~

පාස්කු ප්‍රහාරය ගැන ආණ්ඩුව හදිසියේ නින්දෙන් අවදිවෙයි..! නිලන්ත ජයවර්ධන අනිවාර්ය නිවාඩු..! ජුන්ඩාලේප බන්දුගේ ඉරණම 24 තීන්දුයි..!

(ලංකා ඊ නිව්ස් -2024.ජුලි.18, ප.ව. 11.20) ජනාධිපතිවරණය ලං වෙද්දී කිතුණු ජනතාවගේ විරෝධය අඩු කර ගැනීම සඳහා ආණ්ඩුව පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අවදි වී තිබේ. ඒ අනුව පාස්කු ඉරු දින ප්‍රහාරය සම්බන්ධයෙන් චෝදනා ලබා අධිකරණයෙන් දඩ නියම කෙරුණු රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සහ නියෝජ්‍ය පොලිස්පති ( පරිපාලන) නිලන්ත ජයවර්ධන සම්බන්ධයෙන් ආරම්භ කර ඇති විනය පරීක්ෂණ අවසන් වන තෙක් ජාතික පොලිස් කොමිෂන් සභාව ඔහු අනිවාර්ය නිවාඩු යවා තිබේ.

පාස්කු ඉරු දින ප්‍රහාරය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව අනුව නිලන්ත ජයවර්ධනට එරෙහිව ජාතික පොලිස් කොමිෂන් සභාව පසුගිය 1 වැනිදා විනය පරීක්ෂණයක් ආරම්භ කළේය.

ජාතික පොලිස් කොමිෂන් සභාව අද (18) රැස්වී මෙම තීරණය ගත් බවත් ජයවර්ධන දැනට රාජකාරී කරන හෙයින් විනය පරීක්ෂණය සඳහා සාක්ෂි ලබාදීමට පැමිණෙන සාක්ෂිකරුවන්ට බලපෑමක් ඇතිවීමෙන් විනය පරීක්ෂණයට අගතියක් විය හැකි හෙයින් මෙම පියවර ගත් බවත් ජාතික පොලිස් කොමිෂන් සභාව මාධ්‍යයට පවසා තිබේ.

පුද්ගලයෙකුට එරෙහිව විනය පරීක්ෂණයක් කැඳවද්දීම ඔහු සේවයෙන් ඉවත් කොට විනය පරීක්ෂණය පැවැත්විය යුතු බව පොලිස් කොමිසමට මතක් වී තිබෙන්නේ පරීක්ෂන ආරම්භ වී දින 18 ක් ගිය පසුව ය.

ජුන්ඩාලේප බන්දුගේ ඉරණම 24 දින තීන්දුයි..

මේ අතර පොලිස්පති ජුන්ඩාලේප බන්දු පොලිස්පති ධූරයේ කටයුතු කිරීම වළකාලන අතුරුනියෝගයන් නිකුත් කරනවාද නැද්ද යන්න පිළිබඳ තීන්දුව මෙම මස 24 වැනි දින ප්‍රකාශයට පත් කරන බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී තිබේ.

ශ්‍රේෂ්ඨාධිකරණය මෙසේ දැනුම් දුන්නේ ජුන්ඩාලේප බන්දු පොලිස්පති ධුරයට පත් කිරීමට එරෙහිව ගොනු කොට තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලීමෙන් පසුවය.

මෙම පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන යසන්ත කෝදාගොඩ මහින්ද සමයවර්ධන සහ අචල වෙන්ගප්පුලි  යන මහත්වරුන්ගෙන් සමන්විත  ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලීණි.

පුරා දින හයකට අධික කාලයක් මෙම පෙත්සම් සම්බන්ධයෙන් කරුණු සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය අද (18) රාත්‍රී නමයට පෙත්සම සම්බන්ධ කරුණු සලකා බැලීම අවසන් කෙරිණ .

විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් පියතුමා ඇතුළු පිරිසක් විසින් ගොනුකොට ඇති මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් වල වගඋත්තරකරුවන් වශයෙන් ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකයන් ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති.

නඩුව විභාග වෙද්දී ජුන්ඩාලේප බන්දු කැම්පේන් කරලා

නඩුව විභාග වෙද්දී විනිසුරුවරුන්ට මඩ ගසමින් ජුන්ඩාලේප බන්දු නිදහස් කර ගැනීමේ ව්‍යාපාරයක් ආරම්භ වී තිබිණ.

ජුන්ඩාලේප බන්දුගේ පත්වීමට එරෙහිව පැවරූ අයිතිවාසිකම් නඩුවලදී ඔහු වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥවරයා කරන කරුණු දැක්වීම්වලින් කොටස් ගෙන ජඩ මාධ්‍ය වල පල කිරීම ඉන් කොටසකි.

මෙම නඩුව කැඳවූ අවස්ථාවන් හිදී අධිකරණයට නොපැමිණි මාධ්‍යවේදීන්ට තොරතුරු ලබා දී ඒවා ඔවුන් ලවා පලකරවාගෙන ඇති අතර එම තොරතුරු නොමග යවන සුලු බව පසුගිය දා මුද්‍රිත මාධ්‍යයන්හි පළ වූ  වාර්තාවලින් පෙණින.

දේශබන්දු⁣ට එරෙහිව දින කිහිපයක් තිස්සේ පෙත්සම්කාර පාර්ශ්වය නියෝජනය කළ නීතිඥවරුගේ කරුණු දැක්වීම් ගැන පල නොකල මාධ්‍ය දේශබන්දු⁣ගේ නීතිඥවරයාගේ කරුණු දැක්වීම පමණක් පලකරවාගෙන තිබේ.

සාමාන්‍යයෙන් උසාවි වාර්තා නොකරන, පොලිස් පමණක් වාර්තා කරන ඩේලිමිරර් පුවත්පතේ ජනමාධ්‍යවේදියකු මෙම කරුණු දැක්වීම පමණක් වාර්තා කිරීමට දේශබන්දු⁣ගේ ඉල්ලීම මත අධිකරණයට පැමිණ ඇත.

ජනාධිපති නීතිඥවරයාගේ කරුණු දැක්වීම අසත්‍ය හා නොමග යවන සුළු විය.

---------------------------
by     (2024-07-18 19:48:49)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links