(ලංකා ඊ නිව්ස් -2015.අප්‍රේල්.03, ප.ව.3.20) දිවි නැගුම දෙපාර්තමේන්තුවේ සිදුවී ඇති රුපියල් මිලියන 6500 කට අධික මුදල් වංචාවකට අදාළව අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියම වී සිටින හිටපු ආර්ථීක සංවර්ධන ඇමති බැසිල් රාජපක්ෂව චෝදනාවලින් ගලවා ගැනීම පිණිස පුළුල් කාර්යභාරයකට සිරස රූපවාහිනිය හා ගුවන් විදුලි නාලිකාව අයිති කැපිටල් මහරාජා ආයතනයේ සභාපති ආර්. රාජා මහේන්ද්‍රන් නමැති එස්ලෝන් පයිප්ප වෙළෙන්දා උරදී සිටින බව ලංකා ඊ නිවුස් අභ්‍යන්තර තොරතුරු සේවයට වාර්තා වේ.
රාජා මහේන්ද්‍රන් මෙම ක්‍රියාදාමයට අත ගසා ඇත්තේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපති විසින් කරන ලද ඉල්ලීමකට අනුව බව ද වාර්තාවේ.
මේ අනුව මහරාජාගේ කොළඹ මහාධිකරණයේ නීතිඥවරයා යැයි කියාගත් යූ. ආර්. ද සිල්වාට මුදල් ගෙවා බැසිල් රාජපක්ෂට එරෙහිව නිකුත් කර ඇති වරෙන්තුව ආපසු කැඳවා ඉවත් කර ගැනීමට උත්සාහ කරන ලදී.
මහරාජාගේ කොළඹ ඉඩම් මංකොල්ලයේදී ඔහු වෙනුවෙන් පෙනී සිටි යූ. ආර්. ද සිල්වා නැමැති මෙම නීතිඥවරයා යොදා ගනිමින් ඔහුට පුළුල් මාධ්‍ය ප්‍රචාරයක් ලබාදෙමින් බැසිල් රාජපක්ෂ නමැති චෞර රාජයෙක් වෙනුවෙන් අධිකරණයට ඉදිරිපත්ව බැසිල්ට එරෙහි වරෙන්තුව ආපසු කැඳවන ලෙස ඉල්ලා සිටියද අධිකරණය ඊට ඉඩ නොදුන්නේ ය.
දක්ෂ නීතිඥයෙකු නොවුණ ද යූ. ආර්. ද සිල්වා නැමැති මෙම නීතිඥවරයා අධිකරණ කාර්ය මණ්ඩලයට අල්ලස් ලබා දී ඕනෑම දහජරා වැඩක් පහසුවෙන් කරගැනීමට දක්ෂ එමෙන්ම අධිකරණයේ නඩුවල වැදගත් ලිපිගොනු ඉස්සීමට නමක් දරා සිටින අයෙකි. යූ. ආර්. ද සිල්වා මෙම කාර්යයට සුදුසුම නීතිඥයා බවට සිරස රූපාවාහිනිය හා ගුවන් විදුලි නාලිකාව අයිති කැපිටල් මහරාජා ආයතනයේ සභාපති ආර්. රාජා මහේන්ද්‍රන් නමැති එස්ලෝන් පයිප්ප වෙළෙන්දා මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපති හමුවේ පෙන්වා දෙමින් තමාගේ වියදමින් ඔහුව ඒ සඳහා පත් කරන බවත් දැනුම් දී තිබේ.
මෙහිදී මහින්ද රාජපක්ෂ සිරස නාලිකාවේ අයිතිකාර කැපිටල් මහරාජා ආර්. රාජා මහේන්ද්‍රන්ට පෙන්වා දී ඇත්තේ තමා බලයේ සිටියදී සිටි ජනාධිපති නීතිඥවරුන් කිසිවෙකුත් අද තමාගේ බලය අහිමිවීමෙන් පසු තමා වෙනුවෙන් ඉදිරිපත් නොවන නිසා තමාට නීතිඥ සහාය ලබාගැනීමට උදව් කරන්නේ නම් පසුව ඒවාට කළගුණ සලකන බවය.
---------------------------
by (2015-04-03 10:08:54)
Leave a Reply
If MaRa says that he will "look after them later" what does he mean by that?
Is he still greedy for the top post of the country or "black money"?
-- by Nandalal - France on 2015-04-03
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි