~

ලාල්කාන්ත රිලවුන් පසුපස පන්නමින් වැඩ අරඹයි.!

(ලංකා ඊ නිව්ස් -2024.නොවැ.20, ප.ව.11.20) පොල්, පළතුරු ඇතුළු ප්‍රධාන ආහාර බෝගවලට ඉතා විශාල හානියක් සිදුකරන රිලවුන් හා අනෙකුත් සත්ත්ව හානි පාලනයට ගත හැකි තිරසාර ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අද (20) විශේෂ සාකච්ඡාවක්  කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත ගේ ප්‍රධානත්වයෙන් එම අමාත්‍යාංශයේදී පවත්වා තිබේ.

එහිදී, බහුවිධ ක්‍රමෝපායන් යොදාගෙන හානිකර සත්ත්ව ගහන ව්‍යාප්තිය පාලනයට හා බෝගවලට සිදුවන හානි වැළැක්වීම වෙනුවෙන් කටයුතු කිරීම සඳහා විශේෂ ඒකකයක් ද එම අමාත්‍යංශයේ පිහිටුවන ලදි.

මේ සඳහා ක්ෂණිකව ක්‍රියාත්මක කළ හැකි වැඩපිළිවෙළක් අනුව කටයුතු කිරීමට ද සැලැසුම් සකස් කර ඇත.

මෙම සාකච්ඡාව සඳහා කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, ගොවි කටයුතු පර්යේෂණ ආයතනය, ශ්‍රී ලංකා යුද හමුදාව, සිවිල් ආරක්ෂක බළකාය ඇතුළු ආයතන 15ක් පමණ සහභාගී විය.

---------------------------
by     (2024-11-20 20:57:47)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links