇය පාසලට  පැමිණියේ රෝද පුටුවකිනි. 2015 පළමු පාසල් වාරය ඇයට අහිමි විය. ඊට හේතුව ඉහළ මහලක පැවති  පන්තියක් ඇයට ලබා දීමයි. ඇයට රෝද පුටුවෙන් යා හැකි පන්තියක්  ලබා දෙන ලෙස කළ ඉල්ලීම් විදුහල්පතිනිය ප්‍රතික්ෂේප කළාය. ඒ නිසා ඇගේ දෙමාපියන් මානව හිමකම් කොමිසමට පැමිණිළි කළේය. ඒ සඳහා ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝෂප් ස්ටාලින් උපාකාර කළේය. 

ප්‍රශංසා නිල්මිණි  දියණියට අවශ්‍ය පහසුකම් ලබා දෙන බවට විශාඛා විදුහල්පතිනිය මානව හිමිකම් කොමිසම ඉදිරියේ පොරොන්දු වී ඇත. ඒ 2015 අප්‍රේල් 21 වැනිදාය. ඊට පෙර මෙම දියණිය කෙරෙහි සානුකම්පිත වීමට විදුහල්පතිනිය නො පෙළඹුනේ  ඇයි? 

හොරණ පැත්තේ දියණියක පොල් ගෙඩි කීපයක් සොරකම් කළාය. ඒ ඇගේ පාසලට මුදල් ගෙවීම සඳහාය. පොල් හිමිකරු පොලීසියට පැමිණිලි කළේය. පොලිස් නිලධාරීහු ඒ දියණියව  අත්අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත් කළහ. විනිසුරු ද ඇයට අනුකම්පා නො කළේය. ඒ සිදුවීම ගැන රට ම කතා කළේය.

ඊට පසු මීගමු පාරේ ටිපර් රථයකට යට වූ මවගේ හිස කඳින් වෙන් විය. ඇගේ දියණිය මවගේ හිස දෑතට ගෙන උදව් ඉල්ලා කෑ ගැසූවාය. බලා සිටි කිසිවෙක් ඇයට උපකාර කිරීමට ඉදිරිපත් නො වූවාය. ඔවුන් වීඩියෝ කරමින් සිටියාය. ඒ  දියණිය කියන කතාව ලෝකය ම දුටුවේය. ඉන්පසු මෙවැනි ම සිදුවීම් කොපමණ සිදු වී ද?
 
මෙම සිදුවීම් සියල්ල ම කියා පාන්නේ අප ජීවත් වන සමාජයේ මනුෂ්‍යත්වය නාය යමින් පවතින සැටි නො වේ ද? එසේ වූයේ ඇයි? බොහෝ දෙනකු විශ්වාස කරන්නේ දේශපාලන ක්‍රමයේ වරද නිසා මෙසේ මනුෂ්‍යත්වය පිරිහෙන බවයි. වෙනත් වචනවලින් පවසනවා නම් ප්‍රජාතන්ත්‍රවාදයේ පරිහානිය නිසා මෙසේ සිදු වන බවයි. එය අර්ධ සත්‍යයකි.

මනුෂ්‍යත්වයේ පරිහානියට සැබෑ හේතුව අධ්‍යාපන ක්‍රමයේ වරදයි. නිවැරදි අධ්‍යාපන ක්‍රමයක් ක්‍රියාත්මක නො කිරීම දේශපාලන ක්‍රමයේ වරදයි. මනුෂ්‍යත්වයේ පරිහානියට පවතින අධ්‍යාපන ක්‍රමය බලපාන්නේ කෙසේ ද? අධ්‍යාපන ක්‍රමයේ වරද තිබෙන්නේ කොතැන ද?

මිනිස් පැටියා උපතින්, අනෙක් සතුනට වඩා වෙනස්ය. එක අතකින් උසස්ය. අනෙක් අතින් දුර්වලය. බුද්ධි ශක්තියෙන් උසස්ය.  ශරීර ශක්තියෙන් දුර්වලය. අසරණය. සෑහෙන කාලයක් ගත වන තුරු තනිව ම කිසිවක් කර ගැනීමට  නො හැකිය. 

මෙකී දුර්වලකම නිසා පළමුව මවගේ උපකාර ඇතිව ඇගෙන් කිරි උරා බීමට ඉගෙන ගනී. මිනිස් පැටියා හඬන කොට ඔහුගේ සියලු අවශ්‍යතා  ඉටු කර දීමට මව සහ අනෙක් සමීපතමයන් වෙහෙස වී කටයුතු කරයි. මේ අයුරින් මිනිස් පැටියා ක්‍රමයෙන් මව සහ අනෙක් සමීපතමයන් වහල් කර ගැනීමට පෙළඹෙයි. අනෙක් මිනිසුන් තමාගේ ප්‍රයෝජනය පිණිස තිබෙන උපකරණ සේ දකින්නට පෙළඹෙයි. මෙම තත්ත්වය වෙනස් නො කළ හොත් මිනිස් පැටියා ආත්මාර්ථකාමී මිනිසකු බවට පත් වේ.

