~

වත්මන් මහ බැංකු අධිපතිටත් යහපාලන හැන්දෙන් සමානව බෙදයි: අල්ලස් කොමිසම පැය 6 ක් ප්‍රශ්න කරයි

(ලංකා ඊ නිව්ස් -2015.අප්‍රේල්.16, ප.ව.11.20) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතාගෙන් අද පැය 6ක් ප්‍රශ්න කරමින් කට උත්තරයක් ලබා ගැනීම යහපාලන ආණ්ඩුවේ විනිවිද භාවයත් නීතිය සැමට සමානව ක්‍රියා කරන බව පෙන්වීමක් යැයි දේශපාලන නිරීක්ෂකයෝ කියති.

කොමිෂන් සභාවට කැඳවූ මහ බැංකු අධිපතිවරයාගෙන් අද පෙරවරු 9.30 සිට පස්වරු 3.30 දක්වා ප්‍රශ්න කරන ලදී. ඔහු මහ බැංකු අධිපති ලෙස පත් කිරීමෙන් පසු භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීමේදී සිය බෑණනුවන්ට වාසි වන අන්දමින් ක්‍රියා කෙළේ යැයි ඔහුට එරෙහිව චෝදනා එල්ල විය.  මේ සම්බන්ධයෙන් අගමැතිවරයා විසින් පත්කරන ලද ත්‍රිපුද්ගල කමිටුවක් මගින්ද පරීක්ෂනයක් පවත්වනු ලබන අතර එහි වාර්තාවක් තවමත් නිකුත් වී නැත. එම පරීක්ෂන පැවැත්වෙන තුරු ඔහු මහ බැංකු අධිපති ධූරයෙන් නිවාඩු ලබා ගෙන තිබේ. අල්ලස් හෝ දූෂණ කොමිසම විසින්ද අද ප්‍රශ්න කරනු ලැබුවේ එම චෝදනාව ගැනමය. 

හෙජින් සූදුව වැනි ගණුදෙනුවලින් රුපියල් බිලියන ගණනින් පාඩු කරමින් සහ පිරමිඩ් සූදු වංචාවේ යෙදෙමින් පසුගිය ආණ්ඩු කාලයේ මහ බැංකු අධිපතිවරයා ලෙස ක්‍රියා කළ අජිත් නිවාඩ් කබ්රාල්ට එරෙහිව එකළ තිබූ රාජපක්ෂ රෙජීමය කිසිදු කලෙක මෙවැනි විමර්ශනයක් සිදුකර නැත. 

මේ අතර අර්ජුන් මහේන්ද්‍රන් මහතා සිංගප්පූරු පුරවැසියකු ලෙස හිඳිමින් ශ්‍රී ලංකාවේ මහ බැංකු අධිපතිවරයා ලෙස කටයුතු කරමින් බැඳුම්කර වංචාවක් සිදු කර ඇති බවත් එය සිංගප්පූරු නීතියට අනුව බරපතල වරදක් බැවින් ඔහුට එරෙහිව සිංගප්පූරු ආගමන විගමන දෙපාර්තමේන්තුවට පැමිණිලි කිරීමට කටයුතු කරන බව දූෂන විරෝධී හඬ පවසයි.

---------------------------
by     (2015-04-16 23:35:27)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  1 discussion on this news

rubbish. lets wait and see. Dont jump the gun please
-- by Dilip De Alwis on 2015-04-18

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links