මෙම තත්ත්වය වෙනස් කොට මිනිස් පැටියා සැබෑ මනුෂ්‍යයකු බවට පත් කරන මාර්ගය අධ්‍යාපනයයි. ‘ක්‍රියාවෙන් අවබෝධය‘ යනු  අධ්‍යාපනය මූර්තිමත් කැරෙන ආදර්ශ පාඨයයි. සෞන්දර්යය කලා විෂයයන් අරබයා ‘ආනන්දයෙන් ප්‍රඥාවට‘ යනුවෙන් දැක්වෙන්නේ ද එය මැයි.

එහෙත් හැත්තෑවේ දශකයේ සිට බහුජාතික සමාගම් ආර්ථික ලාභය උදෙසා අධ්‍යාපනය මෙහෙයවීමට පටන් ගත්තේය. එතැන් සිට ‘ලාභය සඳහා තරගය‘ අධ්‍යාපනයේ අප්‍රකාශිත ආදර්ශ පාඨය බවට පත් කැරිණි. 

මතු දැක්වෙන පබැඳුම් දෙස බලන්න. පළමු පබැඳුම හැත්තෑවේ දශකයට පෙර විසූ සැබෑ ගුරුවරයකු විසින් ලියන ලදී. දෙවැන්න 2010 දී ගුරුවරයකු විසින් ලියන ලද්දකි. මේ පබැඳුම් දෙක ම ළමුන් සඳහාය.

මේ ගසේ බෝහෝ පැණිදොඩම් තිබේ
පැහිල ඉදිල බිමට නැමිල බර වෙලා අතූ
නංගිටයි මටයි ගෙඩි දෙකක් ඇතී
වැඩිය කඩන නරක ළමයි හෙම නො වේ අපී.

පැලයක් සිටුවා
ඵලයක් නෙළුවා
මිල කර විකුණා
සතුටක් ලැබුවා.

පළමු පබැඳුම පරාර්ථය පෝෂණය කරයි. මනුෂ්‍යත්වය පෝෂණය කරයි. දෙවැන්න ආත්මාර්ථය පෝෂණය කරයි. මෙසේ වත්මන් අධ්‍යාපන ක්‍රමය මගින් මනුෂ්‍යත්වය මකා දමමින් සිටියි. වෙනත් වචනවලින් පවසනවා නම් බහුජාතික සමාගම් ආර්ථික ලාභය උදෙසා වත්මන් අධ්‍යාපන ක්‍රමය මගින් අප ජීවත් වන සමාජයේ මනුෂ්‍යත්වය නසමින් සිටියි. විශාඛා විදුහල්පතිනිය මෙකී අධ්‍යාපන ක්‍රමයේ ම ඵලයක් පමණි. 

රෝද පුටුවෙන් පැමිණෙන දියණිය ද අනාගතයේ මෙම අධ්‍යාපන ක්‍රමයේ ම ඵලයක් නො වන බවට සහතිකයක් දිය හැකි ද?  ඒ සඳහා ‘ක්‍රියාවෙන් අවබෝධය‘ ලද හැකි විකල්ප අධ්‍යාපන ක්‍රමයක් අවශ්‍යය.  ‘ආනන්දයෙන් ප්‍රඥාව ‘ලද හැකි විකල්ප අධ්‍යාපන ක්‍රමයක් අවශ්‍යය. ඒ සඳහා බහුජාතික සමාගම්වල බලපෑමෙන් අධ්‍යාපනය නිදහස් කර ගත යුතුය. රටේ ම දරුවන් අමනුෂ්‍යයන් වීම වැලැක්වීමට වෙනත් විකල්පයක් නැත.

විදුහල්පතිනිය- සඳමාලි අවිරුප්පල
දියණියගේ පියා -ඩබ්ලිව් අමිත සුදර්ශන සහ මව -චමිලා සුභාෂිනී මුණසිංහ

ටී.එම්.ප්‍රේමවර්ධන විසිනි [email protected]

---------------------------
by     (2015-04-26 19:42:30)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  2 discussion on this news

Dear Premawardane, The education system belongs to our socio-economic system (the under developed capitalist system) and you can't change our education system alone. Every institution within a socio-economic system must serve the existing socio-economic system. Therefore, if you want a real, long lasting positive change in our peoples' thinking towards humanity, firstly, our 'profit based' socio-economic system must be replaced by a 'humanity based' socio-economic system. Only then we will be able to effectively change our education system to prioritise humanity within its all activities.
-- by Damian Alahakoon on 2015-04-27

Ammapa mahaththayo oya gollo apita notherena apabbransa kochchara katha korath , oya amanussini ara ahinsaka deriyata korapu deta okige pukshiya hath kadakata blast korandamai mata hithenne. Ehema naththan sansaragaye yedenda purudu wena kollo tikakata bara denda one.
-- by Mal deniye simion on 2015-04-28

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links